ලෝක විනාශයෙන් ගැලවෙන්න නැවක්, To escape Apocalypse

ලූ ෂෙන්ගායි ඩොලර් මිලියන 160000ක් වන තම සියළුම ධනය මායා වරුන්ගේ ලෝක විනාශයෙන් ගැලවෙනු පිණිස තමාගේම නෝවා නැවක් සෑදීම සඳහා වියදම් කර ඇත.

ගංවතුරෙන් තම නිවස යටවූ පසු මෙම බෝට්ටුුව තමා හා පවුල ආරක්ෂා කරනු ඇතැයි ඔහු ප‍්‍රකාශ කරයි. ලූ විසින්ම නිර්මාණය කර ඇති මෙහි දිග අඩි 65 ක් වන අතර නිමවූ පසු බර ටොන් 80ක් වනු ඇතැයි චීන මාධ්‍ය වලින් කියයි.

එක් අතකින් බලන විට ලූ තනිවී නැත.

දකුණු ආසියාවෙන්ම " ජැක් " වලට ලංකාව No . 1

 දකුණු ආසියාවේ දුම්රියේ හා බස් රියේ ගමන් කරන කාන්තාවනට සිදු කරන අතවර අතින් ශ්‍රී ලංකාව මුල් තැනට පත්ව සිටින බව නීති අධාර කොමිසමේ සභාපති එස්.එස්. විජයරත්න මහතා කොළඹ දී ප්‍රකාශ කෙළේය. ඉන්දියාවේ ජනගහනය ශ්‍රි ලංකාවට වඩා බෙහෙවින් වැඩි වුවත් පොදු ප්‍රවාහන සේවාවලදි කාන්තාවනට සිදුවන අතවර ඉතා අඩු යැයි ඔහු කීවේය.

පාර්ලි‍මේන්තුව කොටස් වෙළඳපොළ වගෙයි, Sri Lanka Parliament looks like a share market-Tilvin silva, jvp

පාර්ලිමේන්තුව කොටස් වෙළඳපොළ හා සමාන බවත් ඕනෑම ගාණකට විකිණෙන මන්තී‍්‍රවරු එහි සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

මෙරට පාර්ලිමේන්තුවේ සිදුවන්නේ ඉතා විහිළු සහගත දේවල් බවත් ජනතා ඡන්දයෙන් පත් වු නියෝජිතයින් එහි සිටින කරන කියන දෑ ගැන ජනතාවගේ අවධානය දැඩි ලෙස යොමුවිය යුතු බවත් ඔහු පෙන්වාදෙයි.

අද‍ (30) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

ටෙස්ට් පන්දු යවන්නන් අතරේ රංගන හේරත් දෙවැනි තැනට

ශ්‍රී ලංකා වමතින් පා දඟ පන්දුයවන ක‍්‍රීඩක රංගන හේරත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයට පැමිණෙමින්, දඟ පන්දු යවන්නන් අතර පෙරමුණ හිමිකර ගැනීමට සමත්ව සිටියි.
නවසීලන්තයට එරෙහිව කොළඹදී පැවැති අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු 170 කට කඩුලූ 9 ක් දවා ගැනිමින් හේරත් ස්ථාන දෙකක් පෙරමුණට පැමිණියේය. හේරත්, නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරග දෙකේදී කඩුලූ 20 ක් දවාගත්තේය.

රියදුරාද ඇතුළුව 14 දෙනෙකු ගමන් කළ ත්‍රීරෝද රථයක්

ළමයි 12 යි, වැඩිහිටියන් 2 යි, ඔක්කොම 14 යි.

පෙර පාසල් සිසුන් 12 දෙනෙකු, වැඩිහිටි කාන්තාවක් හා රියදුරාද ඇතුළුව 14 දෙනෙකු ගමන් කළ ත්‍රීරෝද රථයක් මාතලේ කවටයාමුණ රජමහා විහාරය ඉදිරිපිටදී මහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රීරෝද රථයේ රියදුරු ආසනයේ එක් ළමයෙකු ද, භාණ්ඩ පටවන කොටසේ ළමුන් දෙදෙනෙකු ද යනාදී වශයෙන් එම ත්‍රීරෝද රථයේ නංවාගෙන රියදුරා විසින් ප්‍රදේශයේ පෙර පාසලකට ඔවුන් රැගෙන යමින් සිටියදී අද (30) ‍පෙරවරු 8.00ට පමණ අත්අඩංගුවට ගත් බව මහවෙල පොලීසිය කියයි.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවට අදත් නොතීසි

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ රාමුව සහ එමගින් තමන්ට ලබාදී ඇති බලතල පිළිබඳ දැනුවත්වී සිටින බවත්, තමන් කටයුතු කරන්නේ ඒ අනුව බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) අවධාරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය එම කාරණය අවධාරණය කර සිටියේ, දෝෂාභියෝග තේරීම්කාරක සභාවට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් අද යළිත් සලකා බැලූ අවස්ථාවේදීය.

ඉරණවිල අහසේ අද්භූත යානයක්, an unidentified flying object in iranavila sky

හලාවත ඉරණවිල අහසේ විශාල එළියක් සමඟ ගමන් කළ යානයක් ප්‍රදේශවාසින් විසින් නිරික්ෂණය කර ඇත. ඉරණවිල අමෙරිකන් හඬ ප්‍රදේශයට ආසන්නයේ ඉහළ අහසේ මේ යානය මුලින්ම දැක ඇත්තේ ඉස්සන් වගාකරුවකු වන පි. ප්‍රනාන්දු මහතායි.

ඔහු ඒ සමඟ ඔහු අත ඇති විදුලි පන්දම දල්වා නිවා ඇති අතර යානය ඔහු පසු පස හඹා ආ බවද ප්‍රනාන්දු මහතා පැවසිය. මේ යානය පුද්ගලයන් කිප දෙනෙක්ම දැක ඇත.

උපදින්නට හොඳම රට ස්වට්සර්ලන්තය , Where to be born in 2013

ලන්ඩනයේ ”ඉකොනොමිස්ට්” ආර්ථික විද්‍යා සඟරාව පවත්වන ලද සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත්තේ 2013 වසරේදී උපදින්නට හොඳම රට ස්වට්සර්ලන්තය බවයි. මෙම ලයිස්තුවේ ශ්‍රී ලංකාවට 63 වැනි ස්ථානය  හා  ඉන්දියාවට 66 වැනි ස්ථානය  හිමිවී තිබේ

ඔවුන් පවසන්නේ ස්විට්සර්ලන්තයේ ජීවත්වන්නන් ඉහළ ගුණාත්මක භාවයක් බුක්ති විඳින බවය. ඉතාමත් සතුටින් ජීවත්වන බවය. දෙවැනි තැන ඕස්ට්‍රේලියාවටත් තෙවැන්න නෝර්වේ රජයටත් හිමිවී ඇත.

මෙම සමීක්‍ෂණයෙන් ඇමෙරිකාවේ 16 වැනි තැනටත් එංගනත්තය 27 වැනි තැනටත් පත්ව ඇති අතර මුල් රටවල් හතරම ස්කැන්ඩිවෙනියා රටවල් වෙයි.

Gossip Lanka Hot News Previous News Archive