ණය ගෙවා ගත නොහැකි කාන්තාවන්ගෙන් 'ලිංගික අල්ලස් ඉල්ලලා'

මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වයං රැකියා වෙනුවෙන් ණය ලබා දෙන ලීසිං ආයතන ඇතුළු මයික්‍රෝ ක්‍රෙඩිට් ආයතනවල නිලධාරීන් ණය ගෙවා ගත නොහැකි කාන්තාවන්ට ලිංගික හිරිහැර කරන බවට චෝදනා ලැබී තිබෙන බව රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව පවසයි.

සිය මාසික රැස්වීමේදී කාන්තා සංවිධාන මේ ප්‍රශ්ණය ඉදිරිපත් කළ බව, එකමුතුවේ සභාපති වී කමලදාස් පැවසීය."මේ නිලධාරීන් සමහර අවස්ථාවල රාත්‍රී දහය තරම් පමා වී නිවෙස්වලට පැමිණෙන බව ප්‍රකාශ වී තිබෙනවා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.පවතින වාතාවරණය හේතුවෙන් ණය ලබා ගත කාන්තාවන් රාත්‍රී කාලයේ නිවසේ රැඳී සිටීමට බිය වී සිටින බවද ඔහු සඳහන් කළේය.යුද්ධය අවසාන වීමෙන් අනතුරුව රාජ්‍ය හා පෞද්ගලික මූල්‍ය ආයතන තිහකට වැඩි ප්‍රමාණයක් ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවද ඔහු කියා සිටියේය.

රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව එල්ල කරන චෝදනාව පිළිබඳව මහ බැංකුවට දැනුම් දී තිබෙන අතර වැඩිදුර විස්තර හෙළි කිරීම සඳහා සතියක කාලයක් අවශ්‍ය බවත්, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පීඑම්එස් චාර්ල්ස් සංදේශය කළ විමසීමක දී කියා සිටියාය.

සාමවිනිසුරු මාසික සාර සංග්‍රහයේ ඔක්තෝබර් කලාපය එළි දකී

සාමවිනිසුරු මාසික සාර සංග්‍රහයේ 2013 ඔක්තෝබර් කලාපය නිකුත් විය. මෙය විහග ප්‍රකාශනයකි. ශ්‍රී ලංකාවේ සාමදාන විනිශ්චයකාරවරුන් සදහා නිකුත් කෙරෙන, ඔව්න් ගේ නිල විෂය ක්ෂේත්‍රයට අදාළ ලිපිවලින් සාමවිනිසුරු මාසික සාර සංග්‍රහය සංගෘහිත ය.

මෙම සාර සංග්‍රහය දීප ව්‍යාප්ත, එහි පාඨක සාමාජිකයින් වෙත තැපැල් මගින් යැවේ. මේ වූ කලි සමාජ සුබසාධන කාර්යයකි. සාමවිනිසුරු මාසික සාර සංග්‍රහයේ කර්තෘ, ප්‍රවීණ ලේඛක ජයන්ත කුමාරසිරි මහතා ය. මෙම සාර සංග්‍රහයේ සාමාජිකත්වය ලබාගත හැක්කේ සාමදාන විනිශ්චයකාරවරුන්ට පමණි.

කිසිදු වෙළද දැන්වීමකින් තොර ව හුදෙක් සාමවිනිසුරුවරුන් ගේ නිල විෂය ප්‍රවීණත්වය උදෙසා ම වූ, ශ්‍රී ලංකාවේ සාමවිනිසුරුවරුන් සදහා නිකුත් කෙරෙන එක ම පත්‍රය, ඔබ නිල විෂය දැනුමෙන් හා සමාන්තර දැනුමෙන් පෝෂණය කරමින් දැයට බුද්ධිමත් සාමවිනිසුරුවරුන් දායාද කිරීම උදෙසා කැප වූ, ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සාමවිනිසුරුවරුන් ගේ පෙරගමන්කරුවෙකි.

Skype ඇමතුම ඔස්සේ සජීවීව පෙන්න බිරිඳ ගෙල වැලලාගනී

මඩකලපුව මාවඩිවෙම්බු ප‍්‍රදේශයේ කාන්තාවක් කටාර්හි රැකියාවක නිරතව සිටින තම සැමියා සමග ස්කයිප් ඇමතුමකදී ඇතිවූ මතභේදයක් නිසා ඔහුට සජීවීව පෙනෙන්නට සලස්වා ගෙල වැලලාගෙන තිබේ. 

ස්කයිප් ඇමතුම ඔසුසේ ඇතිවූ මතභේදය දුරදිග යාමෙන් ‘හිටපන් මම බෙල්ලේ වැල දාගෙන මැරෙනවා’ යැයි පවසා පරිඝණකයේ කැමරාව තමන් දෙසට හරවා ඇති බිරිඳ සැමියාට පෙනෙන්නම නිවස තුළම ගෙල වැලලාගෙන මිය ගොස් ඇත.

මඩකලපුව මාවඩිවෙම්බු නාවුකරස විදියේ පදිංචි කි‍්‍රෂ්ණපිල්ලේ නිර්මලා (25) නැමති එක් දරු මවක් මෙසේ මිය ගොස් ඇති අතර ඇය ගෙල වැලලා ගැනීමට තැත් කළ අයුරු පරිගණකය හරහා දුටු සැමියා මේ බව අවට නිවාස වල පදිංචි සිය ඥාතීන්ට දැනුම් දී ඇති අතර ඔවුන් මෙම නිවසට පැමිණෙන විටත් ඇය මිය ගොස් සිට ඇත.

බිල් ගේට්ස් ට මයික්‍රොසොෆ්ට් සභාපති ධූරයෙන් වත් වෙන්නැයි කියයි

බිල් ගේට්ස් යනු මීට වසර 38කට පෙර ඔහු විසින් ස්ථාපනය කළ මයික්‍රොසොෆ්ට් සමාගම තරමටම ප්‍රසිද්ධ චරිතයකි. 

මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 277ක් වටිනා මෙම සමාගමේ 4.5%ක් හිමි බිල් ගේට්ස්, මයික්‍රොසොෆ්ට් හි විශාලතම තනි කොටස්හිමිකරුවා වේ. 

කෙසේ වෙතත්, ඔහුව මයික්‍රොසොෆ්ට් සභාපති ධූරයෙන් ඉවත් කළ යුතු බව එම සමාගමේ ප්‍රධාන අයෝජකයන් 20 දෙනාගෙන් තිදෙනෙකු යෝජනා කර ඇතැයි රොයිටර් පුවත් සේවයේ දැක්වේ.
මේ එවැනි යෝජනාවක් පිළිබඳව වාර්තා වන පළමු වතාවයි.  මයික්‍රොසොෆ්ට් සභාපති ලෙස ගේට්ස් ගේ භූමිකාව මගින් නව උපායන් එක්කරගැනීමට හා නව වෙනස්කම් ඇති කිරීමට ප්‍රධාන විධායක නිලධාරියාට ඇති බලය සීමා වන බව ඔවුන් පවසා ඇතැයි රොයිටර් පුවත් සේවයේ වැඩිදුරටත් දැක්වේ.

මැරෙන දිනය හරියටම කිව හැකි විද්‍යාත්මක ක්‍රමයක්‌


කෙනකු ස්‌වභාවිකව මැරෙන දිනය හරියටම කිව හැකි විද්‍යාත්මක ක්‍රමයක්‌ බ්‍රිතාන්‍යයේ ලැන්කැස්‌ටර් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇනිටා ස්‌ටෙෆනොවස්‌කා සහ මහාචාර්ය පීටර් මැක්‌ලින්ටොක්‌ යන දෙදෙනා විසින් සොයා ගනු ලැබ තිබෙනවා.


මෙය Medical Test එකක්‌. දියවැඩියාව ගැන හෙළි කරන රුධිර සීනි පරීක්‍ෂණයක්‌ හෝ පිළිකාවක්‌ හඳුනා ගැනීමට උපකාරී වන ඇටමිඳුළු පරීක්‍ෂණයක්‌ හා සමාන වන මෙය කිසියම් පුද්ගලයකු හරියටම මියයන දිනය කිව හැකි ලොව පළමුවන විද්‍යාත්මක පරීක්‍ෂණය ලෙස ඉතිහාසයට එක්‌වනවා.

මේ පරීක්‍ෂණයට යොදා ගත්තේ අත් ඔරලෝසුවක්‌ වැනි උපකරණයක්‌. සම මත ඇති endothelial සෛලවල ස්‌වභාවය හඳුනා ගැනීමටත් ඒ සෛල වියපත්වන කාලය කවරක්‌ද යන්න කීමටත් මේ උපකරණයට පුළුවන්. ඒ අනුව කෙනකු වැහැරී ස්‌වාභාවිකවම මිය යන කාලය හෝ දිනය හරියටම කීමට මෙම උපකරණයට හැකි වනවා. මනුෂ්‍ය ශරීරයේ තිබෙන කේෂ නාලිකා තුළ එන්ඩොෆොලියල් නමැති සෛල විශේෂය තිබෙනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්‍ෂිකාව

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය මීළඟ ජනාධිපතිවරණයේ අපේක්‍ෂිකාව ලෙස ඉදිරිපත් කිරීමට එම පක්‍ෂ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

මින් පෙර වාර්තා වු පරිදි ඇය බස්නාහිර මහ ඇමති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් නොකොට ජනාධිපතිවරණ අපේක්‍ෂිකාව ලෙස ඉදිරිපත් කෙරෙනු ඇතැයිද පැවසේ.

 මේ අතර ෆොන්සේකා මහත්මිය විපක්ෂයේ පොදු අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් කිරීම වෙනුවෙන් සහයෝගය දක්වන ලෙස එම පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.

ඇමරිකානු රජය වසා දැමේ

අද දිනයෙන් ආරම්භ වන නව ඇමරිකානු මුදල් වර්ෂය සඳහා වූ අය වැය එරට කොංග‍්‍රස් සභාවේ අනුමත නොවූ නිසා ඇමරිකානු රජයේ ෆෙඩරල් සේවා වසා දමා තිබේ.

මෙය සිදුව ඇත්තේ 17 වසරකට පසුව වන අතර මින් පෙර බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාගේ කාලයේ දින 21ක් රජය වසා දමා තිබිණි.
මෙවර අයවැය පරාජය කිරීමට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ඔබාමා විසින් ගෙන ආ නව සෞඛ්‍ය පනතට (ඔබාමාකෙයා) සෙනෙට් සභිකයන්ගේ විරෝධය පල වීමයි. මෙම නව තත්වය මත ඇමරිකානු රාජ්‍ය සේවකයන් අට ලක්‍ෂයක් පමණ පඩි රහිත නිවාඩු යැවෙන අතර මෙම තත්වය නැවත අය වැය සම්මත කර ගන්නා තෙක් බල පැවැත්වෙනු ඇත.

මනීෂා කොයිරාල පිලිකාවෙන් සුවය ලබලා

මනීෂා කොයිරාල ගැන කවුරු කවුරුත් වැඩිපුර කතා කරන්න පටන්ගත්තා පහුගිය කාලේ. ඒ ඇය රඟපාපු අලූත් ෆිල්ම් එකක් නිසා එහෙම නෙවෙයි.

ඇය පිළිකා රෝගයකින් පීඩා විඳපු බව මේ වෙනකොට හැමෝම දන්නවා.

දැන් මනීෂාගේ වයස අවුරුදු 43 යි. මේ අවුරුද්දේ මැයි මාසෙ ඉඳන් තමයි ඇයගේ පිළිකා රෝගයට වැඩිපුර ප‍්‍රතිකාර කරන්න පටන්ගත්තේ.

අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කිරීම සහ ඇයගේ ජීවිතයේ විවිධ කාලවලදී සිදුවූ මානසික බිඳවැටීම් ඇගේ රෝගයට මූලිකවම බලපෑවා කියලයි වෛද්‍යවරු නම් කියන්නේ.

Gossip Lanka Hot News Previous News Archive