තොග වශයෙන් කුඩු ඕනෑ නම් අගමැති කාර්යාලය අමතන්න

තොග වශයෙන් කුඩු අවශ්‍ය නම් අගමැති කාර්යාලය අමතන ලෙස ජ.වි.පෙ බස්නාහිර පළාත් කණ්ඩායම් නායක ලාල් කාන්ත මහතා පවසයි. රත්මලාන ගොවිපලවත්ත හන්දියේදී පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේද කීය.

‘රටේ පිරිහීමට මේ ආණ්ඩුව වගකිව යුතුයි. අද රටේ කුඩු මුදලාලිලාට කුඩු තොග වශයෙන් ගන්න ඕන නම් දුරකතන ඇමතුමක් දෙන්න ඕනේ අගමැති කාර්යාලයට.

පාර්ලිමේන්තුව ගත්තාම ඇමතිවරුන් 105ක් ඉන්නවා. ඔය පාර්ලිමේන්තුවෙන් වැඩි හරියක් ඉන්නේ හොර කල්ලියක්.මේ හොරු දැන් මේ දේශපාලනය රාමුවෙන් පන්නා දමන්න කාලය එළඹිලා තියෙනවා.සන්ධානයේ පක්ෂ නායකයා උදය ගම්මන්පිල මහත්තයා. එයා තමයි ඒ පක්ෂයේ ඉන්න ලොකුම බොරුකාරයා.උපාධිධාරීන්ගේ ප‍්‍රශ්න වෙනුවෙන් හැමදාමත් සටන් කළේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා තමයි උපාධිධාරීන්ට මේ ආණ්ඩුවෙන් රැකියා ලබා දුන්නේ’

ජනාධිපති මන්ද බුද්ධිකයෙක්.. පොලොව ඉම්ඹේ බහිරවයෙක් නිසා

මන්ද බුද්ධික ජනාධිපතිට ආශ්චර්ය යන්න නොතේරෙන බවත්, ජනතාව සොයමින් සිටි විකල්ප බලවේගය තම පක්ෂය බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.මාතර වැලිගම කනන්කේ ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදී ඒ මහතා මෙසේද කීය.

‘මන්ද බුද්ධික පාලකයා ආශ්චර්ය ගැන කතා කළාට මේ රටේ එහෙම ආශ්චර්යක් නෑ. අපේ රටේ පාලකයා දන්නේ නෑ ආශ්චර්ය කියන්නේ මොකක්ද කියලා. අපි ආසියාවේ ආශ්චර්ය වෙන්නේ කොහොමද? වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් දෙදාහයි. මෝඩ පාලකයන්ට මේක තේරෙන්නේ නෑ. අපිට නම් හිතෙන්නේ මේ රටේ පාලකයා තව අවුරුදු 5ක් හිටියොත් ආසියාවේ අපාය වෙනවා. දැනුත් අපි අපායේ දොරකඩටම ගිහින් ඉන්නේ. යමරජුරුවෙක් ඉන්නවා යම පල්ලන් ඉන්නවා ජනතාව බය කරගෙන.

පහුගිය කාලයේ කටුනායක ගුවන් තොටුපළේදී ගුවන් යානයකින් බැස්ස ගමන් කාපට් එකක් දැක්කා. බිම පෙරළි පෙරළි කාපට් එක ඉම්බා. ඒක දේශපේ‍්‍රමය නෙමෙයි. අපි දන්න විදිහට මහපොළව ඉඹින්නේ බහිරවයෝ. පොළවට කෑදර අය ජනතාවත් හූරන් කන එවුන්.

ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල සංගාට දෙවන ස්ථානය

අන්තර් ජාතික ටෙස්ට් කි‍්‍රකට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන 4ක් ඉදිරියට පැමිණීමට කුමාර් සංගක්කාර සමත්ව සිටිනවා. එ් ශ‍්‍රී ලංකා බංග්ලදේශ ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ මෙතෙක් දැක් වූ සුපිරි දක්ෂතා හේතුවෙන්. එ් අනුව කුමාර් සංගක්කාර මේ වන විට එම ශ්‍රේණිගත කිරීම් සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා. 

බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේදී කුමාර් සංගක්කාර මේ වන විට ඉනිම් තුනකදී රැස්කර ගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 499ක්. ති‍්‍රත්ව ශතකයක් සහ ශතකයක් ද ඊට ඇතුළත්. 

මේ අතර අන්තර් ජාතික ටෙස්ට් කි‍්‍රකට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ දකුණු අප‍්‍රිකානු කී‍්‍රඩක එ්.බී. ඩිවිලියර්ස්. ඇන්ජලෝ මැතිව් සහ මහේල ජයවර්ධන පිළිවෙළින් එම සටහනේ 12 වැනි සහ 13 වැනි ස්ථානවල පසුවනවා.

ගීතා සෙනඟ මැද ජනපතිට කෝල් කර ඇනකොන්ඩා වෙයි [Video]

බෙන්තර ඇල්පිටිය ශ‍්‍රීලනිප සංවිධායිකා ප‍්‍රවීණි රංගන ශිල්පිනී ගීතා කුමාරතුංග මහත්මිය ගාල්ල ඉදුරුව ප‍්‍රදේශයේ ජනතාව විසින් ජල ප්‍රශ්ණයක් සම්බන්ධයෙන් පවත්වන ලද උද්ඝෝෂණයකට පැමිණ මහත් අකරතැබ්බයකට මහුණ පෑවේය. කොළඹ ගාල්ල ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් ඉදුරුව මංසංධියේදී පැවති විරෝධතාව හමුවට ගැමිණි ගීතා ප‍්‍රශ්ණය කෙලිම් ජනාධිපතිතුමන්ට කතා කරන බවකියා ජනාධිපති කාර්යාලයට ඇමතුමක් ගත්තාය.

මේ ජනාධිපතිතුමාගේ නොම්බරේ.. බොරු කියන්න ඕන නෑ මට… ඔයාට ඕනෙ නැති වුණාට මට ඕනනේ.. තමුසෙලාට වතුර ඕන නම් එතුමාට තමයි කියන්න ඕනෙ..

ජනාධිපති කාර්යාලයේ ඕනෑම පුද්ගලයෙකුට ඇමතිය හැකි ස්ථාවර දුරකතනය වෙත ඇමතුම ඈ ගත්තේ ජනාධිපතිතුමන්ගේ ජංගම දුරකතනයට අමතන්නා සේය. එහා කෙලවරින් ඇමතුවේ දුරකතන ක‍්‍රියාකාරිනියකි.

ආ.. මට මිස් අතිගරු ජනාධිපතිතුමාව සම්බන්ධ කරලා දෙන්න… පොඩි වෙලාවකට. වැදගත් කාරණයක් කියන්න.තංගල්ලෙද ඉන්නෙගග හොදමයි.. හොදමයි..

ගීතය තැටිගත කරන ඇසිල්ලෙන් පිටකොටුවේ දාලා කුණු කොල්ලෙට විකුණනවා

මුල් කාලීන සංගීතයේ පිබිදීම පිළිබඳව මුලින්ම කතා කළොත්?

ඇත්තටම මුල්කාලීන සංගීතය කියලා කියන්නේ 60 දශකයේ ආරම්භය. මේ කාලේ ලංකාවේ සංගීතය ප්‍රබලව වර්ධනය වූ වකවානුවක් නොවේ.

එයට විශේෂ හේතුවක් තිබුණාද?

ලංකාවේ ඒ වෙන විට තිබුණේ රජයේ ගුවන්විදුලි නාළිකාව. ඒ හරහා ස්වදේශීය සේවය සහ වෙළෙඳ සේවය ක්‍රියාත්මක වුණා. ස්වදේශීය සේවය තුළින් ලාංකේය සංගීතයට පොඩි ඉඩක් වෙන් වුණා. නමුත් වෙළෙඳ සේවය තුළ ක්‍රියාත්මක වුණේ හින්දි ගීත පමණයි. එහෙමත් නැත්නම් හින්දි ගී තනු කොපිකර නිර්මාණය කළ සිංහල ගීත පමණයි.

මේ තත්ත්වය වෙනස් වුණේ මොන වකවානුව තුළද?
70 - 80 දශකවලදී මෙරට සංගීතයට හොඳ තැනක් ලැබුණා. ගුවන්විදුලි අනුකාරක සභාවට පත්වෙලා ආවා. රිජ්වේ තිලකරත්න මහතා මෙරට සංගීතයට ගුවන්විදුලි මාධ්‍ය තුළින් ඉටුවිය යුතු උපරිමය සිදු කළා.

නිළියො වෙලා අපට වැරැදුණේ නැහැ

පුංචි තිරයට ආපු හැඩකාර, කටකාර කෙල්ල දැන් මවු පදවියට සූදානමින් ඉන්නේ....අක්කගෙම අඩි පාරේ ආපු නංගිත් දැන් අක්කට නොදෙවැනි වෙන්න රංගන කටයුතු වල නිරත වෙනවා. මේ අක්කලා නංගිලාව අපි කතාබහට එකතු කරගත්තේ අලුත් තොරතුරු දැනගන්නත් එක්ක.

වත්සලා කොහොමද ජීවිතේ?
මේ දවස්වල බොහොම සතුටින්, නිදහසේ කාලය ගත කරනවා.

සතුටට හේතුව අලුත් අමුත්තාගේ පැමිණීම වෙන්න ඇති?
ඔව්... ඒ දිනය දැන් හුඟාක් ළඟයිනේ... ඒ ගැන හුඟාක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.

රංගනයට සමු දුන්නට නිවේදන කටයුතුවලට සමුදීලා නෑ වගේ?
නෑනේ... තාම දෙරණෙ මනාලි වැඩසටහන කරනවානේ. ඒත් ළඟදීම ඒ වැඩසටහනිනුත් පොඩි නිවාඩුවක් ගන්නවා.

කවුද එතකොට ඒ අඩුව පුරවන්නේ?
මගේ නංගි බුවිනි. එයත් රංගනයට අමතරව නිවේදන කටයුතුත් කරනවානේ.

මම නිළියක් වුණාට මට හොඳ දේශපාලන පසුබිමක් තිබෙනවා - Anarkalli Aakarsha

"මම තමයි දේශපාලනයට ආපු ලංකාවේ ළාබාලම නිළිය"
අනර්කලී ආකර්ෂා ඉතා ආකර්ෂණීය චරිතයකි; තරුවකි. විටෙක ඇය රංගන ශිල්පිනියකි. විටෙක ඇය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියකි. තවත් විටෙක ඇය දේශපාලනඥවරියකි. මේ දිනවල අනර්කලී ඉතාම කාර්ය බහුල වී ඇත. ඒ ඇය දකුණු පළාත් සභා ඡන්දයේ අපේක්ෂිකාවක වීම නිසාය.

* අනර්කලී කොහොමද මේ දිනවල ඔබේ කාලය ගෙවෙන්නේ?

මේ දිනවල මම වැඩිපුර කාලය ගත කරන්නේ මාතර දිස්ත්‍රික්කයේ. මෙවර දකුණු පළාත් සභා ඡන්දයේදී ඡන්දය ඉල්ලන්නේ මාතර දිස්‍ත්‍රික්කයෙන්. මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලන එකම කාන්තාව මම.

* ඇයි ඔබ මෙවර ගාල්ල දිස්‍ත්‍රික්කය අතහැර මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලන්නේ?

සිසුවියගේ අවමගුල් පෙරහරට විදුහල ඉදිරිපිටින් යාම තහනම් වෙයි


 ‘Facebook’ පිටුවක පළ වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයා එල්ල කළ පරුෂ චෝදනා නිසා සිත්තැවුලට පත් වී ගෙල වැළලා ගෙන මියගිය සිසුවියගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා ඊයේ (07) සවස සුසාන භූමිය වෙත යා යුතුව තිබූ මාර්ගයේ ගමන් නොකරන ලෙසට තහනම් නියෝගයක් පනවා තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ දඹුල්ල පාර,‍තෝර යාය පදිංචි වී සිටි පී.පී.වෙනෝෂා ඉමන්දි දැරියයි. ඇය මෙවර අපොස විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි රූමත් දැරියකි. ඇය සිය ගෙල වැළලා ගන්නට පෙර ෆුල්ස්කැප් පිටු දෙකක් පුරා විදුහල්පතිවරයා විසින් තමන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් එල්ල කළ චෝදනා සඳහන් කර තිබේ.

 ඇ‍ය පදිංචි නිවසේ සිට මල්කඩුවාව පොදු සුසාන භූමිය වෙත යා යුතුව ඇත්තේ ඇය ඉගෙනුම ලැබූ සර් ජොන් කොතලාවල විදුහල ඉදිරිපිටින් ය. එම විදුහල ඉදිරිපිටින් අවමගුල් පෙරහරට ගමන් කිරීමට ඉඩ නොලැබෙන පරිදි තහනම් නියෝගයක් පනවා ඇතැයි වාර්ථා වේ. පාසලේ කිසිම සිසුවෙක්ට නිල ඇඳුමින් මෙම අවමගුලට සහභාගී නොවන ලෙස නියෝග කර තිබේ.

Gossip Lanka Hot News Previous News Archive