භික්ෂුන් වහන්සේ නමක් සිරුරට ගිනි තබා ගනියි - Video

ගව ඝාතනයට විරෝධය පළ කරමින් රත්නපුර කහවත්ත ප‍්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ නමක් මහනුවර දළදා මාළිගය ඉදිරිපිටදී අද උදෑසන සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.

මහනුවර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්. ජී. ඒ. දිසානායක මහතා පැවසුවේ උන්වහන්සේගේ සිරුරෙන් සියයට 90ක් පමණ පිළිස්සී තිබෙන බවයි. සිරුරට පෙට‍්‍රල් දමා ගැනීමෙන් පසුව උන්වහන්සේ මෙලෙස ගිනි තබාගෙන තිබෙනවා. වැඩිදුර ප‍්‍රතිකාර සඳහා තව නොබෝ වේලාවකින් උන්වහන්සේ ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට රැගෙන ඒමට නියමිත බවයි මහනුවර රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ.තමා ගව ඝාතනයට විරෝධය පළ කරන බව ගිනි තබා ගැනීමට සුළු වේලාවකට පෙර හිමිනම ප‍්‍රකාශ කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.
Fiery protest by Buddhist monk over cattle slaughter










*A Buddhist monk set himself on fire this morning outside the Temple of the Sacred Tooth Relic in protest over the slaughter of cattle. 

Gossip Lanka Hot News Previous News Archive