කාර් රේස්‌වලට කොළඹ පාරවල් කීපයක්‌ වැසෙයි - Roads to be closed for Colombo Night Races

කොළඹ රාත්‍රි මෝටර් රථ ධාවන තරග පැවැත්වෙන අද (14 වැනිදා) සහ හෙට (15 වැනිදා) දිනවලදී කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කර ඇත.

මෙම රථ වාහන සැලැස්‌මට අනුව අදාළ දින දෙකේදී සවස 3.00 සිට මෝටර් රථ තරග අවසන් වනතුරු කොළඹ කොටුව ප්‍රදේශයේ මාර්ග කීපයක්‌ වසා දමනු ලැබේ. ඒ වෙනුවෙන් විකල්ප මාර්ග කීපයක වාහන ධාවනය කිරීමට පහසුකම් සලසා ඇති බව පොලිස්‌ රථ වාහන අංශය කියා සිටියි. විශේෂ රථවාහන සැලැස්‌මට අනුව වසා දමනු ලබන මාර්ග මෙසේය.

ගාලු මුවදොර වටරවුම අසලින් කොටුව දෙසට මාර්ගය, රීගල් වටරවුමෙන් කොටුව දෙසට වූ මාර්ගය, චෛත්‍යය පාර වරාය දොරටුව අසලින් කොටුව දෙසට, ඛාන් ඔරලෝසු කණුව වටරවුමෙන් කොටුව දෙසට මාර්ගය, ජනාධිපති මාවත, බැංකු මාවත හන්දියෙන් පරණ පාර්ලිමේන්තු වටරවුම දෙසට වූ මාර්ගය, ඕල්කට්‌ මාවත, සීනෝර් හන්දියෙන් කොටුව දෙසට (කොටුව දුම්රිය ස්‌ථානය දෙසට) මාර්ගය වසා දමනු ලබයි.

පකිස්ථානයේ සිහින බොඳ කළ සිංහයින් පළමු තැන රැකගනී - Sri Lanka won by 24 runs (Series drawn 1-1)

පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගවල කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමට තිබූ පකිස්ථාන කණ්ඩායමේ සිහිනය බොඳ කරමින් යළිත් එම ස්ථානය රැක ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් විය.

ඒ පකිස්ථානය සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 තරගය ලකුණු 24 කින් ජයග්‍රහණය කිරීමත් සමගිනි.මෙම තරගය ශ්‍රී ලංකාව පරාජය වූයේ නම් 20යි 20 ශ්‍රේණිගත කිරීමේ ලේඛනයේ 4 වන ස්ථානය දක්වා පසු බසිනු ඇති.ඒ අනුව තරග දෙකකින් සමන්විත තරගාවලිය තරග 1 – 1ක් ලෙස අවසන් විය.

ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු පකිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් පෙරේරා සහ ටී.එම්.ඩිල්ෂාන් පිටියට පිවිසියේය.ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.පළමු කඩුල්ල ලෙස ඩිල්ෂාන් ලකුණු 48කට දැවී ගියේය.විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් පෙරේරා 20යි 20 තරගවල සිය තෙවන අර්ධ ශතකය ලබා ගත්තේය.

කාන්තා ව්‍යවසායකයන්ට ඇප-පොලී නැතිව ණය - Loan for women entrepreneurs

බැංකු ණය ලබාදෙන වයස් සීමාව අවු. 68 දක්වා දික් කැරේ
ලක් ඉතිහාසයේ පළමු වතාවට පොලී හා ඇප රහිතව සියලුම කාන්තා ව්‍යවසායිකාවන්ට රුපියල් ලක්ෂ දෙකහමාරක ණය මුදලක් කඩිනමින් ලබා දෙන්නැයි මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා බැංකු බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉකුත්දා සිය නව වැනි (9) වැනි අය වැය වාර්තාව ඉදිරිපත් කරමින් කළ මේ යෝජනාව කඩිනමින් ක්‍රියාවට නංවන්නැයි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවටත්, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවටත් තමා උපදෙස් ලබා දුන් බවද ලේකම්වරයා  ප්‍රකාශ කෙළේය. ලබන වසරේ ජනවාරි මස 01 වැනිදා සිට රට පුරා පිහිටි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ඕනෑම ශාඛාවකින් මේ ණය මුදල ලබාගැනීමට කාන්තා ව්‍යවසායිකාවන්ට පහසුකම් සලසන්නැයි ද තමා උපදෙස් ලබා දුන් බව ද ලේකම්වරයා කීය.

ඉදිරි දෙවසර (2014 – 15) කාන්තා ව්‍යවසාය සංවර්ධනය කරන කාලපරිච්ඡේදයක් සේ සලකා දිරිමත් කාන්තා ව්‍යවසායිකාවන් ළඟටම ගොස් මේ ණය මුදල් ප්‍රදානය කිරීමට බැංකු නිලධාරීහු කටයුතු කරනු ඇතැයි ද ලේකම්වරයා බලාපොරොත්තු පළකෙළේය.

තවත් අයවැය හතරකින් ආණ්ඩුව පරාදයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මාතර ප‍්‍රාදේශීය සභාවේ අයවැය අද දෙවන වරටත් පරාජයට පත් වී තිබෙනවා. ඊට පක්ෂව ඡන්ද 7ක් ලැබෙද්දී, විරුද්ධව ඡන්ද 10ක් ලැබුණා. ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 5 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළා. මේ අතර මැදවච්චිය ප‍්‍රාදේශීය සභාවේ අයවැය දෙවනි වරටත් අද පරාජය වුණා. ඊට පක්ෂව ඡන්ද 2ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 6ක්. ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ද විපක්ෂව ඡන්දය ලබාදුන්නා.

මීට සුළු වේලාවකට පෙර කැස්බෑව නගර සභාවේ අයවැය ද දෙවනවරටත් පරාජයට පත්වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි කැස්බෑව නගර සභාවේ විපක්ෂ මන්ත‍්‍රීවරුන් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ද අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළා. 

බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ අයවැය ද මීට සුළු වේලාවකට පෙර පරාජයට පත්වුණා.

ළාබාලම තොරතුරු තක්ෂණ උපාධිධාරිනිය වශින්‍යා

කොළඹ ජාත්‍යන්තර පාසලේ මහනුවර ශාඛාවේ නවවන වසරේ අධ්‍යාපනය ලබන එකොළොස් හැවිරිදි වශින්‍යා ප්‍රේමානන්ද් සිසුවිය තොරතුරු තක්ෂණය පිළිබඳ ලොව ළාබාලතම උපාධිධාරිනිය බවට පත්වෙමින් තොරතුරු තාක්ෂණය පිළිබඳ බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සහතික ලත් උපාධිය (BCS IT DEGREE ) සමත්වී ඇත.

වයස අවුරුදු 8 දී අ.පො.ස සා.පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයට පෙනී සිට ඒ සාමාර්ථයක් ලබාගෙන ඇති ඇය මෙරට ළාබාලතම වෙබ් සැලැසුම් ශිල්පිනියද වෙයි.මෙයට අමතරව වයස අවුරුදු 08 දී වශින්‍යා ජාත්‍යන්තර පරිගණක ක්‍රියාකරු (Inter National Computer driving License) බලපත්‍රයද දිනා ගෙන ඇත.

වෙබ් ඉංජිනේරු ඩිප්ලෝමාව, තොරතුරු තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර ඩිප්ලෝමාව, ඇතුළු ඩිප්ලෝමාවන් කිහිපයක්ම වයස අවුරුදු 10 ඉක්මවන්නට පෙර ඇය සමත්ව තිබේ. වයස අවුරුදු 09 දී ඇය වෙබ් අඩවියක් තනිව නිර්මාණය කැර ලොව අඩුම වයසින් වෙබ් අඩවියක් නිර්මාණය කළ පුද්ගල ලැයිස්තුවේ දෙවන තැන දිනා ගත්තාය.ප්‍රේමානන්ද නඩරාජ් හා ලක්ෂි ප්‍රේමානන්ද් ශක්තිවෙල් දෙපළගේ එකම දියණිය වන ඇය මහනුවර I See q අධ්‍යාපන ආයතනයෙන් හා B caf පරිගණක ආයතනයෙන් තොරතුරු තාක්ෂණ උපාධියට පෙනීසිට ඇත.

අද සිට හැමෝටම පාර්ලිමේන්තු යන්න අවස්ථාව

මහජනයාට පාර්ලිමේන්තුව නැරමීම සඳහා මෙතෙක් ක‍්‍රියාත්මක වූ පෙර දැනුම් දීමක් කර ලබා ගත් අවසරයකින් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවීම සඳහා වූ ක‍්‍රමවේදය අද සිට අහෝසි කරන බව කතා නායක චමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව ඕනෑම අයෙකුට පෙර අවසරයකින් තොව පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අවස්තාව හිමිවෙයි.

කෙසේ වෙතත් පුද්ගලික වාහන පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු කිරීමට අවස්ථාව නොලැබෙන අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ සිට ජයන්තිපුර රථ ගාල දක්වා නොමිලයේ යොදවන බස් සේවයක් ක‍්‍රියාක්මකය.

2013 සරාගීම ආසියානු කාන්තාව Katrina Kaif

2013 වසරේ සරාගීම ආසියානු කාන්තාව ලෙස බොලිවුඩ් රංගන ශිලිපිනි කත්රිනා කයිෆ් නම් කර තිබෙනවා. 
පසුගිය වසර 6ක් තුළ ම කත්රිනා මෙම ලැයිස්තුවේ පළමු තිදෙනා අතර සිටීම ද විශේෂත්වයක්. 

ප‍්‍රියංකා චොප්රා මෙහි දෙවන ස්ථානයට පත් ව සිටින අතර ද්‍රෂ්ති දාමි සහ දීපිකා පදුකෝන් පිළිවෙළින් තෙවන සහ සිව්වන ස්ථානයන්ට පත් ව සිටිනවා. බොලිවුඩ් නිළි ශ්‍රී දේවී සහ මධුරි ඩික්සිත් මෙම ලැයිස්තුවේ සිටින වයස්ගතම කාන්තාවන් දෙදෙනාය. 

ශ්‍රී දේවී එහි 40 වන ස්ථානයේ පසු වන අතර මධුරි ඩික්සිත් 23 වස ස්ථානයේ පසු වෙනවා. 

 එක්සත් රාජධානිය මූලස්ථානය කර ගත් ඊස්ටන් අයි නිව්ස්පේපර් (Eastern Eye Newspaper) ආයතනය විසින් ලෝක ප්‍රසිද්ධ සරාගීම ආසියානු කාන්තාවන් 50 දෙනාගේ ලැයිස්තුව වාර්ෂිකව නිකුත් කරනු ලබනවා.

12 හැවිරිදි දරුවකු අපයෝජනය කළ ගුරුවරිය

12 හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනය කළායැයි පාසල් ගුරුවරියකට අවුරුදු 38 ක සිර දඩුවම් දීමට ඇමරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්ත උසාවිය නියෝග කළේය. 31 හැවිරිදි එතිල් ඇන්ඩර්සන් නැමැති භාෂා කලා ගුරුවරියක් වන ඇය 6 හැවිරිදි දරුවකුගේ මවකි. 

එපමණක් නොව ඇය වසරේ හොඳම ගුරුවරිය ලෙස සම්මානද ලබා සිටියාය. ඇය මෙලෙස සිදු කර ඇත්තේ අමතර පන්ති සඳහා දරුවා තම නිවසට ගෙන්වා ගනිමිනි. 

දරුවාගේ වෙනසක් හා ඔහු ගුරුවරිය සමග ඇති කිට්ටු සබඳතාව ගැන සැක සිතූ ඔහුගේ මව ඔවුන් කතා කරන දෑ හොර රහසේ තැටිගත කලාය. 

පසුව ඇය පොලිසියට පැමිණිලි කර එතිල් වාචිකව පැවසූ දේත් උසාවියට ඉදිරිපත් කළේය. තමා ඇගේ පෙම්වතා බවත් ඇයට ආදරේ කරන බවත් ඇය කළ දේවල් මෙසේයැයිද 12 හැවිරිදි දරුවා උසාවියේදී පැවසා සිටියා. 

Gossip Lanka Hot News Previous News Archive