නයි කෙල්ල නයා එක්කන් යයි , Sri Lanka Cobra queen

මං මෙච්චර දගලන්නේ නයාගේ මාණික්‍ය නිසා

කොල්ලුපිටිය ක්ලියෝපැට්රා හෝටලයේදී නාගයකු සමග සිටියදී අත්අඩංගුවටපත් එම හෝටලයේ සේවිකාවට නාගයා යලි බාරදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂක විජේරත්න මහතා පසුගිය 06 වැනිදා කළ නියෝගයට අනුව ඇය අද (11) සත්වෝද්‍යානයෙන් එම නයා ලබාගෙන තිබේ.

ඇය මෙම නයා නිදහස්කරගනු ලැබුවේ රුපියල් පනස්දහසක බැදුම්කරයක් මතය.


නිරෝෂා විමලරත්න (ඩිලානි) වන එම සේවිකාවට සත්ව ආඥා පනත හෝ සතුනට වධ හිංසා කිරීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි වීම හා ඇය නාගයා ආදරයෙන් රැකබලා ගැනීම යන කාරනා මත මෙම තීන්දුව මහේස්ත‍්‍රාත්වරයා ලබාදුන්නේය.

මේ නාග නළගන හා නයා අත්අඩංගුවට පත්වූයේ ඉකුත් අගෝස්තු 28 වැනිදාය.

පසුව නළගන ඇප මත මුදාහැර සිටි අතර නාගයා දෙහිවල සතුන් වත්තට බාර දී තිබිනි.

ඇයට කිසිම මානසික ලෙඩක් නොමැති බව අධිකරණයට ඉදිරිපත් කළ මානසික වෛද්‍ය වාර්තා වේ දැක්විනි.

එසේම ඇය ලිංගික තෘප්තියක් සඳහා එම නාගයා යොදාගෙන නැතැයිද එම වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර තිබිනි.


සබැදි පුවත්  1 කොල්ලුපිටියේ ක්ලබ් එකේ නයි නළඟන කියන අමුතු කතාව
                   2 නාග නළඟන නයා ඉල්ලයි, ඉහළ උසාවියටත් යන බව කියයි
                 




Gossip Lanka Hot News Previous News Archive