ජීවන් මෙන්ඩිස් ඕස්ටේ‍්‍රලියාවට

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක‍්‍රීඩක ජීවන් මෙන්ඩිස් ඕස්ටේ‍්‍රලියාවේ පන්දුවාර විස්සයි - 20 දේශීය ක‍්‍රිකට් තරගාවලිය වන ‘බිග් බෑෂ්’ තරගාවලියේ සිඩ්නි සික්සර්ස් පිලට නම් කර ඇතැයි එම කණ්ඩායමේ පුහුණුකරු ටෙ‍්‍රවර් බේලීස් මාධ්‍යට පවසා ඇත.

පසුගියදා පැවති ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 තරගාවලියේදී මෙන්ඩිස් දැක්වු දක්ෂතා පදනම් කොට ගෙන මෙම නම් කිරීම සිදුකොට ඇති බවද පැවසේ.


මෙන්ඩිස් සමග සිඩ්නි සික්සර්ස් පිලට විදෙස් කී‍්‍රඩකයින් වශයෙන් එංගලන්ත ක‍්‍රීඩක මයිකල් ලම්බ්, පකිස්ථානු ක‍්‍රීඩක කම්රන් අක්මාල් හා බටහිර ඉන්දීය ක‍්‍රීඩක සුනිල් නැරීන් නම් කොට ඇත.

‘‘පසුගිය කාලවකවානුවේ සිට ජීවන් මෙන්ඩිස් ශී‍්‍ර ලංකා පිලට විශාල සේවයක් කරනවා. ඔහු පිතිකරුවෙක් වශයෙන් ඉතා වේගයෙන් කඩුලූ අතර දුවන්නෙක්. ඒ වගේම ඔහු ඉතා හොඳ පන්දු රකින්නෙක්. අනෙක් අතින් ඔහු ඉතා සෙමින් දඟ පන්දුයවන්නෙක්. මේ සියල්ල සලකද්දී ඔහු ඉතා විශිෂ්ට තෝරාගැනීමක්’’ යැයි ටෙ‍්‍රවර් බේලීස් වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.


Gossip Lanka Hot News Previous News Archive