පසුගියදා කුරුණෑගල පාසැලක දැරියකගේ සියදිවි නසා ගැනීමේ සිදුවීම පිළිබඳව එම දැරියගේ දෙමාපියන් දැඩි සේ වගකිව යුතු බව වයඹ මහා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය. පඬුවස්නුවර කොස්දෙනිය මහ විදුහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීමේ උත්සවයකට බ්‍රහස්පතින්දා (13) එක් වෙමින් ඒ මහතා මේබව ප්‍රකාශ කළේය. “ළමයි පැසැලේ ඉන්නෙ දවසේ ටික කාලයයි.
වැඩි කාලයක් ඉන්නේ දෙමාපියන් ඇසුරේ. දැරියක් පසුගිය දා සියදිවි නසාගත්තා. ඒ විදුහල්පති බැණ වැදුණ බව කියලා. විදුහල්පති බැණ වැදුන පළියට සියදිවි නසා ගන්නා තත්ත්වයට මේ දැරිය පත්වුණේ දෙමාපියන්ගේත් වරද නිසා. මේ තත්ත්වයට ඒ දරුවා පත්වීම ගැන දෙමාපියන් සම්පූර්ණයෙන් වග කියන්න ඕණ.
තරුණ දරුවෝ ඉන්න අම්මලා තාත්තලා තමන්ගේ දරුවා පරිගනකය එක්ක කරන දේ හොයා බලන්න ඕණ. එහෙම බලන එක වගකීමක්. දරුවෙක් මිය ගියාම උද්ඝෝෂණය කරන්නට කලින් ඒ දරුවාට ඒ විනාශය නොවෙන තැනට වැඩ කරන්න කවුරුත් දැනගත යුතුයි.







