මැති - ඇමති ක්‍රිකට් තරඟයේ ජය මන්ත්‍රී පිලට - Ministers lose to MPs!

මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිගේ ඇමති පිල පරදා මන්ත්‍රී රවී කරුණානායකගේ මන්ත්‍රී පිල දෙවැනිවරටත් පැවැති කතානායක චමල් රාජපක්ෂ අභියෝගතා කුසලානය දිනා ගැනීමට ඊයේ (15) සමත් විය.

ඇමති කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු කඩුලු 7ක් දැවී ලකුණු 198ක් රැස් කළ අතර මන්ත්‍රී කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී එම ලකුණු ගණන රැස් කළහ.

කොළඹ ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරඟයේදී ආරම්භක පිතිකරුවන් ලෙස විමල් විරවංශ හා ඩලස් අලහප්පෙරුම ඇමතිවරුන් පිටියට පිවිසියේය.පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් එක් කණ්ඩායමකටද, අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු අනෙක් කණ්ඩායමට ක‍්‍රීඩා කළ මෙම තරඟයේදී ඇමති පිලට නායකත්වය දෙනු ලැබුවේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසිනි.

ඓතිහාසික මුහුදු මහා විහාරය බේරා දෙන්න - විහාරාධිපති හිමියෝ ඉල්ලති

                  බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන අන්දමට, විහාර මහා දේවිය ගොඩබට ස්ථානය සේ සලකන, නැගෙනහිර පළාතේ, පොතුවිල් හි මුහුද ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික මුහුදු මහා විහාරය, පුරාවිද්යාහත්මක නටබුන් වලින් ගහන බොදු පින්බිමකි. 
වැල්ලෙන් යටවී ඇති භූමියෙන්ද වරින් වර පුරාවස්තු මතුවන මෙම ස්ථානය නිසි පරිදි කැණීම් සිදුකර නොමැති නමුත්, දැනට පවතින පුරාවිද්යාසත්මක නෂ්ඨාවශේෂ වලින් මෙහි ඉතිහාසය ක්රිත.පූ. 2වැනි සියවස දක්වා දිවයන බව පුරාවිදුදරයන්ගේ මතයයි. 

1951 වසරේ ජනවාරි 26දා ගැසට් පත්රවයෙන් මෙම ස්ථානය පුරාවිද්යාර රක්ෂිත භූමියක් වශයෙන් ප්රඅකාශයට පත්කර තිබිණි. අක්කර 72ක්, රූඩ් 3ක් හා පර්චර්ස් 13ක් එදා මේ රක්ෂිතයට අයත් විය. අතීතයේ අක්කර 264කට හිමිකම් කියූ මුහුදු මහා විහාර භූමිය, 1965 මැයි 28දා මෙම භූමිය පුරාවිද්යාඅ රක්ෂිතයක් ලෙසට නැවත ප්රුකාශයට පත්කරද්දී එය අක්කර 30යි, රූඩ් 3යි පර්චස් 13 කට සීමා වී තිබිණි. එම අක්කර 30ක ප්රකමාණය, 1980දී අක්කර 20ක් ලෙසද, 1990දී අක්කර 15ක් ලෙසද, 2005 වසර වනවිට අක්කර 7ක් ලෙසටද තවදුරටත් සීමාවීම ඛේදජනක තත්වයකි.

බෝල්ට්වත් පරදන රොබෝ හැදූ සමාගම ගූගල් ගනී - Google buys maker of robot faster than Usain Bolt

සුප්‍රකට ගූගල් සමාගම විසින් තවත් රොබෝ නිෂ්පාදන සමාගමක් මිලට ගෙන ඇතැයි වාර්තා වේ.

මේ, පසුගිය සයමාසය තුළදී ගූගල් විසින් මිලට ගත් අටවැනි රොබෝ නිෂ්පාදන සමාගමයි.මෙලෙස ගූගල් විසින් මිලට ගෙන ඇති අළුත්ම රොබෝ නිෂ්පාදන සමාගම වන්නේ බොස්ටන් ඩයිනැමික්ස් නම් සමාගමයි.

ඇමෙරිකානු හමුදාව වෙනුවෙන් රොබෝ නිෂ්පාදන නිර්මාණය කරන මෙම සමාගම මිලට ගත් මුදල හෙළිදරවු කර නොමැත.ලොව වේගවත්ම මිනිසා වන යුසේන් බෝල්ට් ට වඩා වේගවත් චීටා නම් රොබෝ නිෂ්පාදයක් පිළිබඳව පසුගිය කාලයේදී වාර්තා වූ අතර, මෙම නිෂ්පාදනය නිර්මාණය කර තිබුනේද මෙම බොස්ටන් ඩයිනැමික්ස් සමාගමයි.

නදීෂයි, අම්මයි දෙන්නම ප්‍රෙග්නට් ! Both Nadeesha and her mother pregnant

ජනප්‍රිය නිළි නදීෂා හේමමාලි හා ඇගේ මව යන දෙදෙනාම ගැබ් ගැනීමේ පුවතක් සම්බන්ධයෙන් වාර්තා වේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.

එක්තරා පුවත් පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ නදීෂා ගෙන් එම සාකච්ඡාව කළ මාධ්‍ය වේදිනිය ''රංගනයේදී වඩාත්ම අපහසුතාවට පත්වුණේ?"කෙසේදැයි විමසා තිබේ.

ඇය ලබාදී ඇත්තේ මෙවැනි පිළිතුරකි.

"ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්ගේ කැරැක්ටර් එකකට මුලින්ම මට රඟපාන්න සිද්ධ වුණා. එතකොට මම ඉස්කෝලෙත් යනවා. මට හරි... ලැජ්ජයි ඒ විදියට ඇවිදින්න. ඒක තමයි අපහසුම රංගනය. එතකොට අපේ අම්මත් ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ. අම්මාව මතක් කරගෙන අම්මාව අනුකරණය කළා."

නාමල්ගේ නයිට් රේස් බද්දෙන් නිදහස්

දෙසැම්බර් මස 15 දින කොළඹ කොටුව ප‍්‍රදේශය ආශ‍්‍රිතව පැවැත්වීමට නියමිත ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂගේ රාත‍්‍රී මෝටර් රථ ධාවන සැණකෙළිය ඒ වෙනුවෙන් කොළඹ මහ නගර සභාවට ගෙවිය යුතු විනෝද බද්දෙන් නිදහස් කර ඇත.

බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංගගේ නියෝගයක් අනුව කොළඹ මහ නගර සභාව මෙම විනෝද බදු නිදහස ලබාදී තිබේ. මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ප‍්‍රකාශ කළේ විනෝද බදු ආඥා පනත යටතේ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාට එවැනි නියෝගයක් ලබාදිය හැකි බවය.

පසුගිය වසරේ පැවති කොළඹ රාත‍්‍රී මෝටර් රථ ධාවන සැණකෙළියද බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග විසින් විනෝද බද්දෙන් නිදහස් කළ අතර කොළඹ පොලිස් ක‍්‍රීඩා පිටිය ආශ‍්‍රිතව ඊට පෙර පැවති කාල්ටන් රගර් සැණකෙළියද ප‍්‍රසන්න රණතුංග ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් විනෝද බද්දෙන් නිදහස් කරන ලදි.

බිරියගේ සහෝදරිය පැහැරගෙන පවුල් කාලා

තම බිරිඳගේ සහෝදරියක වන වයස අවුරුදු 15යි මාස 09 ක් වු දැරියක් මවුපිය භාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් දුෂණය කළ බව කියන 26 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය පවසයි.
පැහැර ගැනීමට ලක්ව ඇත්තේ කල්පිටිය පොලිස් වසමේ නොරොච්චෝල - නාරක්කල්ලිය පදිංචිව සිටි දැරියක් බව අප වාර්තාකරු කියයි. අතවරයට පත්ව ඇති දැරියගේ වැඩිමහල් සහෝදරියක් සමග සැකකරු විවාහ වී සිටී.සැකකරු පසුගිය ඔක්තොම්බර් මාසයේ 23 වැනි දින තම බිරිද සමග ඇයගේ මවුපියන් පදිංචි නිවසට පැමිණි සිටින විට අතවරයට පත්ව ඇති දැරිය සමග ඔහු ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර ගෙන ඇත.පසුව මවුපියන්ට සහ තම බිරිඳට හොර රහසේ සැකකරු දැරියද සමග ඔවුන්ගේ නිවසින් පලා ගොස් තිබේ.
දැරියගේ මව්පියන් විසින් මේ බව කල්පිටිය පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරු සහ දැරිවියව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කාර් රේස්‌වලට කොළඹ පාරවල් කීපයක්‌ වැසෙයි - Roads to be closed for Colombo Night Races

කොළඹ රාත්‍රි මෝටර් රථ ධාවන තරග පැවැත්වෙන අද (14 වැනිදා) සහ හෙට (15 වැනිදා) දිනවලදී කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කර ඇත.

මෙම රථ වාහන සැලැස්‌මට අනුව අදාළ දින දෙකේදී සවස 3.00 සිට මෝටර් රථ තරග අවසන් වනතුරු කොළඹ කොටුව ප්‍රදේශයේ මාර්ග කීපයක්‌ වසා දමනු ලැබේ. ඒ වෙනුවෙන් විකල්ප මාර්ග කීපයක වාහන ධාවනය කිරීමට පහසුකම් සලසා ඇති බව පොලිස්‌ රථ වාහන අංශය කියා සිටියි. විශේෂ රථවාහන සැලැස්‌මට අනුව වසා දමනු ලබන මාර්ග මෙසේය.

ගාලු මුවදොර වටරවුම අසලින් කොටුව දෙසට මාර්ගය, රීගල් වටරවුමෙන් කොටුව දෙසට වූ මාර්ගය, චෛත්‍යය පාර වරාය දොරටුව අසලින් කොටුව දෙසට, ඛාන් ඔරලෝසු කණුව වටරවුමෙන් කොටුව දෙසට මාර්ගය, ජනාධිපති මාවත, බැංකු මාවත හන්දියෙන් පරණ පාර්ලිමේන්තු වටරවුම දෙසට වූ මාර්ගය, ඕල්කට්‌ මාවත, සීනෝර් හන්දියෙන් කොටුව දෙසට (කොටුව දුම්රිය ස්‌ථානය දෙසට) මාර්ගය වසා දමනු ලබයි.

පකිස්ථානයේ සිහින බොඳ කළ සිංහයින් පළමු තැන රැකගනී - Sri Lanka won by 24 runs (Series drawn 1-1)

පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගවල කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමට තිබූ පකිස්ථාන කණ්ඩායමේ සිහිනය බොඳ කරමින් යළිත් එම ස්ථානය රැක ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් විය.

ඒ පකිස්ථානය සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 තරගය ලකුණු 24 කින් ජයග්‍රහණය කිරීමත් සමගිනි.මෙම තරගය ශ්‍රී ලංකාව පරාජය වූයේ නම් 20යි 20 ශ්‍රේණිගත කිරීමේ ලේඛනයේ 4 වන ස්ථානය දක්වා පසු බසිනු ඇති.ඒ අනුව තරග දෙකකින් සමන්විත තරගාවලිය තරග 1 – 1ක් ලෙස අවසන් විය.

ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු පකිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් පෙරේරා සහ ටී.එම්.ඩිල්ෂාන් පිටියට පිවිසියේය.ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.පළමු කඩුල්ල ලෙස ඩිල්ෂාන් ලකුණු 48කට දැවී ගියේය.විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් පෙරේරා 20යි 20 තරගවල සිය තෙවන අර්ධ ශතකය ලබා ගත්තේය.

Gossip Lanka Hot News Previous News Archive