අපරාධ නඩු විධාන සංග‍්‍රහය විශේෂ විධිවිධාන පනත (පැය 48ක කාලයක් රඳවා ගැනීම)

ආණ්ඩුව විසින් අපරාධ නඩු විධාන සංග‍්‍රහය විශේෂ විධිවිධාන පනත අතීතයට බලපාන පරිදි පසුගියදා සම්මත කිරීම තුළින් අයුතු ලෙස පුද්ගලයන් රඳවා තබා ගැනීමට එරෙහිව ගොනුකර ඇති මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් නඩු බොහොමයක් බලරහිත තත්ත්වයකට පත්වීමේ අවදානමක් තිබෙන බව වාර්තා වේ.

පසුගිය 22 වැනිදා ආණ්ඩුව විසින් වැඩි ඡුන්ද 77කින් සම්මත කරන ලද අපරාධ නඩු විධාන සංග‍්‍රහය විශේෂ විධිවිධාන පනත අනුව 2009 මැයි මස 31 දින සිට අතීතයට බලපාන පරිදි එම පනත ක‍්‍රියාත්මක වේ.

ජනපති කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ වැඳපුදා ගනී

වස්කඩුව ශ්‍රී සුභූති රජමහා විහාරස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ ප්‍රදර්ශනය ඊයේ (25) ආරම්භ වූ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ පස්වරුවේ එම විහාරස්ථානයට ගොස් සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානාධිපති, අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය නිකායේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ හිමිපාණන් වහන්සේ වෙත විශේෂ සමරු තිළිණයක් ද ජනාධිපතිතුමා පිළිගැන්වීය.

ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුවන් කරමින් උන්වහන්සේ ද ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූහ.

ජය ශ්‍රී ලංකා කණ්ඩායමටයි..!

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවැති පන්දුවාර 20-20 තරගාවලියේ පළමු තරගය කඩුලු 5 න් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 137ක් ලබා ගන්නා ලදී.එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝනර් පන්දු 62කදී 4 පහර 5ක් හා 6 පහර 3ක් සමගින් නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 90කි.පන්දු යැවීමේදී තිසර පෙරේරා හා නුවන් කුලසේකර එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට සමත් විය.පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 139 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කරන ලදී.

මෙම තරගය සිඩ්නි හිදී පැවැත්විණ.

මම ජනපි‍්‍රය වුණේ පැරණි ගීත ගායනා කරලා තමයි - Amila Nadeeshani

 අමිලා නදිශානි, සුපිරි තරු මාවතෙන් ගායන ක්ෂේත්‍රයට පා තැබු තවත් සුපිරි තරුවක්. විවිධ රිද්ම යටතේ සිය නිර්මාණ බිහි කිරීමට කැමැත්තක් දක්වන ඇයගේ නවතම ගීය වන්නේ ඔබ දන්නවාද දන්නේ නෑ... ගීතයයි. මේ ගීතය තමාගෙත් පි‍්‍රයතම ගීතය බවයි අමිලා පවසන්නේ.

ඔබ දන්නවාද දන්නේ නෑ
මං ආදරේ කළා සිතින් කියා
ඔබ මා ළඟින් තියා
මං ආදරෙයි කියා
කියන්නේ කෙසේදෝ දන්නෙ නෑ
සිතුම් සිතේ තදකරන්
පැතුම් මල් ගොඩක් පොදි බැඳන්
දුටුදා ඉඳන් හදේ
බැඳි ආදරේ රසේ
ඔබට කීවේ නෑ

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් සිසුවියට වම් අත අහිමි වේ

මාතර මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසර සිසුවියෙකුට සිය වම් අතර අහිමි වී තිබේ.
24 වියේ පසුවන අචලා ප්‍රියදර්ශනි නම් මේ සිසුවියට අහිමි වී ඇත්තේ ඇයට හොදහැටි හුරුපුරුදු ඇගේ වම් හස්තයයි. තවත් මාස හතරකින් අවසාන විභාගයට වාඩිවීමට බලාපොරොත්තුවෙන් සිටි අචලාට ඇගේ අත අහිමි වී ගියේ දෛවයේ නපුරු සරදමකට විය හැකිය.
පසුගිය 23 වැනිදා කොළඹ මහ රෝහලේ දී කළ සැත්කමකින් ඇගේ වම් අත වැලමිටට ඉහළින් කපා ඉවත් කර තිබේ. එසේ කිරීමට සිදුව ඇත්තේ මාතර මහ රෝහලේ ‍ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ නොසැලිකිලිමත් කම නිසාය.

හසලක දැරියන් සය දෙනකු තුළ අසාමාන්‍ය රෝග ලක්ෂණ

හසලක උඩුදහ ප්‍රදේශයේ බාල වයස්කාර දැරියන් සය දෙනකුගේ ලිංගේන්ද්‍රියෙන් අසාමාන්‍ය ලෙස රුධිරය වහනය වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත. හසලක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුරංග විතාන මහතා පොලිසියට කළ ලිඛිත දැනුම්දීමක් මත මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඉකුත් 17 වැනි දින ප්‍රදේශයේ එක් දැරියකගේ මවක් තම 12 හැවිරිදි දියණියගේ ලිංගේන්ද්‍රයෙන් රුධිරය වහනය වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයා මුණගැසී ඇත. එහිදී දැරියගේ මව පවසා ඇත්තේ තම දියණිය අවුරුදු 2-3 වයසේදී වැඩි වියට පත්වූ බවයි.

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දූෂණ ගැන 'ජනතාව නිහඬයි'

ස්ත්‍රී දූෂණවලට එරෙහිව දැඩි පියවර ගන්නා මෙන් ආසියානු කලාපීය ජනතාව තම ආණ්ඩුවලට බලපෑම් කරමින් සිටින සමයක, ශ්‍රී ලංකාවේ දිගින් දිගටම සිදුවන ස්ත්‍රී දූෂණ පිළිබඳව ජනතාව මුනිවත රැකීම රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම සම්බන්ධයෙන් හොඳම උදාහරණයක් බව මානව හිමිකම් සංවිධානයක් පවසයි.

ආසියානු මානව හිමිකම් කොමිසම ඒ බව පවසන්නේ නුගේගොඩ විජේරාම මාවතේදී පුරුෂයන් පිරිසක් විසින් 45 හැවිරිදි කාන්තාවක දූෂණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවාසීන් අතරින් කිසිදු ප්‍රබල උද්ඝෝෂණයක් මතු නොවීම පිළිබඳව අදහස් දක්වමින්.
දිල්ලි අගනුවරදී වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයකට ලක්වීම සම්බන්ධයෙන් රට පුරාම දැවැන්ත උද්ඝෝෂණ හමුවේ අගමැති මන් මෝහන් සිං ට පවා එයට මැදිහත් වීමට සිදු වූ අන්දමත්, ඒ හා සමාන සිදුවීමක දී නේපාලවාසීන් වීදි බැසි අන්දමත් පෙන්වා දෙන ආසියානු මානව හිමිකම් කොමිසම, ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් මතු නොවීමට ප්‍රධානම හේතුව පොලීසිය ඇතුළු නීතිය පසිඳලන ආයතන කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීම බව ද පවසයි.

විපක්ෂ නායක හා පක්ෂයේ නඩත්තුවට ආණ්ඩුවෙන් මුදලක්

විපක්‍ෂ නායකවරයාගේ සහ විපක්‍ෂ නායක කාර්යාලයේ නඩත්තුව සඳහා අය-වැයෙන් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේදී බව හෙළිදරව් වේ. පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතා සඳහන් කරන ආකාරයට ඊට හේතු වී ඇත්තේ ආණ්ඩුව පවත්වාගෙන යෑමට රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලැබෙන සහයෝගයයි.

 මේ සහයෝගයට කළගුණ සැලකීමක් ලෙස ආණ්ඩුව මෙසේ විපක්‍ෂ නායකවරයාගේ සහ එම කාර්යාලයේ නඩත්තුවට වෙන් කරන මුදල පසුගිය වසරේ තවදුරටත් ඉහළ දමා ඇති බවද සඳහන් කළ මන්ත්‍රිවරයා, වැඩිදුරටත් අවධාරණය කළේ එවැනි විපක්‍ෂ නායකයකු කිසිසේත්ම ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැකි බවයි.

Gossip Lanka Hot News Previous News Archive