රටේ මහ පරිමාණයෙන් වංචා දූෂණ කළ ප්‍රබල දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන්ගේ, ෆයිල් තොගය අද හෙට මාධ්‍යයට අනාවරණය කරන බව ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
ඇතැම් පිරිසක් තමා හොරුන්ගේ ෆයිල් ළඟ තබාගෙන සිටින බවට කරන චෝදනාවට පිළිතුරු දෙමින් තමා මේ පිළිබඳව පියවර ගන්නා බව මන්ත්‍රිවරයා පැවැසීය. ඊයෙ (26දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විසින් මේ පිළිබඳ විමසූ අවස්ථාවේ ඔහු මේ බව පැවැසීය.







