මායාවරුන්ගේ ලෝක විනාශය පිලිබඳ විශ්වාස කරන පුද්ගලයන් ඒ සඳහා සූදානම් වෙද්දී චීන වැසියෙක් සුනාමි වලට ඔරොත්තු දෙන යෝධ කැප්සියුල මගින් මිනිස් වර්ගයා ගලවා ගැනීමට යයි.වානේ රාමුවක් මත ෆයිබර්ග්ලාස් වලින් සකසන ලද මෙම කුටියක වියදම ඩොලර් 48000 ක් වන අතර ඔක්සිජන් ටැංකි, ආහාර සහ ජලය මෙන්ම කුණාටු වලදී ආරක්ෂා වීමට ආසන පටි වලින්ද යුක්තය.
මීටර් 1000 ක් උස රැල්ලකදී පවා මෙම කැප්සියුලය ආරක්ෂාකාරී වන අතර පීඩනයට හොඳින් ඔරොත්තුදෙන බව මෙහි නිරිමාතෘ ලියු කියෑන් බීජිං හිදී AFP වෙත කියා ඇත.






