දෝෂාභියෝගය විවාදයට ගතහොත් දැවැන්ත විරෝධතාවක් අරඹනවා - ජේ.සී.වැලිඅමුණ

අගවිනිසුරුවරියට එරෙහිව ආණ්ඩුව ගෙන ආ දෝෂාභියෝගය විමර්ශනය කළ කමිටුව නීත්‍යානුකූල නොවන බවට පසුගිය 03 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොසලකා දෝෂාභියෝගය විවාදයට ගතහොත් එදිනම රටපුරා සිටින සියලුම නීතිඥයින්ගේ සහභාගිත්වයෙන් දැවැන්ත වර්ජනයක් දියත් කරනව ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා පවසයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් වැලිඅමුණ මහතා සඳහන් කර ඇත්තේ ‘‘අපි බලාපොරොත්තු වෙනවා අන්තිම මොහොතේ හෝ රජය පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට හිස නමයි කියලා. එහෙත් ආණ්ඩුව එවැනි පියවරක් නොගතහොත් අපි රටපුරා සිටින සියලුම නීතිඥයින්ගේ සහභාගිත්වයෙන් දෝෂාභියෝගය විවාදයට ගන්නා දා රටපුරා පිහිටි උසාවි ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කරනවා. මේ සඳහා මේ රටේ සියලුම දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමටත් ඔවුන් දැනුවත් කිරිමටත් අපි පියවර ගන්නවා.'' යනුවෙනි.

මාසික ආදායම 50,000 වැඩි නම් 2% බද්ධක්

මසකට රුපියල් 50,000ත් 100,000 ත් අතර මාසික ආදායමක් ලබන පුද්ගලයෙකු සියයට 2 බද්ධක් ගෙවිය යුතු බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා පවසයි.රුපියල් 50,000 අඩු ආදායමක් ලබන කිසිදු පුද්ගලයෙකු එසේ බදු ගෙවිය යුතු නැතැයිද ඔහු පෙන්වාදෙයි.කොළඹදී  (04) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය.ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය මෙරට වැඩිම අලාභ ලබන ආයතන බව ද ඔහු පී.බී ජයසුන්දර මහතා පෙන්වාදුන්නේය.

පසුගිය වසරේදී විදුලිය නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉන්ධන ගෙවීමට පමණක් ඩොලර් මිලියන 5.5ක මුදලක් වැය කෙරුණු බවද ඔහු සඳහන් කළේය.කෙසේ වෙතත් මෙම වසරේදී මෙරට ආර්ථීකයේ සුවිශේෂී වර්ධනයක් අපේක්ෂා කරන බව ජයසුන්දර මහතා කියා සිටියේය.

ඉපදුණු විගස බිළිඳා මරා දමලා

නිවෙස පිටුපස පිහිටි ගල්තලාවකට ගොස් දරුවකු ප්‍රසූත කළ තරුණ මවක්, ඒ මොහොතේම පණපිටින් සිටි කිරිකැටියා මරා දමා තිබේ.මේ තිරිසන් ක්‍රියාව වාර්තා වන්නේ යක්කලමුල්ල මල්දෙණිය කන්දෙනි.

මරා දමා තිබෙන්නේ ගැහැනු දරුවෙකි. සැකකාරිය කහතුඩුව හොරණ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී 19 හැවිරිදි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගැනීමෙන් පසු යක්කලමුල්ල මල්දෙණිය ප්‍රදේශයට පසුගිය දෙසැම්බර් මාසයේ පදිංචියට පැමිණ ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.මේ බිලිඳු ඝාතනය සිදුවී ඇත්තේ පසුගිය 02දා බව එම පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

නොදැක ඉන්න බැරි කෙනෙක් දැන්නම් ඉන්නවා - Chat With Ruwan Hettiarachchi

සුන්දර හැන්දෑවක ගුලි වූ මතකයන් ගැන ගීයක් ගයන්නට අවදි කළ ඔහු ගේ හඬ මේ වන විට පුංචි තිරයෙත් ප්‍රසංග වේදිකාවෙත් නොඅසා ඉන්නට බැරි හඬක් බවට පත්වී හමාරය. ඔහුගේ රුව ද නොදැක ඉන්න බැරි තරමටම මෙරට හදවත් තුළට සමීප වී හමාරය. ඔහුටම ආවේණික ශෛලියකින් ගමන් කරමින් සංගීත ක්ෂේත්‍රයේ ස්ථාවර මාවතක් ගොඩනඟා ගත් ඔහු රුවන් හෙට්ටිආරච්චියි.

රුවන්ගේ ගායන දිවියේ කතාබහ මුල සිටම අරඹමු.

මගේ ගම මාතලේ. පාසල් කාලේ සිට සංගීතය හැදැරුවා. ඒ අතරම පල්ලියේ ගීතිකා කණ්ඩායමටත් සම්බන්ධ වුණා. පාසල් අධ්‍යාපනයෙන් පසු බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් සංගීතය ප්‍රගුණ කිරීමට අවස්ථාව ලැබුණා. ඉතින් මේ අතර විවිධ සංගීත කණ්ඩායම් සමඟ සම්බන්ධ වෙමින් වසර 05 පමණ කටයුතු කරා.

වසර 7 කට පසු පාකිස්‌තානය හමුවේ ඉන්දියාව පරදියි

සංචාරක පාකිස්‌තාන් කණ්‌ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 85 ක ජයක්‌ ලැබූ පාකිස්‌තානය තරගාවලිය 2-0 ක්‌ ලෙස ජය ගැනීමට සමත් වූයේ තවත් තරගයක්‌ ඉතිරිව තිබියදීය.

පාකිස්‌තානය වසර හතකට පසුව ඉන්දියාවට එරෙහිව එක්‌දින තරගාවලියක්‌ ජය ගැනීම විශේෂත්වයක්‌ වන අතර මීට පෙර අවසන් වරට පාකිස්‌තානය විසින් ඉන්දියාව පරාජය කරන ලද්දේ 2004 වසරේදීය.

අදාළ පරාජය සම්බන්ධව අදහස්‌ පළ කර ඇති ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පවසා ඇත්තේ, "අපේ පිතිකරුවන් දැක්‌වූ පිතිප්‍රහාරය පිළිබඳව මම ගොඩක්‌ කණගාටු වෙනවා. විශේෂයෙන් මුල් පෙළ පිතිකරුවො පරාජයට වගකිව යුතුයි. යනුවෙනි.

2013 දී යාචකයන් නැති කොළඹක් - Begging is prohibited in Colombo City

කිසිදු යාචකයකුට 2013 නව වසරේ සිට කොළඹ නගරය තුළ සිඟා කෑම, නිකරුණේ කාලය ගත කිරීම සහ පදිකවේදිකා තුළ නවාතැන් ගැනීම සපුරා තහනම් බව පොලිසිය පවසයි.

එලෙස සිටිනා යාචකයන්ට පළමුව අවවාද කොට ඉවත් කරන බවත් නැවත ඒ ආකාරයෙන්ම සිටියහොත් අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය සඳහන් කරයි.

රටේ ප‍්‍රධාන අගනගරය පිරිසිදුව තබා ගැනීමේ අරමුණින් මෙම තීරණයව ගෙන ඇති බවත් සඳහන් වේ. ඒ අනුව දැනටමත් යාචකයන් ඉවත් කරන බව පොලිසිය සඳහන් කරයි.

The Scorpion King 3: Battle for Redemption


Scorpion King කියන්නේ ලොව පුරා කාගෙත් අවධානය දිනා ගත්ත මාලා චිත්‍රපටයක්.මෙම චිත්‍රපටයේ එන Scorpion King හෙවත් Mathyus කියන චරිතය සිනමා ලෝකය තුළ ඉමහත් පෙරළියක් කරන්න සමත් වුවා.අපි දැන් කතා කරන්න යන්නේ මෙම චිත්‍රපට මාලාම නවතම චිත්‍රපටය ගැනයි. The Scorpion King 3: Battle for Redemption…..

මෙම චිත්‍රපටයේ අඩංගු කතාව ගලායන්නේ Scorpion King පළමු චිත්‍රපටයේම දිගුවක් ලෙසටයි.මෙහි පළමු වැන්නේ අවසානයේදී Mathyus රජ වෙනවා නේ.මෙම චිත්‍රපට මාලාවේ තෙවැන්න පටන් ගන්නේ එතැන් සිටයි.මෙම චිත්‍රපටය කතා සාරාංශය මේකයි.බලසම්පන්න රජ කෙනෙක් Mathyusගේ කුමාරියව ඝාතනය කරල රජකම ලබා ගන්නවා.මේ රජා පාතාල බලවේග ගෙනල්ල මුළු ලෝකෙම අල්ල ගන්න හදනව. ඒ වුනාට හැම දෙයක්ම අතඇරල ඉදපු අපේ ප්‍රධාන නළුව ලෝකය මේ විනාශයෙන් ගලව ගන්න හැටි තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ. හැබයි එයාට ඒක කරන්න පුලුවන් වෙනවද කියන ඒක ඔය ගොල්ලොම බලන්න

රනිල් හෙන්ඩුව අතට ගනී

 මන්ත්‍රී පහක් සමාව ගනී

අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක මහත්මිට එ‍රෙහිව ආණ්ඩුව ‍ගෙන ආ ‍දෝෂාභි‍යෝගය විමර්ශනය කිරීම සඳහා පත්කළ පාර්ලි‍මේන්තු ‍තේරීම් කාරක සභා‍වේ නි‍යෝජිතයින් 11 ‍දෙනාට සහ කථානායකවරයාට ඊ‍යේ (03) අභියාචානාධිකරණ‍යේ ‍පෙනී සිටින ‍ලෙස ‍නොතීසි නිකුත් කර තිබුණි.නමුත් ආණ්ඩු පක්ෂ‍යේ සහ එක්සත් ජාතික පක්ෂ‍යේ නි‍යෝජිතයින් අධිකරණ‍යේ ‍පෙනී ‍නොසිටින බව පවසා තිබුණි. 

මෙ‍ලෙස පක්ෂ‍යේ ස්ථාවරය ‍නොසලකා අධිකරණය ‍වෙත ‍ගිය මන්ත්‍රීවරුන් පස්‍ ‍දෙ‍නෙකුට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැඩි ‍ලෙස ‍දෝෂා‍රෝපණය කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive