බැංකු ණය ලබාදෙන වයස් සීමාව අවු. 68 දක්වා දික් කැරේ
ලක් ඉතිහාසයේ පළමු වතාවට පොලී හා ඇප රහිතව සියලුම කාන්තා ව්‍යවසායිකාවන්ට රුපියල් ලක්ෂ දෙකහමාරක ණය මුදලක් කඩිනමින් ලබා දෙන්නැයි මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා බැංකු බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉකුත්දා සිය නව වැනි (9) වැනි අය වැය වාර්තාව ඉදිරිපත් කරමින් කළ මේ යෝජනාව කඩිනමින් ක්‍රියාවට නංවන්නැයි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවටත්, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවටත් තමා උපදෙස් ලබා දුන් බවද ලේකම්වරයා ප්‍රකාශ කෙළේය. ලබන වසරේ ජනවාරි මස 01 වැනිදා සිට රට පුරා පිහිටි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ඕනෑම ශාඛාවකින් මේ ණය මුදල ලබාගැනීමට කාන්තා ව්‍යවසායිකාවන්ට පහසුකම් සලසන්නැයි ද තමා උපදෙස් ලබා දුන් බව ද ලේකම්වරයා කීය.
ඉදිරි දෙවසර (2014 – 15) කාන්තා ව්‍යවසාය සංවර්ධනය කරන කාලපරිච්ඡේදයක් සේ සලකා දිරිමත් කාන්තා ව්‍යවසායිකාවන් ළඟටම ගොස් මේ ණය මුදල් ප්රදානය කිරීමට බැංකු නිලධාරීහු කටයුතු කරනු ඇතැයි ද ලේකම්වරයා බලාපොරොත්තු පළකෙළේය.