මැයි දින පෙළපාළියේදී සහ රැලියේදී අඩුපාඩු සිදුවූ බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට එහි මන්ත්‍රිවරුන් කිහිපදෙනකු ඊයේ (03දා) සහභාගි වී නොමැති බව වාර්තා වේ.
ගයන්ත කරුණාතිලක, රෝහිණි කවිරත්න, හෙක්ටර් අප්පුහාමි, කාවින්ද ජයවර්ධන, හේෂා විතාන, චමින්ද විජේසිරි යන මන්ත්‍රිවරුන් පිරිසක් ඇතුළත් බවද වාර්තා වේ. එසේම මෙම කණ්ඩායම් රැස්වීමට සහභාගි වූ මන්ත්‍රිවරුන් කිහිපදෙනකු මැයි දින සංවිධාන කටයුතුවලට එරෙහිව අදහස් පළ කොට ඇති බවද සඳහන් වේ.







