දියණියට වයස අවුරුදු පහක් පමණ වන විට ඇගේ මව මියගියාය. පියාත්, අක්කාත් මෙම දියණියත් නිවෙසේ තනි විය. ටික කලකින් අක්කාද විවාහ වී නිවෙසින් බැහැර වූවාය. පියාත්, බාල දියණියත් පමණක් නිවෙස තුළ ජීවත් වූ අතර ඇය සපුගොඩ ප්‍රදේශයේ විද්‍යාලයකට අධ්‍යාපනය හැදෑරීමට ගියාය.
මේ අතරතුර අසල නිවෙසක අයෙක් ඔහුගේ බිරිය සමඟ අමනාප වී මෙම නිවෙසට පැමිණ ජීවත් වන්නට පටන් ගත්තේ දුරින් ඥාති සහෝදරයකුද වූ නිසාය. තිදෙනාම ඉතාමත් ළෙන්ගතුව එකම නිවෙසේ ජීවත් විය. දැරියට නෑකමට අසල්වැසියා ලොකු තාත්තා විය. ඔහු දැරියට තම දරුවකුට හා සමානව ආදරය කළේය. දැරියගේ පියා එදිනෙදා කුලී වැඩවලට ගියේය. ලොකු තාත්තා ඊට පසුව දෙහිවල ප්‍රදේශයේ පදිංචියට ගියේ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ආරක්ෂක අංශයේ රැකියාවක් ලැබීම නිසාය.
මෙසේ කාලය ගෙවෙන විට 11 වියැති දැරිය පාසලේ සෙල්ලම් කරන අවස්ථාවේ බෝලයක් බඩේ වැදී බඩ රිදුම් දීමකින් රෝගී වීම නිසා ආඳපාන මූලික රෝහලට ඇතුළත් කළාය. එහිදී කළ පරීක්ෂණවලදී දැරිය කිසිවකු අතින් දූෂණයට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය විය. රෝහල් බලධාරීන් කඹුරුපිටිය පොලිසියට වහාම පැමිණිල්ලක් කළේය.දැරිය කළ හෙළිදරව්ව අනුව ගෙදර නතරව සිටි ලොකු තාත්තා සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ විය. ඒ වනවිට ලොකු තාත්තා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගත්තේය.




.jpg)

