කාන්තා ව්‍යවසායකයන්ට ඇප-පොලී නැතිව ණය - Loan for women entrepreneurs

බැංකු ණය ලබාදෙන වයස් සීමාව අවු. 68 දක්වා දික් කැරේ
ලක් ඉතිහාසයේ පළමු වතාවට පොලී හා ඇප රහිතව සියලුම කාන්තා ව්‍යවසායිකාවන්ට රුපියල් ලක්ෂ දෙකහමාරක ණය මුදලක් කඩිනමින් ලබා දෙන්නැයි මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා බැංකු බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉකුත්දා සිය නව වැනි (9) වැනි අය වැය වාර්තාව ඉදිරිපත් කරමින් කළ මේ යෝජනාව කඩිනමින් ක්‍රියාවට නංවන්නැයි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවටත්, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවටත් තමා උපදෙස් ලබා දුන් බවද ලේකම්වරයා  ප්‍රකාශ කෙළේය. ලබන වසරේ ජනවාරි මස 01 වැනිදා සිට රට පුරා පිහිටි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ඕනෑම ශාඛාවකින් මේ ණය මුදල ලබාගැනීමට කාන්තා ව්‍යවසායිකාවන්ට පහසුකම් සලසන්නැයි ද තමා උපදෙස් ලබා දුන් බව ද ලේකම්වරයා කීය.

ඉදිරි දෙවසර (2014 – 15) කාන්තා ව්‍යවසාය සංවර්ධනය කරන කාලපරිච්ඡේදයක් සේ සලකා දිරිමත් කාන්තා ව්‍යවසායිකාවන් ළඟටම ගොස් මේ ණය මුදල් ප්‍රදානය කිරීමට බැංකු නිලධාරීහු කටයුතු කරනු ඇතැයි ද ලේකම්වරයා බලාපොරොත්තු පළකෙළේය.

තවත් අයවැය හතරකින් ආණ්ඩුව පරාදයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මාතර ප‍්‍රාදේශීය සභාවේ අයවැය අද දෙවන වරටත් පරාජයට පත් වී තිබෙනවා. ඊට පක්ෂව ඡන්ද 7ක් ලැබෙද්දී, විරුද්ධව ඡන්ද 10ක් ලැබුණා. ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 5 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළා. මේ අතර මැදවච්චිය ප‍්‍රාදේශීය සභාවේ අයවැය දෙවනි වරටත් අද පරාජය වුණා. ඊට පක්ෂව ඡන්ද 2ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 6ක්. ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ද විපක්ෂව ඡන්දය ලබාදුන්නා.

මීට සුළු වේලාවකට පෙර කැස්බෑව නගර සභාවේ අයවැය ද දෙවනවරටත් පරාජයට පත්වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි කැස්බෑව නගර සභාවේ විපක්ෂ මන්ත‍්‍රීවරුන් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ද අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළා. 

බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ අයවැය ද මීට සුළු වේලාවකට පෙර පරාජයට පත්වුණා.

ළාබාලම තොරතුරු තක්ෂණ උපාධිධාරිනිය වශින්‍යා

කොළඹ ජාත්‍යන්තර පාසලේ මහනුවර ශාඛාවේ නවවන වසරේ අධ්‍යාපනය ලබන එකොළොස් හැවිරිදි වශින්‍යා ප්‍රේමානන්ද් සිසුවිය තොරතුරු තක්ෂණය පිළිබඳ ලොව ළාබාලතම උපාධිධාරිනිය බවට පත්වෙමින් තොරතුරු තාක්ෂණය පිළිබඳ බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සහතික ලත් උපාධිය (BCS IT DEGREE ) සමත්වී ඇත.

වයස අවුරුදු 8 දී අ.පො.ස සා.පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයට පෙනී සිට ඒ සාමාර්ථයක් ලබාගෙන ඇති ඇය මෙරට ළාබාලතම වෙබ් සැලැසුම් ශිල්පිනියද වෙයි.මෙයට අමතරව වයස අවුරුදු 08 දී වශින්‍යා ජාත්‍යන්තර පරිගණක ක්‍රියාකරු (Inter National Computer driving License) බලපත්‍රයද දිනා ගෙන ඇත.

වෙබ් ඉංජිනේරු ඩිප්ලෝමාව, තොරතුරු තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර ඩිප්ලෝමාව, ඇතුළු ඩිප්ලෝමාවන් කිහිපයක්ම වයස අවුරුදු 10 ඉක්මවන්නට පෙර ඇය සමත්ව තිබේ. වයස අවුරුදු 09 දී ඇය වෙබ් අඩවියක් තනිව නිර්මාණය කැර ලොව අඩුම වයසින් වෙබ් අඩවියක් නිර්මාණය කළ පුද්ගල ලැයිස්තුවේ දෙවන තැන දිනා ගත්තාය.ප්‍රේමානන්ද නඩරාජ් හා ලක්ෂි ප්‍රේමානන්ද් ශක්තිවෙල් දෙපළගේ එකම දියණිය වන ඇය මහනුවර I See q අධ්‍යාපන ආයතනයෙන් හා B caf පරිගණක ආයතනයෙන් තොරතුරු තාක්ෂණ උපාධියට පෙනීසිට ඇත.

අද සිට හැමෝටම පාර්ලිමේන්තු යන්න අවස්ථාව

මහජනයාට පාර්ලිමේන්තුව නැරමීම සඳහා මෙතෙක් ක‍්‍රියාත්මක වූ පෙර දැනුම් දීමක් කර ලබා ගත් අවසරයකින් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවීම සඳහා වූ ක‍්‍රමවේදය අද සිට අහෝසි කරන බව කතා නායක චමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව ඕනෑම අයෙකුට පෙර අවසරයකින් තොව පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අවස්තාව හිමිවෙයි.

කෙසේ වෙතත් පුද්ගලික වාහන පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු කිරීමට අවස්ථාව නොලැබෙන අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ සිට ජයන්තිපුර රථ ගාල දක්වා නොමිලයේ යොදවන බස් සේවයක් ක‍්‍රියාක්මකය.

2013 සරාගීම ආසියානු කාන්තාව Katrina Kaif

2013 වසරේ සරාගීම ආසියානු කාන්තාව ලෙස බොලිවුඩ් රංගන ශිලිපිනි කත්රිනා කයිෆ් නම් කර තිබෙනවා. 
පසුගිය වසර 6ක් තුළ ම කත්රිනා මෙම ලැයිස්තුවේ පළමු තිදෙනා අතර සිටීම ද විශේෂත්වයක්. 

ප‍්‍රියංකා චොප්රා මෙහි දෙවන ස්ථානයට පත් ව සිටින අතර ද්‍රෂ්ති දාමි සහ දීපිකා පදුකෝන් පිළිවෙළින් තෙවන සහ සිව්වන ස්ථානයන්ට පත් ව සිටිනවා. බොලිවුඩ් නිළි ශ්‍රී දේවී සහ මධුරි ඩික්සිත් මෙම ලැයිස්තුවේ සිටින වයස්ගතම කාන්තාවන් දෙදෙනාය. 

ශ්‍රී දේවී එහි 40 වන ස්ථානයේ පසු වන අතර මධුරි ඩික්සිත් 23 වස ස්ථානයේ පසු වෙනවා. 

 එක්සත් රාජධානිය මූලස්ථානය කර ගත් ඊස්ටන් අයි නිව්ස්පේපර් (Eastern Eye Newspaper) ආයතනය විසින් ලෝක ප්‍රසිද්ධ සරාගීම ආසියානු කාන්තාවන් 50 දෙනාගේ ලැයිස්තුව වාර්ෂිකව නිකුත් කරනු ලබනවා.

12 හැවිරිදි දරුවකු අපයෝජනය කළ ගුරුවරිය

12 හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනය කළායැයි පාසල් ගුරුවරියකට අවුරුදු 38 ක සිර දඩුවම් දීමට ඇමරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්ත උසාවිය නියෝග කළේය. 31 හැවිරිදි එතිල් ඇන්ඩර්සන් නැමැති භාෂා කලා ගුරුවරියක් වන ඇය 6 හැවිරිදි දරුවකුගේ මවකි. 

එපමණක් නොව ඇය වසරේ හොඳම ගුරුවරිය ලෙස සම්මානද ලබා සිටියාය. ඇය මෙලෙස සිදු කර ඇත්තේ අමතර පන්ති සඳහා දරුවා තම නිවසට ගෙන්වා ගනිමිනි. 

දරුවාගේ වෙනසක් හා ඔහු ගුරුවරිය සමග ඇති කිට්ටු සබඳතාව ගැන සැක සිතූ ඔහුගේ මව ඔවුන් කතා කරන දෑ හොර රහසේ තැටිගත කලාය. 

පසුව ඇය පොලිසියට පැමිණිලි කර එතිල් වාචිකව පැවසූ දේත් උසාවියට ඉදිරිපත් කළේය. තමා ඇගේ පෙම්වතා බවත් ඇයට ආදරේ කරන බවත් ඇය කළ දේවල් මෙසේයැයිද 12 හැවිරිදි දරුවා උසාවියේදී පැවසා සිටියා. 

රට බේරා ගැනීමේ මෙහෙයුම ඉදිරියට - සරත් ෆොන්සේකා

උතුමාණන්ගෙන් රට බේරා ගැනීමේ දෙවැනි මෙහෙයුම ආරම්ක කල බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි. 

ගම්පහ ප‍්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මෙසේද කීය. ‘අපි දෑත් ශක්තිමත් කරන්න එතැන ඉන්නේ නැතිව උතුමාණන්ගෙන් රට බේරා ගැනීමේ දෙවැනි මෙහෙයුම ආරම්භ කළා.දැන් අපිට උතුමාණන්ගෙන් රට බේරා ගැනීමේ දෙවැනි මෙහෙයුම ඉදිරියට ගෙන යන්න හැකි වී තියෙනවා. පනස් දහසක, හැට දහසක ජනතාවක් ඔවුන්ගේ ශක්තිය අපට දීල තියෙනවා. 

ඒ රට ගැන හිතා බඩගෝස්තරවාදී දේශපාලනයට අවනත නොවෙමිනුයි. වයඹ මැතිවරණයේදී අපි මැතිවරණයට සූදානම් වෙනකොට අපට ශබ්ද විකාශන යන්ත‍්‍ර පාවිච්චි කරන්නවත් ඉඩ දුන්නේ නැහැ.කෙතරම් බාධක ආවත් ජනතාව වෙනුවෙන් කෙසේ හෝ අපේ යුතුකම ඉෂ්ට කරන්නට අපි කටයුතු කළ බව කියන්න කැමතියි.

ආයේත් කොහොම හරි නැගිටින්න උත්සාහ කරනවා - Ruwan Hettiarachchi

ජනපි‍්‍රය ගායක රුවන් හෙට්ටිආරච්චි මීට මාස 5කට විතර කලින් 
නුගේගොඩ මිරිහාන පාරේ Studio එකක් ආරම්භ කළානේ. 
පහුගිය අඟහරුවාදා ඒකට හොරු පැනලා. 
Studio එකේ තිබුණු වටින බඩු සේරම ටික අරන් ගිහින්. 
ඉතුරුවෙලා තියෙන්නේ ඩෙස් පුටු ටික විතරයිලූ. 

මේ නිසා රුවන් ආරම්භ කරපු Studio එකේ වැඩ වගේම ක්ලාස්වල වැඩත් නතර කරන්න වෙලා.
එහෙම බැලූවාම මේ සිද්ධ වෙලා තියෙන්නේ ලක්ෂ ගානක පාඩුවක්. පහුගිය සඳුදා රුවන්ගෙ Wife ෂෙරිල් Saloon එකක් විවෘත කළානෙ.
ඊට පහුවදා තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඉතින් මේ ගැන වැඩි විස්තර දැන ගන්න අද අපි රුවන්ට කථා කළා. 

‘‘රුවන් ඔයාට ලොකු කරදරයක් වුණා කියලා අපිට ආරංචි වුණා...’’ ‘‘ ඔව් එකපාරටම දුක හිතෙන දෙයක්.’’ මේ ෆීල්ඞ් එකට එන්නත් මට සෑහෙන්න කට්ටක් කන්න වුණානේ....එහෙම ඇවිත් අමාරුවෙන් ගොඩනගා ගත්ත දෙයක් මේක. ? නිදි මරාගෙන Show වලට ගිහින් එකතු කරපු සල්ලිවලින් කරපු දෙයක්. කවුද කළේ කියලා සැක කරන්න මට අමරුයි. මොකද හැමෝම හිනා වෙලා ඉන්නේ. 

මේ බඩු අවශ්‍යම කෙනෙක් තමයි කරලා තියෙන්නේ. මං නම් හිතන්නේ හොරෙක් නෙමෙයි. මොකද බිත්ති වගේම ඩෙස් වලත් මට අපහාස කරලා, බැනලා එක එක ඒවා ලියලා තියෙනවා. මං ඉතින් මට සාධාරණයක් වෙනකම් බලාගෙන ඉන්නවා. 

Gossip Lanka Hot News Previous News Archive