The Interview with Ranil Wickremesinghe


හිටපු අග්‍රාමාත්‍ය, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් දේශපාලන අර්බුදය දෙස විමසුම් ඇසකින් බලා තීන්දු තීරණ ගත්තේය. විවිධ අවස්ථාවල වත්මන් අර්බුදය ගැන පවතින සාකච්ඡාවලදී ඔහුගේ මැදිහත්වීම සාධනීයයි. ආර්ථික අර්බුදය ගැනත්, වත්මන් දේශපාලනය ගැනත් එදා කොතරම් විචාරශීලීව බලන්නේ ද යන්න  කළ මේ සංවාදය බැලූ කල තේරුම්ගත හැකිය.

දුෂ්ට චරිත රඟපාන නිළියන් විකුණන නළුවෙක්


ඔහු නළුවෙකි. දුෂ්ට නළුවෙකි. දුෂ්ට නළුවෙක් ලෙස හැඳින්වූයේ වැඩි වශයෙන් ඔහු රඟපාන්නෙ දුෂ්ට චරිතවලට බැවිනි. ටෙලිනාට්‍යවල මෙන්ම චිත්‍රපටිවල ද මොහු එම චරිත රඟපායි. කලා ක්ෂේත්‍රයට පැමිණ දශකයකුත් ඉක්මවා ඇති මොහු ජනප්‍රිය නළුවෙකි.

Galadari Hotel - අරගලය කරදරයක් කියූ ගලදාරි හෝටලය වැඩ වරද්ද ගනී


ගාලු මුවදොර ආසන්නයේ පැවැත්වෙන ගෝඨාගෝගම විරෝධතාව නිසා ඒ ආසන්නයේ පිහිටි ජාත්‍යන්තර සංචාරකයින්ගේ ආකර්ෂණය දිනූ තරු පහේ හෝටල ගණනාවකට මේ කාලයේ යම් යම් අවහිරතා මතුවූ බව රහසක් නොවන්නේය.

ඇතැම් නිළධාරින් දුන්නේ වැරදි උපදෙස් – නාමල් රාජපක්ෂ


රජය පත් වූ විගස විශාල බදු සහන ලබා දීම නිවැරදි නොවන තීරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.බී බී සී ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

ආණ්ඩුව කොල්ලන්ට ගහන්න ගෙනා අලුත් ම කඳුළු ගෑස්


“උද්ඝෝෂණයකදී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම අද ඊයේ සිට ක්‍රියාත්මක වූ දෙයක් නෙමෙයි. මේක ලෝක යුද්ධ කාලේ ඉඳල ම දරුණු විදිහට සිද්ධ වුණා. එදා කිසි ම අණක් ගුණක් නැතිව ප්‍රමිතියක් නැතිව හදපු කඳුළු ගෑස්වල ශරීරයට, ඒ වගේ ම ඇස්වලට තදින් බලපාන රසායනික ද්‍රව්‍ය අඩංගු කොට තිබුණා. නමුත් පසු කාලයේ ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වී මේ සඳහා නීති රෙගුලාසි පැනවූවා. අද එදා තරම් සැර රසායනික දේවල් මේ සඳහා පාවිච්චි කරන්නේ නැහැ.”

ඉතිහාසයේ දැවැන්තම භික්ෂු රැලිය හෙට කොළඹ දී


ජාතික භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන අසූව දශකයෙන් පසුව පැවැත්වෙන දැවැන්තම භික්ෂු විරෝධතා රැලිය හෙට (07) සවස 03ට කොළඹ හයිඩ් පිටියේදී පවත්වන බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ පවති.

වැඩි දුරටත් කරුනු පැහැදිලි කළ උන් වහන්සේ පැවසුවේ, දිවා රෑ සිදුකරණ මහජන විරෝධය ශක්තිමත් කිරීම සඳහා භික්ෂුවට ඇති කාර්ය භාර්යය හදුනාගත් ජාතික භික්ෂු පෙරමුණ මහානායක හිමිවරුන්, අනුනායක හිමිවරුන් සියලුම නායක පාර්ශවයන් සහබාගී කරගෙන මෙම භික්ෂු විරෝධතාවය පවත්වන බවය.

දුමින්ද සිල්වා සිංගප්පූරු යන්න ගුවන් යානයට ගොඩවෙයි


නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා සිංගප්පූරුව බලා පිටත්ව යාම සදහා මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය නැවතත් ඉල්ලා අස්වෙයි


ඊයේ තේරී පත් වූ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර තිබෙනවා.

ඊයේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා පැවති ඡන්ද විමසීමේදී ඔහුට පක්ෂව ඡන්ද 148ක් හිමිවුණා.

මීට පෙර ද නියෝජ්‍ය කතානායක ධුරයේ කටයුතු කළ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව මීට සති දෙකකට පමණ පෙර ජනාධිපතිවරයාට දන්වා ලිපියක් යොමුකර තිබුණා.

Gossip Lanka Hot News Previous News Archive