2014 ආසියානු ෆයිව්නේෂන් සුපිරි තරගාවලියට ලංකාව සුදුසුකම් ලබයි

සත්කාරකත්වයේ වාසිය සමගින් ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලියේ අපරාජිත බව රැක ගැනීම සඳහා වූ සටනින් කසකස්‌තානයට එරෙහිව ලකුණු 49-18 ක විශිෂ්ට ජයක්‌ ලැබූ ශ්‍රී ලංකාව අදාළ ශූරතාව දිනා ගැනීමට ඊයේ (06 දා) හැව්ලොක්‌ස්‌ ක්‍රීඩාංගණයේදී සමත් විය.මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ලබන වසරේ පැවැත්වෙන ආසියානු සුපිරි කණ්‌ඩායම් පහ හෙවත් ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලියේ පළමු කොටස සඳහා සුදුසුකම් ලැබීමට සමත් විය.


ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලියේ පළමු කොටස සඳහා ශ්‍රී ලංකාව 2010 වසරෙන් පසු සුදුසුකම් ලැබූ පළමු අවස්‌ථාව මෙය වේ.අදාළ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාවට ලබන 2015 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ පළමු අඩිතාලම සකස්‌ කරගත් අතර 2013 වසරේ පැවැත්වෙන සුපිරි වටයේදී ශ්‍රී ලංකාව ලබන ජයග්‍රහණ මත ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්‌ථාව තීරණය වීමට වැඩි අවස්‌ථාවක්‌ ඇත.


විශාල ප්‍රේක්‍ෂකයන් පිරිසක්‌ ඉදිරියේ යෝෂිත රාජපක්‌ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්‌ඩායම පිටියට පිවිසි අතර එහිදී පළමු අර්ධය නිමා වන විට ආක්‍රමණකාරී ක්‍රීඩා විලාශයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 30-6 ක්‌ ලෙස පෙරමුණ ගනිමින් ජයග්‍රහණය සඳහා වැඩි අවස්‌ථාවක්‌ නිර්මාණය කර ගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම ගෝල් 5 ක්‌, උත්සාහක දිනුමක්‌ සහ දඩුවම් පහර තුනක්‌ සමග සිය ලකුණු සංඛ්‍යාව වාර්තා කළ අතර කසකස්‌තානය උත්සාහක දිනුමක්‌, පෙනල්ටි දෙකක්‌ සහ එක්‌ ගෝලයක්‌ සමග සිය ලකුණු 18 වාර්තා කරගැනීමට සමත් විය.

කසකස්‌තාන් ක්‍රීඩකයෝ මෙම තරගයේ දෙවැනි භාගයේදී නීති විරෝධි ලෙස අවස්‌ථා කිහිපයකදීම ක්‍රීඩා කළ අතර එහිදී කසකස්‌තාන් නායකයාට විනිසුරු විසින් කිහිප වරක්‌ම අවවාද කිරීම විශේෂත්වයක්‌ විය. එහිදී එක්‌ කසකස්‌තාන් ක්‍රීඩකයෙකුට යෙලෝ කාඩ්පත ඉදිරිපත් කිරීමටද විනිසුරුට සිදුවිය.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ යොවුන් ක්‍රීඩකයකු වන ෂෙනාල් ඩයස්‌ සිය ෆ

යිව් නේෂන් තරග දිවියේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට මෙම තරගයේදී සමත් වූ අතර සමස්‌තයක්‌ ලෙස සියලුම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමස්‌ත තරගාවලිය පුරාවටම විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරත විය.

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මෙම තරගයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූ අතර ඔහු විසින් ජයග්‍රාහී කුසලාන කණ්‌ඩායම් නායක යෝෂිත රාජපක්‌ෂට ලබා දෙන ලදී. මෙම තරගය සඳහා ජනපති පුත් නාමල් රාජපක්‌ෂ සහ යෝෂිත රාජපක්‌ෂ දෙදෙනාම ක්‍රීඩා කරන ලදී.

අපරාජිතව ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකාව පළමුව චීන තායිපේ කණ්‌ඩායමත් දෙවනුව තායිලන්ත කණ්‌ඩායමත් පරාජය කිරීමට සමත් විය.



Gossip Lanka Hot News Previous News Archive