මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිගේ ඇමති පිල පරදා මන්ත්‍රී රවී කරුණානායකගේ මන්ත්‍රී පිල දෙවැනිවරටත් පැවැති කතානායක චමල් රාජපක්ෂ අභියෝගතා කුසලානය දිනා ගැනීමට ඊයේ (15) සමත් විය.
ඇමති කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු කඩුලු 7ක් දැවී ලකුණු 198ක් රැස් කළ අතර මන්ත්‍රී කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී එම ලකුණු ගණන රැස් කළහ.
කොළඹ ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරඟයේදී ආරම්භක පිතිකරුවන් ලෙස විමල් විරවංශ හා ඩලස් අලහප්පෙරුම ඇමතිවරුන් පිටියට පිවිසියේය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක් කණ්ඩායමකටද, අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු අනෙක් කණ්ඩායමට ක්‍රීඩා කළ මෙම තරඟයේදී ඇමති පිලට නායකත්වය දෙනු ලැබුවේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසිනි.
.png)

.jpg)



