හිටපු මහ ඇමතිට දයාසිරිගෙන් චෝදනා

වයඹ පළාතේ සංවර්ධනයට ලැබුණු විදෙස් ආධාර නිසි කළමනාකරණයකින් ‍භාවිතා කර නැතැයි වයඹ පළාත් මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය. 'ඇතුගල්පුර විදුහල්පති ගුරු එකතුව' කුරුණෑගල නගර ශාලාවේදී සංවිධාන කළ පිළිගැනීමේ උත්සවයකට සහභාගීවෙමින් මහ ඇමතිවරයා එසේ පැවසීය. 

මෙසේ ලැබුණු විදෙස් ආධාරවලින් සියයට 50ක් ආපසු ගොස් ඇත්තේ නිසි ප්‍රයෝජනයක් නොගත් නිසා බවද ඒ මහතා එහිදී ප්‍රකාශ කෙළේය. ඉදිරියේදී රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර අපට ලැබෙන මුදල් යහපත් අයුරින් භාවිතා කර වයඹ ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බවද මහ ඇමැතිවරයා කීය. 

අයිෆෝන් වලට තවත් කැමරාවක්

මෙගාපික්සෙල් 41 කින් යුත් කැමරාවක් සහිත ප්‍රෝ ලුමියා දුරකථනය වෙළඳපොලට නිකුත් කරමින් සුප්‍රකට නොකියා සමාගම නව පෙරළියක් ඇති කිරීමට සමත්විය.

කෙසේ වෙතත්, අනෙකුත් ස්මාර්ට්ෆෝන් උපාංග හිමියන්ටද ඉතා ඉහළ මට්ටමේ ඡායාරූප ගැනිමේ ඉඩකඩ සළසන උපාංගයක් වෙළඳපළට එක්ව ඇත.

ඕලොක්ලිප් නම් මෙම උපාංගය දුරකථනයට බාහිරව සම්බන්ධ කළ හැකි උපකරණයකි. මෙහි විශේෂත්වය වන්නේ එහි වයිඩ් ඇන්ගල්,ප්ලස් 10x,15x මැක්රො සූම් සහ ෆිශ් අයි වැනි ඡායාරූප ප්‍රයෝගයන් ( photo effects )සඳහා භාවිතා කළ හැකි කාච හතරකින් සමන්විත වීමය. 

චාල්ස් කුමරු නොවැම්බර් 14 ලංකාවට එයි

ලබන නොවැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සඳහා සහභාගී වීමට බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරු හා ඔහුගේ බිරිඳ කැමිලා පාකර් පැමිණෙන බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

ඒ අනුව චාර්ල්ස්, කැමිලා යුවප නොවැම්බර් 14 වනදා ලංකාවට පැමිණෙන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය නායකත්ව සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වී නොවැම්බර් 16 වනදා මෙරටින් පිටව යෑමට නියමිතය.

චාර්ල්ස් කැමිලා ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවේ දින 09 ක සංචාරයක් සිදුකරනු ඇත.


Coffee Chat සහභාගිවූ කලාකරුවන් තිලකරත්න ඩිල්ෂාන් සමග

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු වන තිලකරත්න ඩිල්ෂාන් සමග කලාකරුවන් සහභාගිවූ හිරු ටීවී හි 'කොපි චැට්' වැඩසටහනින් පසුව තවත් වැඩසටහනක් පැවැති බව වෙත වාර්තා වේ. 

මේ වැඩසටහනට 'කොපි චැට්' හි පසු කාර්යමණ්ඩලය හැර සියලුදෙනා සහභාගිවී තිබේ. එම වැඩසටහන මෙහෙයවූ රංගන, රිතූ ආකර්ශා, සංජීවනී වීරසිංහ, රුවන්, අතුලු පිරිසක් මීට එක්වූහ.

රාත්‍රී 12.00 ට පමණ ආරම්භ වූ මේ වැඩසටන පවත්වා ඇත්තේ කොල්ලුපිටියේ පිහිටි පිලාවුස් (pilawoos) හි බවද පැවසේ. 

 ඩිල්ෂාන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව පැවසීමෙන් පසුව සහභාගිවූ පළමු රූපවාහිනී වැඩසටහන මෙය වේ. අදාල වැඩසටහනේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

ලෝව ලොකුම කඹ ඇදිල්ල

කඹ ඇදීම යනු මෙරටට අමුතු දෙයක් නොවේ. එහෙත් මේ පුවත, පුද්ගලයන් 27,000ක් එක්ව ටොන් 43ක කඹයක් අදින පුවතකි. මේ පිළිබඳව වාර්තා වන්නේ ජපානයේ ඔකිනාවා නුවරිනි. එම නුවරදී, මෙම සතියේ පැවැත්වෙන වාර්ෂික නාහා උත්සවයේ වඩාත්ම ආකර්ශණීය අංගය වන්නේ මෙම දැවැන්ත කඹ ඇදීමයි.

 උත්සවයේ සමාරම්භක අංගය වන මෙම තරඟයේ ආරම්භය 17වන සියවස දක්වා දිවෙන අතර මෙහි විශේෂත්වය වන්නේ ඒ සඳහා භාවිතා කරන කඹය ටොන් 43ක් බරින් යුක්ත වීමයි මේ තරගයට නගර වැසියන් 27000පමණ සහභාගී වන බවද මෙම අවස්ථාව ලොව දැවැන්තම කඹ ඇදීමේ උළෙල බවද විදෙස් වාර්තා වල දැක්වේ. 

මංගල සමරවීර මාතර පොලීසියට බාර වෙයි

එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර පසුගිය 05 වැනිදා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අද පෙරවරුවේ පොලිසියට භාරවූ මංගල සමරවීර මහතා ට එරෙහිව ඇති චෝදනා අතර ලවුඩ්ස්පීකර් හොරකමක් සම්බන්ධ චෝදනාවක්ද ඇතැයි මාතර මූලස්තාන පොලිස් ආරංචි මාර්ග වලින් වාර්තා වේ. 

 මීට අමතරව අදාල පෙළපාලියට පහරදීම හා එය මෙහෙයවීම යන චෝදනාද ඇතැයි පැවසේ. සිද්ධිය සම්බන්දයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවට මාතර පොලිසිය විසින් අධිකරණයට ඊයේ (14) දැනුම්දුන් පිරිස අතර එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයින් 08 දෙනෙකු සිටිති. 

 අත්අඩංගුවට ගැනීමට ඉදිරිපත් කර ඇති ලයිස්තුව මෙසේය. 

ලෝක කුසලානය අපට දිනන්න තිබුණා - අර්ජුන රණතුංග

ඉන්දියාවේදී නිමාව දුටු එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කුමාර් සංගක්කාර සිදු කළ වෙනස්කම් හතරක් පිළිබද තමන් පුදුම වූ බවත් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක අර්ජුන රණතුංග සදහන් කරයි.

ඉන්දියාවේ පැවති සම්මණ්ත‍්‍රණයක් අමතමින් හිටපු අර්ජුන රණතුංග කියා සිටියේ මෙරට කි‍්‍රකට් ක‍්‍රීඩකයන් සංවර්ධනය කිරීමේදී ඉන්දියානු කි‍්‍රකට් ක‍්‍රීඩාවෙන් ලබා ගැනීමට කිසිවක් නොමැති බවයි.

 අතීතයේදී එසේ වුවද වර්තමානයේදී ඉන්දීය කි‍්‍රකට් ක‍්‍රීඩාවේ ගමන් මාර්ගය දෙස ලබා සිටීමේදී ඉන්දීය කි‍්‍රකට් ක‍්‍රීඩාව පරිහානිය පැහැදිලිව දැකගත හැකි බව අර්ජුන රණතුංග වැඩිදුරටත් සදහන් කර සිටියේය. 

‘තරුණ ක‍්‍රීඩකයන් මූල්‍යමය වාසි තකා කෙටි තරග රටාවන්ට යොමුවීම අවාසනාවට කරුණක්.පැහැදිලිව කියන්න පුළුවන් ඉන්දියාවට තවත් සචින් ටෙන්ඩුල්කාර් කෙනෙකු හෝ සුනිල් ගවස්කාර් කෙනෙකු අවශ්‍ය නෑ.එක කාලයක අපේ කි‍්‍රකට් ඉගෙනුම් කි‍්‍රයාවලියේ එක් කොටසක් වශයෙන් තරුණ ක‍්‍රීඩකයන් ඉන්දියානු කි‍්‍රකට් ක‍්‍රීඩාව පිළිබදව අවධානය යොමු කළා.

එදා දෙවියන් කතරගමට වැඩියා – මංජුල පීරිස්

  • කතරගම දෙවියන්ගෙ නිල කැපකාරයා වෙච්ච කපුවාවත් නොකිව්ව කතාවක් ඔබ කිව්වා කියලා හරි ලස්සනට අනාගත්තා හරිද? වැරැදිද?
නෑ. ඒක අනාගැනිල්ලක් නෙවෙයි.
  • ˜ එහෙනම්, මොන ගැනිල්ලක්ද?
මං ආයිත් කියනවා ඇත්තටම මේක අනාගැනිල්ලක් නෙවෙයි.
  • එහෙනම්?
සමහර මාධ්‍ය වැරැදියට මේක තේරුම් ගත්තා. ඇත්තටම, තව පාරක් කිව්වොත් එහෙම අනාගැනිල්ලක් නෙවෙයි.
  • ˜ දෙවියො, ඒ කියන්නේ කතරගම දෙවියො වඩිනවා කියලා ඔබ කිව්වා මුළු රටටම ඇහෙන්න. ඒක රූපවාහිනී නාළිකාවකින් කිව්වා?
ඔව්.
  • ˜ ඔබට බෑ, නෑ කියන්න. මමත් ඒක ඇහුවා. මේ මගේ සාක්ෂිය ඔබ ප්‍රශ්න කරන වෙලාව. දෙවියො වැඩියෙ නෑ. ඒ ඇයි?
දෙවියන් අනිවාර්යයෙන් වැඩියා.

Gossip Lanka Hot News Previous News Archive