මම මගේ පෙම්වතා එක්ක එක ගෙදර ජීවත් වෙන්නේ - Volga Kalpani

වොල්ගා කල්පනි කියන්නේ එකිනෙකට වෙනස් වූ චරිත එක්ක පුංචි තිරයත් සමඟ ගැටෙන රංගන ශිල්පිනියක්. ඒ නිසාම මුලින්ම ප්‍රධාන චරිතයක් රඟපෑ ටෙලි නාට්‍යයෙන්ම ඈ හොඳම නිළියට හිමි සම්මානය ලබා ගන්නවා, තවමත් සම්මානවලට හිමිකම් කියන වගේම කාලයක් පුංචි තිරය එක්ක ගනුදෙනු කරන ඈ ගැන තොරතුරුයි මේ.

වොල්ගා කොහොමද ජීවිතේ ..?

මම කවදත් සතුටින් ජීවත් වෙන්න ආස කරපු කෙනෙක්. ඒ නිසා ඒ සතුට හැමදාමත් මම වින්දා. අදත් සතුටින් ජීවත් වෙනවා . මේ දවස්වල මම රංගනයෙන් සම්බන්ධ වෙන නාට්‍ය දෙකක් විකාශය වෙනවා.

අවලෝකිතේෂ්වර බෝධි සත්ත්වයා රිමාන්ඩ්

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා එළඹෙන 24වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

සැකකරු අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

සැකකරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය.

2024 වසර ඔබට කොහොමද?


අප සිත්සතන් තුළ අපේක්ෂා, අරමුණු බොහොමයක් පෙළගස්වමින් 2024 නව වසර උදා වෙමින් ඇත. ජ්‍යොතිෂානුකූලව බැලුවහොත් එළඹෙන වසරේ චන්ද්‍රග්‍රහණ දෙකක්, සූර්යග්‍රහණ දෙකක් සිදු වේ. ග්‍රහ යුද්ධ 18ක් සහ ග්‍රහ මාරු රැසක් පෙන්නුම් කරයි. එවන් කාලයකදී දේශගුණික, කාලගුණික විපර්යාස, ආර්ථික, සාමාජයීය, දේශපාලනික වෙනස්කම්වලට ද අපට මුහුණ දෙන්නට සිදු වනු ඇත. තත්ත්වය එසේ වුවද අප ධනාත්මක අයුරින් නව වසර දෙස බැලිය යුතුය. නව වසර පිළිගත යුතුය.

සුරූපී නිළිය රවටා ලක්ෂ ගණන් සල්ලි ගරපු NGO අනංගයා

මේ දිනවල දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන “ මල් පිපෙන කාලේ“ ටෙලි නාට්‍යයේ ජනප්‍රිය චරිත දෙකක් බවට පත්ව සිටින්නේ පිණිමුතු සහ නිල් නෙතු ය. නිවුන් සහෝදරයින් වන මේ දෙදෙනා සැබෑ ලෝකයේ නම් තැබී ඇත්තේ අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කණුෂ්කි ප්‍රේමචන්ද්‍ර ලෙසිනි. තවමත් නව යොවුන් වියේ පසුවන මෙම නිවුන් සහෝදරියෝ කලා ලෝකයට එක්වන්නේ ද දෙරණ නාළිකාව මඟින් සංවිධානය කළ ලිට්ල්ස්ටාර් තරගාවලිය හරහාය.

ගැහැනු දරුවන් 06 දෙනෙකුම සිටින පවුලේ බාලයන් වන අනුෂ්කි සහ කනුෂ්කි “අනු ඇන්ඩ් කනු“ නමින් යූ ටියුබ් නාළිකාවක් ද පවත්වා ගෙන යන්නේ ඔවුන්ගේ නර්තන හැකියාවන් ඇතුළු දක්ෂතා ඒ ඔස්සේ එළිදක්වමිනි.

පුත්තලම නෙඩුම්කලම්හි කපුටන් හදිසියෙ මිය යයි


පුත්තලම නෙඩුම්කුලම් ප්‍රදේශයේ ස්ථාන කිපයක  විශාල ලෙස කපුටන් (7 ) දින මිය ගොස් ඇති බව ජනතාව පවසති.

මෙසේ 100 කට ආසන්න කපුටන් නෙඩුම්කුලම් ප්‍රදේශ ස්ථාන කිපයක මිය ගොස් තිබු බව ප්‍රදේශවාසින් පවසයි.

මෙසේ මරණයට පත්වු කපුටන් රංචු ආසන්නයෙ අහසේ කපුටන් විශාල ලෙස පියාඹින් සිටින අයුරුද දැක ගත හැකි විනි.

නතාෂා - බෘෘනෝ බුදුන්ට අපහාස කළැයි පිරිසක් පාරට බසිති

බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත්  කළැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජයනි නතාශා එදිරිසූරිය සහ  ඇයට ආධාර අනුබල දුන්නැයි කියන බෲනෝ දිවාකර අද දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්තාවේ ඊට සමගාමීව අධිකරණය අසළ පිරිසක් සංවිධානාත්මකව විරෝධය දක්වා තිබුණි.

මුදල් කාරක සභාවේ සභාපති ධූරය හර්ෂට


සමගි ජන බලවේගයේ  මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  සභාපති ධූරයට අද (7) පත් කරනු ලැබීය.

හර්ෂ ද සිල්වා මහතා එම තනතුරට පත් කරන්නැයි ඒ  කමිටුවට  යෝජනා කරනු ලැබූවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඒ අනුව එම යෝජනාවට  කාරක සභාවට  සහභාගි වූ සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය පළවිය.

Gossip Lanka Hot News Previous News Archive