පාර්ලිමේන්තුවේ සිට පළාත් සභාව තෙක් ආපසු හැරුණු දයාසිරි ජයසේකර මහතාගේ නිසැක බලාපොරොත්තුව වනුයේ වයඹ මහඇමැති ධුරයයි. එහෙත් එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් ද නොවන බව පෙනීයයි. දයාසිරි ජයසේකර මහතා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකි මේ.
ප්‍රශ්නය - පසුගිය මහ මැතිවරණයේදී ඔබ එක්‌සත් ජාතික පක්‍ෂයේ සිට සන්ධාන ආණ්‌ඩුව විවේචනය කොට විපක්‍ෂ භූමිකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. එහෙත් මෙවර පළාත් සභා මැතිවරණයේදී ඔබ සන්ධානය දිනවන්න මහ ඇමැතිධුරය ලබා ගන්න තරග කරනවා. මොනවාද ඔබට ලැබෙන ප්‍රතිචාර.
පිළිතුර - ඇත්තටම. මම ගත්තු ඒ තීරණය ගැන ජනතාවගෙන් විශාල ප්‍රතිචාරයක් තිබෙනවා. මම එක්‌සත් ජාතික පක්‍ෂය පාවාදීලා පක්‍ෂයේ ඡන්ද අරගෙන ගිහිල්ලා ආණ්‌ඩු පක්‍ෂයේ වාඩිවුණේ නැහැ. ඒ වගේම විශේෂයෙන් මම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වුණා. එය මා හිතන්නේ ඓතිහාසික තීන්දුවක් කියලයි. විශේෂයෙන්ම මධ්‍යස්‌ථ මතධාරීන් බොහෝ පිරිසක් මට කතා කළා. ඔවුන් මගේ තීරණය අගය කළා. ඔවුන් කිව්වේ පක්‍ෂයේ රැඳී සිටින්න බැරිනම් පක්‍ෂයෙන් ඉවත්වුණාට ප්‍රශ්නයක් නැහැ.







