වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් සිසුවියට වම් අත අහිමි වේ

මාතර මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසර සිසුවියෙකුට සිය වම් අතර අහිමි වී තිබේ.
24 වියේ පසුවන අචලා ප්‍රියදර්ශනි නම් මේ සිසුවියට අහිමි වී ඇත්තේ ඇයට හොදහැටි හුරුපුරුදු ඇගේ වම් හස්තයයි. තවත් මාස හතරකින් අවසාන විභාගයට වාඩිවීමට බලාපොරොත්තුවෙන් සිටි අචලාට ඇගේ අත අහිමි වී ගියේ දෛවයේ නපුරු සරදමකට විය හැකිය.
පසුගිය 23 වැනිදා කොළඹ මහ රෝහලේ දී කළ සැත්කමකින් ඇගේ වම් අත වැලමිටට ඉහළින් කපා ඉවත් කර තිබේ. එසේ කිරීමට සිදුව ඇත්තේ මාතර මහ රෝහලේ ‍ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ නොසැලිකිලිමත් කම නිසාය.


පසුගිය 17 වැනිදා අචලා නිවසේ පඩිපෙළකින් වැටී ඇගේ වම් අතර වැළමිට හා මැණික්කටුව අසලින් බදී ගොස් ඇත. පසුව ඌරුබොක්ක හීගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඇයව මාතර මහ රෝහලට මාරු කර යවා ඇත.

එහිදී ඇගේ කැඩුණු අතෙහි එක්ස් රේ පරීක්ෂණයක් කර ඇති අතර වෙනත් කිසිදු ප්‍රතිකාරයක් කර නොමැත. ප්‍රතිකාරයක් නොමැතිව බැන්ඩේජ් එකකින් පමණක් වෙලා තිබූ අචලාගේ අතෙහි ස්නායූ මියගොස් තිබීම නිසා මෙසේ ඇගේ අත කපා ඉවත් කිරීමට සිදුවී ඇත.

Gossip Lanka Hot News Previous News Archive