නීති ශිෂ්‍ය අචලාගේ මව දිවයිනට

 නීති ශිෂ්‍ය අචලා ප්‍රියදර්ශනීට ඊයේ අතිශය හැඟීම්බර දිනයක් වූවාය.ඒ, ඇය මෙලොවට බිහි කළ ඇගේ ආදරණීය මව ලෙබනනයේ සිට යළි දිවයිනට පැමිණීම හේතුවෙනි.

අචලා ප්‍රියදර්ශනීගේ මව ඊයේ සවස කොළඹ ජාතික රෝහලට පැමිණියේ සිය දියණියගේ වම් අත ශල්‍ය කර්මයකින් කපා ඉවත් කිරිමෙන් පසු පළමුවරට දැකගැනීමේ අපේක්ෂාවෙනි.එය, එහි සිටි සැමගේ නෙතට කඳුලක් එක් වූ සංවේදජනක අවස්ථාවක් විය.එම අවස්ථාවේ ඇගේ ඥාතීන් සහ නීති විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිපදෙනෙකු පැමිණ සිටි අප වාර්තාකරු පැවසිය.කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන අචලා ප්‍රියදර්ශනි මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ තරුණියකි.

පසුගියදා නිවසේදී සිදු වූ වැටීමකදී අස්ථි බිදීමකට ලක්ව මාතර මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු අධික වේදනාව හේතුවෙන් මෙම සිසුවිය ජාතික රෝහලට මාරු කර යැවිණ.
‍ජාතික රෝහලේදී සිදු කළ ශල්‍යකර්ම තුනකින් පසු ඇගේ වම් අත කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණි.
 

-සබැදි පුවත්- 



Gossip Lanka Hot News Previous News Archive