මුහුණු අලේපන වර්ග භාවිතය ප්‍රවේශමෙන්

දැනට වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇති මුහුණ පැහැපත් කිරීමේ අලේපන වර්ග 35% ක් පමණ ලියාපදිංචි වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එවැනි අලේපන භාවිත කිරීම තුළින් චර්ම රෝග, පිළිකා, වකුගඩු රෝග පවා ඇති විය හැකි බවට අනාවරණය වී තිබේ. 

ඒ අනුව, වෙළෙඳපොළේ අලෙවි කරන විලවුන් වර්ග පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. 

පාරිභෝගික අධිකාරිය හා එක්ව සිදුකරන මෙම වැඩසටහන මගින් මුහුණ පැහැපත් වීම සඳහා භාවිත කරන ආලේපන වර්ගවල කැඩ්මියම්, රසදිය, ඊයම් සහ ආසනික් යන බැර ලෝහ අන්තර්ගත ද යන්න පිළිබඳව සොයා බැලීමට නියමිතය. 

ලෝකයේ රටවල් 76 ක සුපිරි මොළකාරයන් පරාද කල අපේ සුපිරි මොළය

යහගීතයක් ගැයීමෙන් හෝ යහරංගනයක් රැුඟීමෙන් රුපියල් කෝටියක මූල්‍ය දායාද සමග සුපිරි වාහනයක් හා තවත් තෑගිබෝග පිරිනමන අපේ රටේ, ලෝකයේ රටවල් 76 ක සුපිරි මොළකාරයන් 1,500ක් පමණ දෙනා පරදවා ලෝකයේ ලොකුම මොළකාර දරුවා බවට පත්වූ මිහින්තලේ මහා විද්‍යාලයේ ඉගෙන ගනිමින් මෙවර කලා විෂයයන්ගෙන් උසස් පෙළ විභාගයට ලියන ගලෙන්බිඳුණුවැව පිටිසරබද දිවුල්වැව ගම්මානයේ දුප්පත් පවුලක උපන් ”කපුරු බණ්ඩාගේ පුබුදු දිනේෂ් අනුරුද්ධ චිත‍්‍රානන්ද කපුගේ” දරුවාට රටෙන් හා ජාතියෙන් යුක්තිය හා සාධාරණය ඉටුවීද? 

 රංගන තරුවකට හෝ ගීත තරුවකට එවන් තෑගි බෝග කන්දරාවකින් දෝත පුරවද්දී ලෝකයේ ”නාසා” ආයතනයේ ”කපුගේ තරුව” නමින් ඓතිහාසික ජාත්‍යන්තර තරුවක් ස්ථාපනය කොට පැමිණි මේ අපේ ”කපුගේ තරුවට” හෙවත් කපුගේ දරුවාට පිදිය යුතු ගරු බුහුමනින් හෝ පුදනු ලැබීද? 

මුළු මහත් ලෝකයේ එම වයසේ සුපිරි මොළකාරයන් 1,500ක් දෙනා පරදවා මව්බිමට පැමිණි ඔහු ඇමෙරිකාවේදී ලැබුණ ඩොලර් 3500 ක මුදල් සහ ඉන්දියාවෙන් ලැබුණ ඩොලර් 500 ක මුදල සමග උපන් බිමෙන් ලැබුණ ලක්ෂ දෙක තුනක මුදල බැංකුවක දමා ඒ මුදලට ලැබෙන පොළිය ලබාගෙන අනුරාධපුරයේ පුංචි කාමරයක් කුලියට ගෙන උපකාරක පන්තිවලට යමින් හෙතෙම වැඩිදුර අධ්‍යාපනය ලබයි. 

''රනිල් එළවන්න ගැටේ මෙන්න'' - 'මව්බිම' පුවත්පත

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය බිඳිය හැකි එකම ක්‍රමය ඔහු වෙනුවට කරු ජයසුරිය හෝ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ 'මව්බිම' පුවත්පත අවධාරණය කර සිටියි.

 ''රනිල් එළවන්න මෙන්න ගැටේ '' යන ශීර්ෂයෙන් යුතුව එම පුවත්පතේ අද පලවී ඇති වාර්තාවක එබව සඳහන්වේ. එම විශේෂ වාර්තාවේ මෙසේද සඳහන්වේ. '' පෙළපාළි යෑමෙන්, විරෝධතා පැවැත්වීමෙන් පක්‍ෂ නායකත්වයෙන් රනිල් එළැවීමට බැරි බව දැන් පැහැදිලිය. 

මන්ද ගෙදර සිටින ගෙම්බා කොයි ලෝකයට ගොස් දැම්මත් ඌ ගෙදරටම එන බැවිනි. රනිල්ගේ මේ උත්සාහය රුවන් විජේවර්ධනට පක්‍ෂ නායකත්වය දීමට තව කලක් ඔහු පුහුණු කළ යුතු නිසාය. පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය යනු විශාල බලතල සහිත තනතුරකි. 

ෆේස් බුක් එකේ ඉන්නේ මිත‍්‍රයො - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

තමන් විසින් කරන ලද ප‍්‍රකාශයකට ඇතැම් මාධ්‍ය විසින් වැරදි අර්ථකතන ලබා දී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහා පවසයි. දේවි බාලිකා විද්‍යාලයීය ත්‍යාග ප‍්‍රදාන උත්සවයට සහභාගී වෙමින් ඒ මහතා මේ අදහස් පල කලේය. ‘ෆේස් බුක් එකේ තමයි අපේ මිත‍්‍රයො ඉන්නෙ කියල අපි හුගක් විශ්වාස කරන්නෙ. 

ෆේස් බුක් එකේ ඉන්න මිත‍්‍රයො නොඅඳුනන අය ඇසුරු කරන්න එපා කියල මම ඒ අයට කිව්වා. මම කිව්වම ෆේස් බුක් එකේ යාළුවො ගැන විශ්වාස කරන්න එපා කියල සමහර දරු කැක්කුමක් නැති අය නං ඒක අනිත් පැත්තට වැරදියට අර්ථකථනය කළා මම ෆේස් බුක් එකට විරුද්ධ වුනාය කියලා. 

අපි දිහා එහෙම බලන අය අනුවණ වශයෙන් ඇගිල්ල දිහා බලනව කියල තමයි මම නං හිතන්නේ. අපි තොරතුරු තාක්ෂණයට විරුද්ධ නෑ. හැබැයි මේවයින් වන විපත් අපේ දරුවන්ට නොවෙන්න ඕන. ඔවුන් අපි බේරගන්න ඕන. ඒක දෙමාපියන්ට හා අපිට තියන ලොකු වගකීමක්. 

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ජනපති විවෘත කරයි

ශ්‍රී ලංකාවේ දෙවන අධිවේගී මාර්ගය වන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරිණි. 

පෑලියගොඩ මංසන්ධියේ සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා, අධිවේගී මාර්ගයට සම්බන්ධ CCTV කැමරා පද්ධතිය ද නිරීක්ෂණය කළේය. දිගින් කිලෝමීටර් 25.8 කින් යුත් මෙම අධිවේගී මාර්ගය කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපළ ප‍්‍රවේශ මාර්ගය දක්වා විහිදෙයි. 

මෙය ඒ 3 මාර්ගය ලෙසින් නම් කර ඇත. මාර්ගය මංතීරු 4කින් ද අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 4කින් ද සමන්විතය. නව කැලණි පාලම, පෑලියගොඩ, ජා ඇළ හා කටුනායක අන්තර් පිවිසුම් හුවමාරු මධ්‍යස්ථාන හතර පිහිටා තිබේ. 

සෙරන්ඩිබ් කුසලාන පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල පරදියි

සෙරන්ඩිබ් කුසලාන තුන්කොන් ජාත්‍යන්තර රගර් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල සහභාගිවූ පළමු තරගයෙන් මැඩගස්කරය හමුවේ ලකුණු 17-12ක පරාජයක් ලැබීය.

මේ තරගය ඊයේ (26) කොළඹ නවීකරණය කරනු ලැබූ තුරඟ තරග පිටියේ දී පැවැත්විනි. මැඩගස්කරය සිය ලකුණු 17 එක් ගෝලයකින් හා උත්සාහක දිනුම් දෙකකින් වාර්තා කළේය. 

දඞුවම් පහර 4කින් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 12 සටහන් විය. තරගය හමාර කිරීමට විනාඩියකට පෙර ශ්‍රී ලංකාව ලකුණු 2ක් ඉදිරියෙන් සිටි අතර අවසන් විනාඩියේදී ගෝලයක් වාර්තාකරමින් මැඩගස්කරය ලංකාවෙන් ජය උදුරාගත්තේය. 

සනත් ජයසූරියගෙන් දික්කසාද වීමට සැන්ඩ‍්‍රා උසාවි යයි

ප‍්‍රකට ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වන සනත් ජයසූරිය මහතාගෙන් තමන්ට දික්කසාද වීමට අවශ්‍ය බව පවසමින් සැන්ඩ‍්‍රා ටානියා රෝස්මරී ද සිල්වා මහත්මිය කොළඹ දිසා අධිකරණය හමුවේ අද නඩුවක් ගොනු කළා ය. 

තමන් සහ දරු තිදෙනාට රුපියල් මිලියන 800ක වන්දියක් ලබාදීමටත් නියෝග කරන ලෙස ද පෙත්සම මගින් ඇය ඉල්ලා තිබේ. බිලියනයකට අධික දේපළවල හිමිකාරිත්වය දරණ විත්තිකරුගෙන් දරුවනගේ ප‍්‍රයෝජනය සඳහා මෝටර් රථ දෙකක් ද මෙමගින් ඉල්ලා තිබේ. 

තමන් පදිංචිව සිටින නිවස ඔහුගේ වියදමින් සාදා දෙන ලෙස ද සැන්ඩ‍්‍රා ටානියා මහත්මිය පෙත්සම මගින් ඉල්ලා ඇත. සනත් ජයසූරිය මහතාට දාව කේෂානි, යලින්දි යන දියණියන් දෙදෙනෙකුගේ සහ රනුක නමැති පිරිමි දරුවකුගේ ද මව වන සැන්ඩ‍්‍රා ටානියා මහත්මිය, සනත් ජයසූරිය මහතාගේ දෙවැනි විවාහයේ බිරිඳ වේ.

ලොව විශාලතම බල්ලා මියයයි

ඇමෙරිකාවේ ඇරිසෝනාහි වාසය කළ ජෝර්ජ් නමැති ලොව විශාලතම බල්ලා පසුගිය 17වනදා මිය ගිය බව බල්ලාගේ හිමිකරු ඩේව් නසාර් පවසා තිබේ. 

අඩි 7අඟල් 3ක් උසැති මෙම සුනඛයා 2010දී ගිනස් පොතට ඇතුළු වූයේ එතෙක් මෙතෙක් ලෝකයේ සිටි උසම බල්ලා බවට සඳහනක්ද සමගිනි. මිනිසෙකුට වඩා උස වූ උගේ බර රාත්තල් 245කි. 

ජයන්ට් ජෝර්ජ් නමින් ප්‍රකට වූ මේ බල්ලා තම කීර්තිය ප්‍රයෝජනයට ගෙන අසරණයන්ට පිහිටවීමේ නොයෙකුත් අරමුදල් සඳහා එහි හිමිකරු යොදාගෙන තිබුණු අතර උගේම ෆේස් බුක් පිටුවක්ද අරඹා ඇත. 

මිය යන දිනය වන විට උගේ වයස හරියටම අවුරුදු 7 මාස 11කි.

Gossip Lanka Hot News Previous News Archive