ශ්‍රී ලංකාවට ලකුණු 2ක තියුණු ජයක් - Sri Lanka beat Bangladesh in T20 thriller

බංග්ලාදේශය සමග චිතගොං නුවර සහුර් අහමඩ් චවුද්රි ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති පළමු විස්සයි 20 තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.

ශ්‍රී ලංකා පිල කඩුලු 7කට ලබාගත් ලකුණු 168ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 166ක් රැස් කළේය. එනමුල් හක් ලකුණු 58ක් රැස්කරමින් බංග්ලාදේශ ඉනිමේ අන්තිම පන්දුව තෙක් සටනක නිතර වීම කැපී පෙනුණි.බංග්ලාදේශ පිලේ පළමු කඩුල්ල ලකුණු 52ක් එක් කිරීමට ටමිම් ඉක්බාල් හා ෂම්සූර් රහ්මාන් සමත්විය. පන්දු 36කින් බංග්ලාදේශයේ පළමු ලකුණු 50 වාර්තා වු අතර හත්වැනි ඕවරය යැවු අජන්ත මෙන්ඩිස් විසින් ම උඩපන්දුවක් රැකගැනීමෙන් ෂම්සූර්ගේ ඉනිම නිමාවට පත්විය. ඔහු ලකුණු 22ක් ලබාගත්තේය.

ඇන්ජලෝ මැතිව්ස්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ බංග්ලාදේශයේ දෙවැනි කඩුල්ල ලෙස ඉක්බාල් දැවී ගියේය. ඉක්බාල්ගේ පිත්තෙන් ඇදී ආ පන්දුවෙත දිවගිය මැතිව්ස් ඉදිරියට පැන පන්දු රැකගන්නා විට ඉක්බාල් ලකුණු 30 රැස්කරගෙන සිටියේ හතරේ පහර 6ක් සමගින් පන්දු 25කිනි‍.

අනර්කලී ගේ හා නදීෂා ගේ ඇත්ත නම මනාප අංක ලයිස්තුවෙන් හෙළිවේ

දකුණු පළාත් සභා මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයන්ගේ මනාප අංක මේවනවිට නිකුත් වී තිබේ.

එම ලැයිස්තුවේ මනාප අංක 02 සන්ධානයෙන් හිමිව ඇත්තේ අනර්කලී ආකර්ශා හට වන අතර එක්සත් ජාතික පක්ෂයෙන් මනාප අංක 02 හිමිව ඇත්තේ නදීෂා හේමමාලි වෙතය.නාම යෝජනා සකස් කිරීමේදී අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ උප්පැන්නේ සඳහන් නම් ලබාගත් අතර ඒ අනුව අනර්කලී ආකර්ෂා ගේ හා නදීෂා හේමමාලි උප්පැන්නේ තිබු නම් මාධ්‍යයට හෙළිවී තිබුණි.

මෙතෙක් කල් අනර්කලී ආකර්ෂා යනුවෙන් භාවිතා කල අනර්කලී ගේ සැබෑ නම වනුයේ අනාකලි ජනීතා ජයතිලකය.නදීෂා හේමමාලි යනුවෙන් පමණක් භාවිතා කල නදීෂා ගේ සම්පුර්ණ නම වනුයේ අරස මරක්කල නදීෂා හේමමාලි ය.

'විපක්ෂයෙන් ඉදිරිපත් වීම නිසා අපට රංගන වාරණ'

විපක්ෂයෙන් දේශපාලනයට පිවිසීම නිසා තමන් රඟපාමින් සිටි රූපවාහිනී නාට්‍යවලින් අසාධාරණ ලෙස ඉවත් කළ බවට රංගන ශිල්පීන් වන රවින්ද්‍ර යසස් සහ ජගත් බෙනරගම චෝදනා කරති.

මෙම රංගන ශිල්පීන් දෙදෙනා මෙවර බස්නාහිර පළාත් සභාවට තරඟ කරන්නේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන්.

ස්වර්ණවාහිනියෙන් විකාශනය වූ 'ඇන්ඩ් කොම්පැනි' දේශපාලන ප්‍රහසන මාලාව දේශපාලන බලපෑම් මත හදිසියේ ම නවතා දැමීමට එම නාලිකාව තීරණය කර තිබෙන බවයි එම නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයක් රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පි රවින්ද්‍ර යසස් පවසන්නේ.

තමන් මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීම මෙම වැඩසටහන අත්හිටවීමට හේතු වී ඇතැයි රවින්ද්‍ර යසස් සංදේශයට කියා සිටියේය.

ෆේස්බුක් සිද්ධියේ විදුහල්පතිට එරෙහිව පරීක්ෂණ පටන් ගනී

ෆේස්බුක් සිදුවීමක් මුල්කොට ගෙන සියදිවි නසාගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ ඉගෙනුම ලැබූ වෙනූෂා ඉමන්දි බංඩාර සිසුවියගේ මරණය පිළිබඳ ආරම්භ වන පරීක්ෂණයට බදාදා (12) දහවල් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙනී සිටින ලෙස එම විදුහලේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතාට උපදෙස් දී තිබේ. 

විදුහල්පතිවරයා විසින් අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් තමන්ට සිදුකළා යැයි කියනු ලබන හිරිහැර හේතුවෙන් සියදිවි නසා ගන්නා බවට ලිපියක් ලියා තබා එම විදුහලේ වෙනූෂා ඉමන්දි බංඩාර(15) සිසුවිය ඉකුත් 05වැනිදා සියදිවි නසා ගත්තාය.මෙම සිද්ධිය පිළිබඳ විමසීමට විදුහල්පතිවරයා සම්බන්ධ කැර ගන්නට පසුගිය දින කිහිපය තිස්සේ දැරූ උත්සාහයන් ව්‍යර්ථ විය. 

වයඹ පළාත් මහ ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් මත එහි අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතාට උපදෙස් ලබා දී ඇත්තේ සිද්ධියට අදාල සියලුම ලේඛන රැගෙන අද (12)දහවල් පැමිණෙන ලෙසටයි.

කළගුණ දන්නෝ ගව ඝාතන විරෝධී මතයට පැමිණෙත්වා..

මහනුවර ශ‍්‍රී දලදා මාලිගාවේ සිට කොළඹ ජනාධිපති මන්දිරය දක්වා ගමන් කරමින් සිටින ගව ඝාතන විරෝධී පා ගමනට ලක් වාසී සැමගෙන් සහයෝගය ලබාදෙන ලෙස හෙළ යුගය ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී.

එම ඉල්ලීම සහිතව එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

කළගුණ දන්නෝ ගව ඝාතන විරෝධී මතයට පැමිණෙත්වා!

ගවයා වනාහී පුරාතනයේ සිටම හෙළයේ සශ‍්‍රීකත්වය උදෙසා ප‍්‍රයෝජනයට ගත් සත්වයෙකි. හෙළ දීපයේ කෙත් වතු අස්වැද්දීම උදෙසා ගවයාගෙන් සිදුවුණු මෙහෙවර මෙතෙකැයි කියා නිමකළ නොහැකිය. අතීතයේ පටන් අද දක්වාම මිනිසාට සමීපව, මිනිසා වෙනුවෙන්ම යෝධ මෙහෙවරක නිරතවන ගවයා, සම්පතක් වශයෙන් සැළකුවේ ඒ නිසාය. පස් ගෝ රසින් මිනිස් ප‍්‍රජාව ශක්තිමත් කළ ගවයාගේ කාය බලය යොදවාගනු ලැබූයේ කෙත්වතු සරුසාර කරගැනීමටය.

පාසල් සිසූහු කොඩිකාරට හූ කියා පන්නති - Schoolchildren boo at Upali Kodikara!

පිළියන්දල කලාපයේ පාසලක්වන මොරටුව රත්මලාන කොතලාවලපුර විද්‍යාලයේ ළමයින් පාසල් වෙලාවෙන් පසුවත් පාසල තුල රඳවාගෙන සිටි උපාලි කොඩිකාර මහතා හට සිසුවන්ගෙන් හූ සංග‍්‍රහයක් ලැබී ඇති බව වාර්තාවේ.ඊයේ  (11) දහවල් සිසුන්ට පොත් හා කවකටු පෙට්ටි බෙදා දීමට පැමිණි උපාලි කොඩිකාර මහතා මෙවර තමන් ඡන්දයට ඉදිරිපත් වන බවද පවසා ඇති අතර සිසුන් පස්වරු 2.30 වනතුරුත් පාසල තුළ රඳවාගෙන සිට ඇත.

සිසුන්ගේ ප‍්‍රමාදය හේතුවෙන් දෙමව්පියන් පවා පාසලට පැමිණ තිබෙන අතර එහිදී යම් උනුසුම්කාරී තත්වයක් හටගෙන තිබේ. ඒ අවස්ථාවේ උපාලි කොඩිකාර මහතා රැස්වීම අවසන් කර ආපසු යාමට සූදානම්වූ විට සිසුන් මෙලෙස හූ තබා තිබේ.මෙවර බස්නාහිර පළාත් සභා මැතිවරණයේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂකයකු වන උපාලි කොඩිකාර මහතා තම මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පාසල් සිසුන් යොදා ගැනීම බරපතල මැතිවරණ නීති කඩ කිරීමක් බව එම පාසලේ ගුරුවරු මෙන්ම දෙමව්පියෝ පවසති.

Students of Kotelawalapura Vidyalaya in Ratmalana booed at UPFA candidate at western provincial council election Upali Kodikara today (11).The incident occurred due to the election candidate’s having kept the children waiting after school hours in order to distribute exercise books and compass boxes among them.He had got delayed to come, and parents too, had gone to the school to find out as to why their children were being kept late.As the politician was leaving, the children had booed at him.

වෑන්රිය ටිපර් රථයේ ගැටී මාන්කුලමේ දී 6ක් මියයති - 6 killed in road tragedy at Mankulam

"මිය ගිය අය අතර එකම පවුලේ පියා-සීයා-දරු දෙදෙනා"
"වෑන් රියේ රියැදුරාට නින්ද ගිහින්-ඔහුට අනතුරක් නෑ"
මාන්කුලම් ප්‍රදේශයේ දී ඊයේ (11) අලුයම සිදුවූ රිය අනතුරකින් හයදෙනෙක් මියගොස් තවත් හය දෙනෙක් බරපතළ තුවාල ලබා තිබේ.ඊයේ අලුයම 1.30ට පමණ සිදුවූ මෙම අනතුරට ලක්ව ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ පිරිසක් රැගත් වෑන් රථයක් ටිපර් රථයක ගැටීමෙන් බව පොලීසිය කියයි.

මාන්කුලම් හන්දියේ මහා මාර්ගයේ අයිනක ටිපර් රථය නවතා තිබී ඇත. අධික වේගයෙන් ගමන් ගත් මෙම වෑන් රථයේ රියැදුරාට නින්ද ගොස් පාරේ නවතා තිබූ ටිපර් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී තිබේ.මියගිය පිරිස අතර එකම පවුලේ පියා, සීයා සහ දරු දෙදෙනා ද වෙති. රියැදුරුට කිසිදු අනතුරක් සිදුවී නැති අතර ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

තීෂ්වරන් පදුමන් (05) රුචිකරන් පේසලන්, සෝදලිංගම් සදීවන් (35), සින්නතුරේ පරමේෂ්වරන් (75) සහ සින්නතුරේ සිවනේෂන් (35) මියගිය අය වෙති. තුවාල ලැබූ පිරිස මාන්කුලම් රෝ‍හලේ ප්‍රතිකාර ලබන අතර ඉන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව පොලිසිය කියයි. මාන්කුලම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

වලිගයක් සහිත විශේෂ පුද්ගලයෙක්

චන්දරේ ඔරාඔන් ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ කුඩා ගම්මානයක් වන අලිපුර්දුආර්හි පදිංචි තේ දළු නෙළන්නෙක්. ඔහු උත්පත්තියෙන් ලැබුණු දින දින වර්ධනය වන වලිගයක් සහිත විශේෂ පුද්ගලයෙක්.අඟල් 14.5 පමණ දිගැති ඉනට පහළ පසුපස පෙදෙසින් වැවී ඇති කෙස් වැටිය නිසා චන්දරේ හනුමන්තා දෙවියන්ගේ පුනරුත්පත්තියක් බවට එම ගම්මානයේ ජනතාව විශ්වාස කරනවා.

මේ නිසාම ඔහුට විශේෂ සැළකිලි දැක්වීමටත්, ඇදහීමටත් ගම්වාසීන් උත්සුක වෙනවා. වලිගයක් ඇති චන්දරේට හනුමාන් දෙවියන් සේ සැඟවුණු බලයක් සහිත පුද්ගලයකු බවයි ගම්වාසීන්ගේ පවසන්නේ. කෙසේවෙතත් උත්පත්තියෙන්ම සිදුවූ යම් කිසි හෝර්මෝන වෙනසක්, ජාන විචල්‍යතාවක් මීට හේතුවී ඇති බවයි වෛද්‍ය මතය වී ඇත්තේ.

මේ පිළිබඳ චන්දරේ නම් පවසන්නේ මෙවන් දෙයක්.මට තියෙන වලිගය නිසා මිනිසුන්ගේ විශේෂ සැළකිල්ලක් මට ලැබෙනවා. නමුත් මම නම් මේක වලිගයක් කියලා හිතන්නේ නෑ. මේක මට දෙවියන්ගෙන් ලැබුණුතෑග්ගක්. ආශ්චර්යයක්.’

Gossip Lanka Hot News Previous News Archive