අම්බුළුවාවේ හාමුදුරුවෝ අගමැතිට පිළිතුරු දෙයි

මහනුවර, අම්බුළුවාව නිදන් කොල්ලයට තමන් සම්බන්ධ නැතැයි අගමැතිවරයා ප්‍රකාශ කිරීම අසත්‍යයක් බව අම්බුළුවාවේ ධර්ම ගවේෂී විහාරාධිපති උනන්විටියේ ශාන්ත භද්‍ර හිමියෝ අවධාරණය කරති.

ඒ හිමියන් මේ අදහස් දැක්වූයේ පසුගිය සතියේ 'මව්බිම' පුවත්පතට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි. අගමැතිවරයා මෙහිදී පවසා තිබුණේ තමන් අම්බුළුවාවෙන් කිසිදු නිධානයක් නොගත් බවයි.අම්බුළුවාව සර්ව ආගමික පුදබිමේ දි.මු. ජයරත්න මහතා නිධානය ලබාගත් බවට දැනටද සාක්‍ෂි ඇති බව පවසන ඒ හිමියන් අඩි 500ක් ගැඹුරු ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාව ඉදිකර ඇත්තේ නිධානය ලබාගැනීමට හෑරූ ස්ථානයේ බව පැවැසීය.තමන්ට දරුවන් පස්දෙනකු සිටින බවට අපහාස කරමින් අගමැතිවරයා තම නිවැරැදිභාවය ඔප්පු කිරීමට උත්සාහ ගන්නා බවත් දින 7ක් මුළුල්ලේ පිරිත් සජ්ජායනා කරමින් මේ නිධානය ලබාගෙන ඇති බවට ශාන්ත භද්‍ර හිමියෝ පැවැසූහ.

තරු විසිපහක් තරගකරන දෙරණ සිටි ඔෆ් ඩාන්ස් " DERANA CITY OF DANCE ULTIMATE LEVEL"

"City of Dance ultimate level " ලෙසින් දෙරණ රූපවාහිනිය මඟින් සංවිධානය කරන නර්තන තරගාවලියේ සිවුවන අදියර පෙබරවාරි 10 ඉරිදා රාත්‍රී 9ට ප්‍රේක්ෂකයා හමුවට රැගෙන ඒමට සියලු කටයුතු සූදානම් බව අපට දැනගන්නට ලැබුණා. එහිදී, මෙවර තරගාවලියේ සුවිශේෂී වෙනස්කම් කිහිපයක්ම සිදුවන බව අපට කීවේ මෙම වැඩසටහන ප්‍රභාත් කහදුආරච්චි සමඟ සම නිෂ්පාදනය කරන දිල්ෂාන් අමරසිංහයි.


දෙරණ "City of Dance" මේ කීවැනි ඇරැඹුමද?
මේ සීසන් ෆෝ එක. "DERANA CITY OF DANCE ULTIMATE LEVEL" කියලා තමයි මෙවර වැඩසටහන නම් කරලා තියෙන්නේ.

පරාජයකට මගපාදන වාතාවරණයක් ජිනීවාවල නිර්මාණය වෙලා

( 'රාවය' පුවත්පතේ කර්තෘ කේ.ඩබ්ලිවේ. ජනරංජන මහතා, ආචාර්ය දයාන් ජයතිලක මහතා සමග පැවැත්වූ සාකච්ජාවකි )

නිදහස් උළෙලේදී ජනාධිපතිවරයා විශේෂයෙන් කියා සිටියා එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය අනුව සියලූම සාමාජික රටවල් එකම තත්ත්වයක ලා සලකන බවත්, ඔවුන් එකිනෙකාගේ ස්වෛරීත්වය ගරුකළ යුතු බවත් හා එක් රටක් තවත් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතු බවත්. මේ ප‍්‍රකාශය ඒ අර්ථයෙන්ම සත්‍යයක්ද, එසේ නොවේද?
ඒක සම්පූර්ණ සත්‍යය නොවෙයි. අසත්‍යයකුත් නොවෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය තුළ සියලූම රටවල්වලට තියෙන්නේ එක ඡුන්දයක් බැගින්. එක්සත් ජාතීන්ගේ ප‍්‍රාරම්භක ප‍්‍රඥප්තියේ ජාතීන්ගේ ස්වෛරීභාවය සුරක්‍ෂා කරලා තියෙනවා.

ලාංකිකයාගේ මරණ දඬුවමට එරෙහිව අභියාචනයක්

 කටාර්හි මරණ දඬුවම නියමව සිටින ශ්‍රී ලාංකික තරුණයා සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ.එහි කම්කරු සුබසාධන නිලධාරි ඩබ්ලිව්.ඒ.එම්. වන්සේකර මහතා පැවසුවේ ඒ පිළිබඳව පසුගියදා කටාර්හි නීතිඥවරයෙකු හමුවී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළ බවය.
ඊට වැය වන නඩු ගාස්තු ගෙවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය ලැබී ඇති බව ඔහු පැවසීය.එරට නීතිය අනුව මරණ දඬුවම නියමවීමෙන් පසු අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා දින 60 ක් කාලයක් හිමි වේ.අදාළ ශ්‍රී ලාංකික තරුණයාට මරණ දඬුවම නියමවී ඇත්තේ පසුගිය දෙසැම්බර් 31 වැනිදා ය.මේ අතර වන්දි මුදලක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහුට සමාව දීම සඳහා මියගිය පුද්ගලයාගේ ඥාතීන් එකඟ වී තිබේ.වන්සේකර මහතා පැවසුවේ එම වන්දි මුදල ලබාදීමට මරණ දඩුවම හිමිව සිටින පුද්ගලයාගේ ඥාතීන් ද එකඟවී ඇති බවය.

ආර්ථික වර්ධනයේ බල බිඳින එළවළු මිල ! The Economic Analysis

 ජනවාරි මස උද්ධමනය ඉකුත් දෙසැම්බර් මස පැවති සියයට 9.2 සිට සියයට 9.8 දක්‌වා ඉහළ ගියේය. උද්ධමනය යනු බඩු මිල වැඩි වීමයි. උද්ධමන අනුපාතයෙන් ප්‍රකාශ වන්නේ බඩු මිල ඉහළ යැමේ වේගයයි. ඒ අනුව ජනවාරි මාසයේදී බඩු මිල ගණන් ඉහළ යන වේගය සියයට 9.8 දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ පසුගිය කාලයේ පැවැති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා සිදුවූ වගා හානි සහ අදාළ නිෂ්පාදිතවල සැපයුමේ පැවැති හිඟයන්ය. 

මේ නිසා එළවළු මිල ගණන් විශාල ලෙස ඉහළ ගියේය. ජනතාවගේ ජීවන බර වැඩි කළ මේ අධික එළවළු මිල ගණන් හමුවේ ඊට ලංකා සතොස ද මැදිහත් වී සහන මිලට එළවළු අලෙවි කිරීමේ වැඩපිළිවෙළක්‌ ද ආරම්භ කළේය.

දැරිය නිදොස් කරන්න පොලිසියට බැරිලු

පාසලේ වර්ණාලේපයට මුදල් සොයා ගැනීමට, යාබද වත්තකින් පොල් ගෙඩි 8 ක් සොරකම් කල බව කියන හොරණ මේධංකර මහා විද්‍යාලයේ 13 හැවිරිදි දැරියක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සදහන් වන්නේ, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 367 වගන්තියේ දඬුවම් ලැබිය හැකි සොරකම නැමති වරද පොලිස් ස්ථානය මගින් කිසිසේත්ම සමත කළ නොහැකි වරදක් බවය.

එම වරදට අත්අඩංගුවට ගත් අයෙකුට ඇපදීමට පොලිස්ථානාධිපතිට බලතල නොමැති බව ද එම නිවේදයේ සදහන්වේ. එවැනි වරදක් සමථ මණ්ඩලයට ඝෘජුව යොමු කිරීමට නීති ප්‍රතිපාදන නොමැති බව ද පොලීසිය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

The Hobbit: An Unexpected Journey – හොබිට් (2012)

‘ලෝඞ් ඔෆ් ද රිං’ චිත‍්‍රපට පෙළ සාර්ථක වීමත් සමඟ ටෝල්කින් 1966 දී ලියූ ‘හොබිට්’ නමැති කෙටි කතාව ද චිත‍්‍රපට ති‍්‍රත්වයක් ලෙස මේ වන විට නිර්මාණය වෙලා තියෙනවා. එයත් පීටර් ජැක්සන්ගේ අධ්‍යක්ෂණයක්. එම චිත‍්‍රපට ති‍්‍රත්වය ‘ද හොබිට්: අන්එක්ස්පෙක්ටඞ් ජර්නි’, (The Hobbit: An Unexpected Journey) ‘ද හොබිට්: ඩෙසොලේෂන් ඔෆ් සාමුග්’ (The Hobbit: The Desolation of Smaug) සහ ‘ද හොබිට්: දෙයා ඇන්ඞ් බෑක් අගේන්’ (The Hobbit: There And Back Again) යනුවෙන් නම් කර ඇති අතර එහි පළමු වන චිත‍්‍රපටයේ මංගල දර්ශනය මේ වසරේ නොවැම්බර් 28 වැනිදා වෙලින්ටන්හි එම්බසි සිනමාහලේදී ප්‍රදර්ශනය කළා.

තුංගසිරි වසරකට හිරේ යවයි - කස පහර 100කුත් - Conviction for Practicing Black Magic

සෞදි නීතියට පිටුපා එරටදී යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරී‍මේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ප්‍රේමනාත් පෙරේරලාගේ තුංගසිරි නැමැති දෙදරු පියා කසර පහර 100ක්ද සමගින් වසරක කාලයක් සඳහා සිරදඬුවම් නියම කර තිබේ.

සෞදියේ රියදුරෙකු ලෙස සේවය කළ මොහු එරටදී බුදුන් වැඳීමේ චෝදනාව මත පොලීස් අත්අඩංගුවට ගත් බවට මීට පෙර අනාවරණය කර තිබුණද එම තොරතුරු අසත්‍ය බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබිණ.කෙසේ හෝ තුංගසිරි නැමැති මොහු තමාගේ ඥාතියෙකු‍ යැයි පැවසෙන කාන්තාවක් සේවය කරන නිවසකට නීති විරෝධී ලෙස ඇතුළුවීමේ චෝදනාව මත සෞදි පොලීසිය විසින් පසුගිය වසරේ මැයි මස අත්අඩංගුවට ගන්නා ලදී.එසේ අත්අඩංගුවට ගත් සැකකාර තුංගසිරි සෞදි අධිකරණය ඉදිරි‍යේදී එරට නීතිය උල්ලංඝණය කිරීමේ‍ චෝදනාව මත වැරදිකරු බවට පත්වීමෙන් පසු කසපහර 100ක් සමග වසරක සිරදඬුවමක් මෙලෙස නියම කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive