නිධන් හොරුන් විසින් චෛත්‍යයේ කොත රැගෙන ගොස් ඇත

 නිදන් හොරු සෑයත් හාරති
ඊයේ (03) රාත්‍රී ඌව පරණගම බෙරලිය පොළ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ චෛත්‍ය ධාතු ගර්භය හාරා කොත්වහන්සේ නිධන් හොරුන් විසින් පැහැරගෙන ගොස් ඇත. ඉපැරණි රජමහා විහාරයට අතුලු වී ඇති නිධන් හොරුන් විහාරස්ථානයේ චෛතයේ ගර්භය හාරා තිබේ.
කෙසේ වෙනත් එහි ඇතුළත කිසිවක් හොරුන්ට ලබා ගැනීමට නොහැකි වී ඇති අතර නිධන් හොරුන් විසින් චෛත්‍යයේ කොත රැගෙන ගොස් තිබේ. ඊයේ උදෑසන විහාරස්ථානයේ හීල්දානය රැගෙන පැමිණි දායක පිරිසක් චෛත්‍ය වන්දනාමාන කිරීමට ගිය අවස්ථාවේ ගර්භය බිඳ තිබෙනු දැක මේ බව සැල කර තිබේ.

ජීවන් මෙන්ඩිස් ඕස්ටේ‍්‍රලියාවට

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක‍්‍රීඩක ජීවන් මෙන්ඩිස් ඕස්ටේ‍්‍රලියාවේ පන්දුවාර විස්සයි - 20 දේශීය ක‍්‍රිකට් තරගාවලිය වන ‘බිග් බෑෂ්’ තරගාවලියේ සිඩ්නි සික්සර්ස් පිලට නම් කර ඇතැයි එම කණ්ඩායමේ පුහුණුකරු ටෙ‍්‍රවර් බේලීස් මාධ්‍යට පවසා ඇත.

පසුගියදා පැවති ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 තරගාවලියේදී මෙන්ඩිස් දැක්වු දක්ෂතා පදනම් කොට ගෙන මෙම නම් කිරීම සිදුකොට ඇති බවද පැවසේ.

අයෝමි ශානිකාට වන්දි රහිත දික්කසාදයක් ලැබෙයි, Ayomi shanika Got divorced

ටෙලි නාට්‍ය නිළි අයෝමි ශානිකා අද ඇගේ විවාහයෙන් දික්කසාදය ලබාගත්තා. කඩුවෙල දිසා අධිකරණයේදී අද දහවල් විභාගවූ නඩුවේදී මෙම තීරණය ලැබුණා. ජීවිතය ලස්සණයි නමැති ටෙලිනාට්‍යයේ සුදු නංගී නම් චරිතයෙන් වැඩි දෙනෙකු හඳුනාගත් අයෝමි ශානිකා ආයුර්වේද වෛද්‍යවරියක ලෙස කටයුතු කරන අතර ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ පසු 2009 ජූලි මසදී විවාහවී තිබුණත් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවලදී කිසිදා විවාහ නොවූ තැනැත්තියක ලෙස කතා කර තිබුණා. කාලයක් තිස්සේ ඇය ඇගේ විවාහය රහසක් ලෙස තබාගෙන සිටි බවද වාර්තා වනවා.

දුමින්දගේ හිස් කබලේ කොටස ආරක්ෂා කරන්න නියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද‍්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනයට ලක්වූ සිද්ධියේදී තුවාල ලැබූ දුමින්ද සිල්වා මහතාගේ සෙන්ටිමීටර් 04ක් පමණ වන හිස් කබලේ කොටස ආරක්ෂිතව තබන ලෙස ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයාට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා අද (04) නියෝග කළේය.

සැකකරුවෙකුගේ නීතිඥයකුවන අනුජ ‌පෙ‍්‍රමරත්න මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත‍්‍රාත් වරයා මෙම නියෝගය කළේය.

කේට් කුමරිය ගැබ්ගෙන

 මෙම සතුටුදායක පුවත ඇසීමෙන් රජ පවුල ප‍්‍රමෝදයට
එංගලන්තයේ ඔටුන්න හිමි කුමරෙකු වන විලියම් කුමරුගේ බිරිද වන කේම්බි‍්‍රජ් හි ආදිපාදවරිය වන කේට් කුමරිය ගැබ්ගෙන ඇතැයි ශාන්ත ජේම්ස් මන්දිර ප‍්‍රකාශකයෙකු පැවසුවා.

එලිසබෙත් මහ රැජින, චාල්ස් කුමරු ඇතුළු රජ පවුලේ සාමාජිකයන් මෙම සතුටුදායක පුවත ඇසීමෙන් ප‍්‍රමෝදයට පත්ව ඇතැයි රජ පවුලේ ප‍්‍රකාශකයා වැඩි දුරටත් පවසනවා.

ඔටුන් හිමි කුමාරයා කුඩු සමග අසුවේ

නේපාලයේ හිටපු ඔටුන්න හිමි කුමරු පාරස් ෂා තායිලන්තයේ ‍ෆුකට් දූපතේදි මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ ‍චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහල බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.

මරිජුවානා ග්‍රෑම් තුනක ප්‍රමාණයක් ඔහු සතුව තිබුණු බව පොලීසිය පවසයි. ඔහු සතුව සාමාන්‍ය ‍විදේශ ගමන් බලපත්‍රයක් තිබී ඇති අතර වී. අයි .පි .වරප්‍රසාද හිමි බවට කිසිම ලියැවිල්ලක්‍ නොතිබුණෙන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු කවරෙකුදැයි අප දැන සිටියේ නැති බව පොලිස් ප්‍රධානියා පවසා තිබේ.

දුමින්දට බෝධි පූජා පවත්වද්දී, හිරුනිකා උද්ඝෝෂණයක

ගිය වසරේ ඔක්තෝබරයේ දී කොලොන්නාවේ දී සිදුවූ ඡන්ද ගැටුමකින් තුවාල ලබා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සෙත් පතා ගොතටුව කන්දේ විහාරයේ බෝධි පූජාවක් පැවැත්වෙද්දී, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ඇතුළු පිරිසක් ඊට කිලෝ මිටර් දෙකක් ඈතිවූ කොලොන්නාව හංදියේ උද්ඝෝෂණයක් කළහ.

ඔබේ මුහුණ බලනකොට මට වචන පැටලෙනවා - Minister Kumara Welgama Replies To MP Rosy Senanayake


තම පාර්ලිමේන්තු දිවියේ වඩාත් සතුටු වු දිනය අද බව ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ රෝසි සේනානායක මන්ත‍්‍රීවරිය යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අදාල ප‍්‍රශ්නය යොමු වුයේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ගැටළු කිහිපයක් පිලිබඳවයි.

Gossip Lanka Hot News Previous News Archive