රජයේ දින දර්ශනයේ පොහොය නිවාඩුව හැලිලා !

2013 සඳහා මුද්‍රණය කෙරුණු රාජ්‍ය කැලැන්ඩරයේ පොහොය දිනය වෙළඳ නිවාඩුවක් ලෙස සඳහන් වී නැතත්, පොහොය නිවාඩුව තවදුරටත් වෙළඳ නිවාඩුවක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

කැලැන්ඩරය මුද්‍රණය කිරීමේදී දෝෂයක් සිදුව ඇතැයි විශ්වාසය කරන බව ද ඔහු කියා සිටියේය.

කෙසේවුවද, රජයේ මෙවර දින දර්ශනයේ පොහොය නිවාඩු දිනය වෙළෙඳ නිවාඩු දිනයක්‌ ලෙස සදහන්ව නොතිබීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ විරෝධය පලවී ඇත.

බිරියන් 39 : දරු මුණුපුරන් 141 - The world's biggest family

තායිලන්තයේ ජිවත්වන ඉන්දියා ජාතිකයෙකූ වන ෂිඔනා ෂත්‍යාන්ගි(69) ලෝකයේ විශාලතම පවුල් සංස්ථාව ගොඩනගා ගනිමින් නව වර්ථාවකට හිමිකමි කියයි. චානා දිස්ත්‍රික්කයට අයත් බක්ටවුන් ග්‍රාමයේ ජිවත්වන ඔහුට බිරින්දෑවරු 39 දෙනෙක් සිටිති. දරුවෝ 94 දෙනෙක් සිටිති. මුනුබුරන් හා මිණිබිරියන් 33ක් ද සිටිති.විවාහා කරගත් කාන්තාවන්ගේ පෙර කසාදයන්ගෙන් උරුම වු දරුවන් 14 දෙනෙකූ ද සිටී. 

කාමර සියයක තටිටු හතරකින් යුත් මහල් නිවාසයක ඔවුන් සියලු දෙනා ඵකට ජිවත් වෙති. අපේ ගෙදර වීනය හමුදා වීනයට සමානයි. සෑම දෙනාම වැඩිමහල් තැනැත්තනට ගරුකල යුතයි. තාත්තා ගෙදර වීනය ගැන නිතරම අවධානයෙන් සිටින බව ෂිඔනාගේ චැඩිමහල් පුතා වන ෂිඔනා පර්ලියානා (50) කියයි.

සුරංගිගේ තිහේ කල්ලිය අල්ලයි

සුපිරි වෙළෙඳ සැල්වලින් විදුලි උපකරණ හා ලැප්ටොප් පරිගණක සොරකම් කරන ලද බවට සැකකරන කාන්තාවන් පිරිසක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් සුරංගිගේ තිහේ කල්ලිය ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටින බවද පැවසේ.

සැකකාරියන් විදුලි උපකරණ කකුල් අස්සේ සගවාගෙන යමින් මෙම සොරකම් සිදුකර ඇත.

අත්අඩංගුවටගත් පිරිසෙන් කොටසක් ජායාරූපයේ දැක්වේ.

හබරාදුවට ටොනේඩෝ තත්ත්වයක්

හබරාදුව ලණුමෝදර ප්‍රදේශය හරහා ඊයේ (30 දා) සවස හමාගිය තද සුළඟකින් නිවාස රැසක වහළවලට හානි සිදුවී ඇති අතර ගස්‌ කොළන් කඩාවැටීමෙන් ගමනාගමනයට ද බාධා පැමිණ තිබිණි. නිවාස කිහිපයක වහළවල ටකරන් ද තවත් නිවාස කිහිපයක උළු ද සුළඟට ගසාගෙන ගොස්‌ තිබූ අතර විදුලි රැහැන් මතට ගස්‌ කොළන් කඩාවැටී තිබිණි.

ප්‍රදේශවාසීන් පැවසුවේ විශාල ශබ්දයක්‌ සමඟ එක්‌වරම තද සුළඟක්‌ හමාගිය බවයි.

ශාරුක් හිතේ අමාරුවෙන්.

පිරිමියෙක්‌ වීම ගැන කනගාටුයි
නිර්බයාගේ මරණය ගැන ශාරුක්‌ කතා කරයි
 පිරිමියෙක්‌ වීම ගැනත් මේ සමාජයේ හා සංස්‌කෘතියේ කොටස්‌කරුවකුවීම ගැනත් තමා කනගාටුවන බව දූෂණයට ලක්‌ වී මරණයට පත්වූ 23 හැවිරිදි භෞතචිකිත්සක ශිෂ්‍යාවගේ අභාවය ගැන සිය කනගාටුව පළ කරමින් සුපිරි නළු ශාරුක්‌ ඛාන් ප්‍රකාශක කර ඇත.
මම කාන්තාවන්ට ගෞරව කරනවා. එසේ නොමැතිනම් මට මගේ දුවගෙන් ගෞරවයක්‌ ලබා ගන්න බැහැ. ශාරුක්‌ ඛාන් කියයි.ඔබ එඩිතර තරුණ ගැහැනු ළමයකු බව මියගිය තරුණිය සිහිකරමින් ශාරුක්‌ ඛාන් සිය වෙබ් අඩවියේ සටහන් කර ඇත. 47 හැවිරිදි ශාරුක්‌ ඛාන් දෙදරු පියෙකි ඔහුගේ දියණිය සුභානා දැන් 12 හැවිරිදිය.

දිඹුලාගලට අහසින් කෑලි වැටේ !

දිඹුලාගල කුඩාවැව කුඹුරු යායක වතුර හරවමින් සිටි ගොවීන් පිරිසක් පෙරේදා (29දා) රාත්‍රියේ කුඹුරු යායකට පතිත වූ ආලෝක ධාරා පිළිබඳව බිය වී ආපසු ගොස් පසුදා (30දා) උදේ කුඹුරුවලට ගොස් බැලූ විට කිසියම් පාෂාණ කැබලි වැටී තිබෙනු දැක ඇත.

කුඹුරු යායේ ගොයමට වතුර හැරවීම සඳහා පෙරේදා (29දා) රාත්‍රියේ කුඹුරුවලට ගිය ගොවීන් රාත්‍රියේ අලෝකය විහිදුවමින් කුඹුරුවලට වැටෙන කිසියම් දෙයක් දැක ඉන් බියට පත්වී ආපසු නිවෙස් වෙත පැමිණි බව සිද්ධිය ඇසින් දුටු කුඩාවැව ලොකුබණ්ඩා ගොවි මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය දර්ශකයේ අගය ඉහළට - Sri Lanka Prosperity Index

වර්ෂ 2009 සිට වර්ෂ 2011 අතර කාලයේදී සියලුම උප දර්ශකවල දියුණුවක්‌ද සමග ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය (Sri Lanka Prosperity Index) 56.5 සිට 60.6 දක්‌වා වර්ධනය වී ඇත.

මේ අනුව ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය 2010 වසරේදී සියයට 3.1 කින් සහ 2011 වසරේදී සියයට 4.1 කින්ද වර්ධනය වී ඇතැයි මහ බැංකුව කියයි. 2009 සිට 2011 කාලය තුළ වඩාත් පැහැදිලි දියුණුවක්‌ පෙන්නුම් කළ සමාජ හා ආර්ථික යටිතල පහසුකම් පිළිබඳ උප දර්ශකය 2010 වසරේදී සියයට 3.7 ක වර්ධනයක්‌ පෙන්නුම් කළ අතර, 2011 වසරේදී එහි වර්ධනය සියයට 4.9 දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි. 2010 වසරේදී සියයට 2.1 කින් වර්ධනය වූ ආර්ථික හා ව්‍යාපාරික පරිසරය පිළිබඳ උප දර්ශකය 2011 වසරේදී සියයට 4 දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. එසේම ජන ජීවිතයේ යහපැවැත්ම පිළිබඳ උප දර්ශකය 2010 වසරේදී සියයට 3.7 කින් ද 2011 වසරේදී සියයට 3.6 කින්ද වර්ධනය වී ඇතැයි මහ බැංකුව කියයි.

නිර්මාණාත්මක දුම්වැටි විරෝධී දැන්වීමක්. Anti-smoking Television advert

වර්ධනය වන ටියුමරයක් සහිත දුම් වැටියක් පානය කරන සංවේදී දැන්වීම් පෙලක් එංගලන්තයෙන් දියත් කර ඇත. මෙමගින් දුම්පානය කරන්නන්ට ලබා දෙන පණිවුඩය වන්නේ දුම්වැටි 15ක් මගින් පිලිකාකාරක ටියුමර් ඇති කරන බවයි. දුම්වැටි විරෝධීන් කල එලි බැස ඇත්තේ වසර 8කට පමණ පසුවයි.

පවුම් මිලියන 2.7ක් වන දැන්වීම් ව්‍යාපාරය පෙබරවාරි මාසය වනතෙක් රූපවාහිනිය, අන්තර්ජාලය සහ පෝස්ටර් මගින් ප‍්‍රදර්ශනය වනු ඇත. සෞඛ්‍ය දෙපාර්තමේන්තු වාර්තා දක්වන අන්දමට මිනිසුන් තවමත් සිතන්නේ දුම් බීමේ ආදීනව අතිශයෝක්තියෙන් දක්වන බවයි.

Gossip Lanka Hot News Previous News Archive