නයි නළඟනගේ බොරු අතේ මාට්ටු.. මෙච්චර කල් එයා ඇරලා තියෙන්නේ "නයා"

තමන් ඉන්දියාවෙ උපන් අයකු බවත් පියා ඉරාන ජාතිකයෙකු බවත් ඉගෙන ගත්තේ ජාත්‍යන්තර පාසලක බවත් නයා දොඩන්වල දේවාලයෙන් ලබාගත් බවත් කියමින් නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟන මෙතෙක් කල් ජනමාධ්‍ය නොමග යවමින් ප්‍රසිද්ධියක් ලබාගත් බව මේ වනවිට හෙළිදරව්වී තිඛෙනවා.
ඇය මහනුවර දන්තුරේ දිළිඳු පවුලක ඉපදී පියා බේබද්දෙකුව සිට නිවසින් ගිය පසු මවද පිටරටකට ඇය හැරදා ගිය පසු තමා යටතේ කුඩා ලෑලි ගෙදරක හැදී වැඩුණු බව ඇගේ සීයා විසින් ප්‍රකාශ කරනවා. මාධ්‍ය අමතමින් ඉන්දියාවේ මවක් ගැන හා ඉරාන පියෙක් ගැන ඇය පවසන කරුණුත් ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත් බව හා දේවාලයකින් ලබාගත් නයි පැටවෙකු ගැන කියන කරුණුත් මුළුමණින්ම ඇය ගෙතූ කතා බව ඇය වාසය කළ ප්‍රදේශයේ පිරිස් හා ඇගේ සීයා විසින් තහවුරු කර ප්‍රකාශ කරනවා.


ඇය නයා ලබාගත් බව කියන දොඩන්වල දේවාලයේ එවැනි නයෙකු සිට නැති බවද ඇයව නාඳුනන බවද එහි ප්‍රධාන කපු මහතා ප්‍රකාශ කරනවා. ප්‍රදේශවාසීන් කියන්නේ එවැනි නයෙක් සොයාගන්නට ඒ ප්‍රදේශයෙන් පහසුවෙන් හැකි බවයි. ඇයගේ සීයා පවසන්නේ කොළඹ සමාජ ශාලාවේ රැකියාවක් ලබාගැනීමට ඇය මේ කතා ගොතාගෙන කොළඹට ආ බවත් ඇයගේ වැරදි හැසිරීම් යළි නිවසට වැද්ද නොගන්නට තීරණය කර ඇයව ගමෙන් පන්නා දමා ඇති බවත්ය.

රාත්‍රී සමාජ ශාලාවේදී ඇය අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමග නයෙකු සමග සිටින නළඟනනකගේ ඇති විශේෂත්වය මත ඇය ගැන විවිධ තොරතුරු මෙතෙක් කල් මාධ්‍යවල පළවූ නමුත් ඒ සියල්ල ඇය ලබාදුන් තෙරතුරු මිස හරිහැටි සොයා බලා පළකරන ලද ඒවා නොවන බවද වාර්තා වනවා.
ඇය සේවය කළ ජිනා මැඩම්ගේ පුතුගේ ක්ලියෝපැට්රා සමාජ ශාලාවටද මේ මගින් අනියම් ප්‍රචාරයක් ලැඛෙන නිසා ඇයගේ නඩු හබ වලටද ඔවුන් වියදම් කර තිබූ අතර ඈ ගැන වැඩිපුර තොරතුරු මාධ්‍යවල පළකරන්නටද නොපැකිළව ඔවුන් අවසර ලබාදී තිබුණා. නයි නළඟන කී බොරු ගැන මේ හෙළිදරව්ව ඊයේ ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් ප්‍රචාරය කළ අයුරු පහතින්.



සබැදි පුවත්  1 කොල්ලුපිටියේ ක්ලබ් එකේ නයි නළඟන කියන අමුතු කතාව
                   2 නාග නළඟන නයා ඉල්ලයි, ඉහළ උසාවියටත් යන බව කියයි
                   3 නයි කෙල්ල නයා එක්කන් යයි 
                   4. මගේ පෙම්වතා නයා දුටු විට පැන දුවනවා


Gossip Lanka Hot News Previous News Archive