ජාතික භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන අසූව දශකයෙන් පසුව පැවැත්වෙන දැවැන්තම භික්ෂු විරෝධතා රැලිය හෙට (07) සවස 03ට කොළඹ හයිඩ් පිටියේදී පවත්වන බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ පවති.
වැඩි දුරටත් කරුනු පැහැදිලි කළ උන් වහන්සේ පැවසුවේ, දිවා රෑ සිදුකරණ මහජන විරෝධය ශක්තිමත් කිරීම සඳහා භික්ෂුවට ඇති කාර්ය භාර්යය හදුනාගත් ජාතික භික්ෂු පෙරමුණ මහානායක හිමිවරුන්, අනුනායක හිමිවරුන් සියලුම නායක පාර්ශවයන් සහබාගී කරගෙන මෙම භික්ෂු විරෝධතාවය පවත්වන බවය.
ඉතිහාසයේ දැවැන්තම භික්ෂු රැලිය හෙට කොළඹ දී
දුමින්ද සිල්වා සිංගප්පූරු යන්න ගුවන් යානයට ගොඩවෙයි
නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා සිංගප්පූරුව බලා පිටත්ව යාම සදහා මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය නැවතත් ඉල්ලා අස්වෙයි
ඊයේ තේරී පත් වූ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර තිබෙනවා.
ඊයේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා පැවති ඡන්ද විමසීමේදී ඔහුට පක්ෂව ඡන්ද 148ක් හිමිවුණා.
මීට පෙර ද නියෝජ්‍ය කතානායක ධුරයේ කටයුතු කළ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව මීට සති දෙකකට පමණ පෙර ජනාධිපතිවරයාට දන්වා ලිපියක් යොමුකර තිබුණා.
69 වසරකට පසු කෙරෙන හර්තාලය අද
ජන පීඩක ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බලකරමින් ක්‍රියාත්මක කෙරෙන දීපව්‍යාප්ත දැවැන්ත එක් දින වැඩ වර්ජනය සහ හර්තාල් ව්‍යාපාරය වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන දෙදහසකට වැඩි ප්‍රමාණයක සහභාගිත්වයෙන් අද (06දා) ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කර ඇත.
සමන්තභද්‍ර හිමිගෙන් රට හදන යෝජනාවලියක්
මෙරට දේශපාලනඥයන් හොඳක් කරාවි යැයි සිතා වසර 75 ක කාලයක්ජනතාව බලා සිටි බවත්රටට අවශ්‍ය කරන වැඩපිළිවෙල හැදෙන්නේ නැත්නම්වසර 85 ක් යන තුරු බලා නොසිට මහනායක හිමිවරුන් ද අනෙකුත් ආගමික නායකයන්ද පොදුවේ ශ්‍රී ලාංකික ලෙස සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව එකතුවී හොඳ වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළ යුතු බව සමන්තභද්‍ර හිමියෝ මහනුවර දී පැවසීය .
පාර්ලිමේන්තු අසල ඇති වැටේ වනන්න යට ඇඳුමක් අරන් එන්න
"ජනතාවට යට ඇඳුම් අන්දන ලැජ්ජානැති ආණ්ඩුවට යට ඇඳුමකින් විරෝධය පාමු" යන මැයෙන් විරෝධතාවක් හෙට පාර්ලිමේන්තුව අසල දී සංවිධානය කර තිබෙනවා.
අලි සබ්‍රිගේ ජීප් රියේ ගැටී තිදරු පියා මරුට
මුස්ලිම් ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහිම් මහතා ගමන් ගනිමින් සිටි සුඛෝපභෝගි ජීප් රථයේ ගැටුණු තිදරු පියෙකු ඊයේ (4දා) රාත්‍රියේ මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පුත්තලම මනතිව් ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු පියකු වු සිමියොන් බෙනඩික් නික්ෂන් නැමති වතු කම්කරුවකු ලෙස සේවයක කරමින් සිටි අයකු බව කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පුත්තලම මනතිව් ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු පියකු වු සිමියොන් බෙනඩික් නික්ෂන් නැමති වතු කම්කරුවකු ලෙස සේවයක කරමින් සිටි අයකු බව කියයි.







