“හොරු ගෝ ගම” ලබන 17 දා තෙක් වසා දමයි


පොල්දූව පාර්ලිමේන්තු පිවිසුම අසල සිටි විරෝධතාකරුවන් තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත්වී තිබෙනවා.

69 වසරකට පසු කෙරෙන හර්තාලය අද


ජන පීඩක ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බලකරමින් ක්‍රියාත්මක කෙරෙන දීපව්‍යාප්ත දැවැන්ත එක් දින වැඩ වර්ජනය සහ හර්තාල් ව්‍යාපාරය වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන දෙදහසකට වැඩි ප්‍රමාණයක සහභාගිත්වයෙන් අද (06දා) ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කර ඇත.

සමන්තභද්‍ර හිමිගෙන් රට හදන යෝජනාවලියක්


මෙරට දේශපාලනඥයන් හොඳක් කරාවි යැයි සිතා වසර 75 ක කාලයක්ජනතාව බලා සිටි බවත්රටට අවශ්‍ය කරන වැඩපිළිවෙල හැදෙන්නේ නැත්නම්වසර 85 ක් යන තුරු බලා නොසිට මහනායක හිමිවරුන් ද අනෙකුත් ආගමික නායකයන්ද පොදුවේ ශ්‍රී ලාංකික ලෙස සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව එකතුවී හොඳ වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළ යුතු බව සමන්තභද්‍ර හිමියෝ මහනුවර දී පැවසීය .

පාර්ලිමේන්තු අසල ඇති වැටේ වනන්න යට ඇඳුමක් අරන් එන්න


 "ජනතාවට යට ඇඳුම් අන්දන ලැජ්ජානැති ආණ්ඩුවට යට ඇඳුමකින් විරෝධය පාමු" යන මැයෙන් විරෝධතාවක් හෙට පාර්ලිමේන්තුව අසල දී සංවිධානය කර තිබෙනවා.

අලි සබ්‍රිගේ ජීප් රියේ ගැටී තිදරු පියා මරුට

මුස්ලිම් ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහිම් මහතා ගමන් ගනිමින් සිටි සුඛෝපභෝගි ජීප් රථයේ ගැටුණු තිදරු පියෙකු ඊයේ (4දා) රාත්‍රියේ මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පුත්තලම මනතිව් ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු පියකු වු සිමියොන් බෙනඩික් නික්ෂන් නැමති වතු කම්කරුවකු ලෙස සේවයක කරමින් සිටි අයකු බව කියයි.

රංජිත් සියඹලාපිටිය යළිත් නියෝජ්‍ය කතානායක ධුරයට


පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත්විය.

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය (පොපෙ)සහ පත් කළ මන්ත්‍රී  ඉමිතියාස් බාකිර්(සජබ) මහත්වරුන්ගේ නම් යෝජනා කෙරුණු අතර ඒ අනුව නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම සඳහා ඡන්දයක් පැවැත්විණි.

රංජිත් සියඹලාපිටිය මහතාට ඡන්ද 148   ක්ද ඉමිතියාස් බාකීර් මාකර් මහතාට ඡන්ද 65 ලැබිණි.

යෝෂිත රාජපක්ෂගෙ නඩුවට නලින්දගෙන් උදව්


අගමැති පුත් යෝෂිත රාජපක්ෂපක්ෂයේ දේපළ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විසින් සිදු කළ හෙළිදරව් කිරීම්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට නිවේදනයක් නිකුත් කළ යෝෂිත රාජපක්ෂට අධිකරණයට පැමිනෙන විට සූදානම් වී එන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් කරුණු කිහිපයක් මතක් කර දී තිබේ.

සමගි ජන බලවේගයේ අසමගිය දුරදිග යයි


මැයි දින පෙළපාළියේදී සහ රැලියේදී අඩුපාඩු සිදුවූ බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට එහි මන්ත්‍රිවරුන් කිහිපදෙනකු ඊයේ (03දා) සහභාගි වී නොමැති බව වාර්තා වේ.

ගයන්ත කරුණාතිලක, රෝහිණි කවිරත්න, හෙක්ටර් අප්පුහාමි, කාවින්ද ජයවර්ධන, හේෂා විතාන, චමින්ද විජේසිරි යන මන්ත්‍රිවරුන් පිරිසක් ඇතුළත් බවද වාර්තා වේ. එසේම මෙම කණ්ඩායම් රැස්වීමට සහභාගි වූ මන්ත්‍රිවරුන් කිහිපදෙනකු මැයි දින සංවිධාන කටයුතුවලට එරෙහිව අදහස් පළ කොට ඇති බවද සඳහන් වේ.

Gossip Lanka Hot News Previous News Archive