සීනි ඇමතිට, ධුරය පමණයි. විෂය පථයක් නැහැ !

මෙවර කැබිනට් සංශෝදනයේදී සිනී ඇමතිවරයෙකු පත්කර ඇතත් තවමත් සිනී ඇමතිවරයාගේ විෂය පථය තීරණ කර නැත. මේ අනුව සීනි ඇමතිවරයා සේ පත්කෙරුණු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට ඇත්තේ ඇමති ධුරය පමණකි.

කැබිනට් තීරණ දැනුම් දීමට ඊයේ (31 )පවතී මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කිවේ සීනි ඇමැතිධුරයට අයත් විෂය පථය තවමත් ගැසට් කර නොමැති බවයි. "ලංකාව සිනිවලින් ස්වයංපෝෂිත කිරීම මෙම ඇමති ධුරයේ අරමුණක් විය හැකියැ"යි කැබිනට් ප්‍රකාශකවරයා කිවේය.

ශ්‍රී ලංකාවේ මීළඟ රාජ්‍ය නායකයා අනුරාධපුරෙ ඉපදිලා - නාඩි ශ්‍රාස්ත්‍රකරුවෝ

ශ්‍රී ලංකාවේ මීළඟ රාජ්‍ය නායකයා 1974 වසරේ දී අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධියට ඉතා නුදුරු ස්‌ථානයක දී උප්පත්තිය ලබා ඇතිබව 'දිවයින' පුවත්පත අද (01) අනාවරණය කර ඇත. නාඩි පත් ඉරුවලට අනුව ඉන්දියානු යෝගීවරුන්ගේ මතය අනාවරණය කරමින් එම වාර්තාව පළකර තිබේ.
 
එම වාර්තාවත් සමහ මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ මහත් කැළඹීමක් හටගෙන ඇතැයි වාර්තාවේ. නාඩි පත් ඉරුවලට අනුව ඉන්දියානු යෝගීවරුන් කියන පුද්ගලයා අමාත්‍ය දුමින්ද දිසානයකදැයි දැන ගැනීමට බොහෝ දෙනෙකු වෙහෙසී ඇත. එහෙත් තමා ඉපදුනේ 1979 මාර්තු 28 වන දායි පවසමින් ඔහු ඇගබේරා ගෙන ඇත. දැනට අමාත්‍ය මණ්ඩලයේ සිටින ලාබාලම ඇමතිවරයා ද දුමින්ද මහතාය

IPL ඉහළම මිල ක්ලාක්ට සහ පොන්ටින්ට

2013 වසරේ ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ ක්‍රීඩකයන් වෙන්දේසියට මිළ සකස් කෙරේ.මේ අනුව අයි.පී.එල්. වෙන්දේසියේ වැඩිම වටිනාකම් හිමිවන ක්‍රීඩකයින් ලෙස ඕස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් සහ මයිකල් ක්ලාක් නම්කර තිබේ.ඔවුන්ට ඩොලර් ලක්ෂ 4 බැගින් වන මිලක් නියමවී තිබේ.

මීට අමතරව ද.අප්‍රිකාවේ ජොඈන් බෝතාට ඩොලර් ලක්ෂ 3ක මිලක් නියමවී ඇති අතර. මෙම වෙන්දේසියට ශ්‍රී ලංකාවේ උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් ඉදිරිපත්කොට ඇති අතර ඔවුන්ට ඩොලර් ලක්ෂයක බැගින්වූ මිලක් නියමවී තිබේ.

අයි පෑඩ් සොරකමේ ගිය නිරුපිකාව - iPad Theft

පසුගිය ජනවාරි 12 වන දින රුපියල් අසූපන් දහසක් වටිනා අයිපෑඩ් එකක් සොරකම් කල නිරුපිකාවක අධිකරණයේදී සිය වරද පිළිගෙන ඇත.මෙසේ අයිපෑඩ් උපකරණය සොරාගෙන ඇත්තේ සකුරා සෞම්‍යා කුමාරි බණ්ඩාරනායක නිරුපිකාවකි.

පසුගිය ජනවාරි මස 12 දින මෙම නිරුපිකාව කොල්ලුපිටිය ක්‍රෙස්කැට් සාප්පු සංකීර්ණයේ පිහිටි මොනාච්චි හවුස් ආයතනයට දැන්වීමක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසා ගොස් ඇත.පසුව එහි අයිතිකරු වන මොහොමඩ් ෆායින් රොෂාන් නැමැත්තා ඇය සමඟ සාකච්ඡා කර ඔහු එම වෙළෙඳ ආයතනයේ ඇතුළට ගිය අතරතුර ඔහුගේ අයිපෑඩ් එක මෙම නිරුපිකාව විසින් සොරකම්කොට ඇත.

පැරණි සිංදුවක් උස්සා ඉරාජ් ලෙඩක් දාගනියි

හර්බට් එම්. සෙනවිරත්න මහතා ලියූ ගීතයක පදමාලාව අනවසරයෙන් ගෙන විකෘතිකර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි කියන ගායක ඉරාජ් වීරරත්නට ලබන 19 වැනිදා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි එහි විනිසුරු ගාමිණී රොහාන් අමරසේකර මහතා අද (01) නියෝග කළේය.

හර්බට් මහතා මෙම ගීයේ පදවැල ලියා ඇත්තේ මීට වසර 63කට පෙර බවද මෙහිදී හෙළි විය.මියගිය සෙනවිරත්න මහතාගේ බිරිය වන ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න ඉරාජ්ගෙන් රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ මෙම නඩුව පවරා තිබේ.

තරුණියකගේ බුරිය අත ගෑ බැංකු කළමනාකරු දැලේ

බස් රථයකදී තරුණියකගේ නාභිය අතගෑ බවට සැකපිට දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ රාජ්‍ය බැංකුවක කළමනාකාරවරයකු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අතිරේක මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් රුපියල් විසිපන්දහසක ශරීර ඇපයක් මත මුදා හරිනු ලැබීය.මෙසේ ඇප මත මුදාහැරියේ මොරටුව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක කළමනාකාරවරයෙකි.

සැකකාර කළමනාකාරවරයා පසුගිය 27 වැනි දින සවස දෙහිවල සිට මහරගම බලා ධාවනය වූ පෞද්ගලික බසයකදීපැමිණිලිකාර තරුණියගේ නාභිය අතගෑ බවට ඇය විසින් දෙහිවල පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

උපේක්ෂා ස්වර්ණමාලිට දික්කසාදයට අවසර - Upeksha Swarnamali ( paba ) Divorced

පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට සිය සැමියා වූ මහේෂ් චමින්ද මහතාගෙන් දික්කසාද වීම සඳහා කොළඹ දිසා අධිකරණය අද අවසර ලබා දුන්නා.

 දෙදෙනා අතර ඇති වූ ආරවුලකින් පසු ගොනු කර තිබු නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කෙරුණා. උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පාර්ලිමේන්තු වරප‍්‍රසාද යටතේ හිමිව ඇති වාහනය මෙතෙක් කල් භාවිත කර තිබුණේ මහේෂ් චමින්ද මහතායි.

ප්‍රාදේශීය ලේකම් ලිංගික අල්ලසක් ගනිද්දී මාට්ටු

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම්වරයා අද (31) දහවල් බඩල්කුඹුර ප්‍රදේශයේ කාන්තාවකගෙන් ලිංගික අල්ලසක් ලබා ගන්නට තැත් කරමින් සිටි අවස්ථාවේ දී අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමේ නිලධාරින් විසින් බදුල්ල ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකදී අත්අඩංගුවට ගත්හ. මෙම කාන්තාව විසි හැවිරිදි වියේ පසුවන විවාහක කතකි.

ඇය පදිංචි ඉඩම සම්බන්ධයෙන් කිසියම් ආරවුලක් තිබී ඇත. මෙම අරාවුල විසඳා දීම සඳහා ඇය බඩල්කුඹුර ප්‍රාදේශිය ලේකම්වරයා මුණ ගැසී ඇති අතර එය නිරවුල් කර දිය හැකි බව ප්‍රාදේශීය ලේකම්වරයා පවසා ඇත. ඊට ලිංගික අල්ලසක් ඉල්ලා ඇති අතර කාන්තාව මෙම සිද්ධිය ඇගේ සැමියාට දැනුම් දී තිබේ. අනතුරුව සැමියාගේ අනුදැනුම මත මෙම කාන්තාව අද දින උදයේ ප්‍රාදේශීය ලේකම්වරයා හමු වී තිබෙන අතර ඔහුට අයත් නිල රථයෙන් බදුල්ල ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකට ගොස් ඇත.

Gossip Lanka Hot News Previous News Archive