ඩයනාගේ මන්ත්‍රීධුරය අහෝසියි

සමගි ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වූ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරිය නොහැකි බවට ත්‍රිපුද්ගල ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය අද තීන්දුව ප්‍රකාශයට පත්කරමින් නියෝග කළේය.ද්විත්ව පුරවැසිභාවය සහිත අයෙකුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරය දැරිය නොහැකි බවට චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාගයක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මෙම නියෝගය නිකුත් කළහ.


රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ගම්‍ය වෙයි.

අනුරගෙන් සජිත්ට තවත් දිනයක් - මැයි 20ට පෙර විවාදයට සූදානම්

මැයි 20ට පෙර සමගි ජන බලවේගය ලබාදෙන ඕනෑම දිනක විවාදයට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජනබල වේගයේ මාතර මැයි රැළිය අමතමින්.

එමෙන්ම මේ වනවිට සෙසු සියළු පක්ෂ වෙනදාට වඩා මාලිමාව දෙස බලාසිටින බවත් එම නිසා සිය පක්ෂයට අභියෝගය වැඩි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මුදල් කාරක සභාවේ සභාපති ධූරය හර්ෂට


සමගි ජන බලවේගයේ  මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  සභාපති ධූරයට අද (7) පත් කරනු ලැබීය.

හර්ෂ ද සිල්වා මහතා එම තනතුරට පත් කරන්නැයි ඒ  කමිටුවට  යෝජනා කරනු ලැබූවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඒ අනුව එම යෝජනාවට  කාරක සභාවට  සහභාගි වූ සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය පළවිය.

හොරෙන් රත්‍රං ගෙනා මන්ත්‍රී යළි ඩුබායි ගිහින් එයි

රුපියල් කෝටි 08කට අධික වටිනාකමෙන් යුත් රත්‍රං සහ ජංගම දුරකථන සමඟ අත්අඩංගුවට පත්ව දඩ මුදල් ගෙවීමෙන් පසු නිදහස ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් නැවත ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඊයේ (28) අලුයම කටුනායක ගුවන් තොටුපළේ VIP පර්යන්තය හරහා මෙරටට පැමිණ ඇත.

ඊයේ (28) අලුයම මෙම මන්ත්‍රීවරයා දිවයිනට එද්දී ඔහු දැඩි පරීක්‍ෂාවට ලක් කිරීමට රේගු බලධාරීන් කටයුතු කර ඇති අතර තහනම් භාණ්ඩ කිසිවක් ඔහු සතුව තිබී ඇතැයි අනාවරණය වී නැත.

රනිල් යටතේ ඇමති ධූරයක් භාර ගනිමි - හරින්


විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අමාත්‍ය ධුර භාර ගනිමින් නව රජයට එක්වන බව ඉරිදා (16) රාත්‍රී පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කළේය. මින් ඉහත සජබ තීරණයක් ගන්නේ නැති සිටි අවස්ථාවේද ඔහු ස්වාධීන වීමේ තීරණයක් නිසා ප්‍රවෘත්ති මැවුණ අතර සජිත් ප්‍රමාදවී එම තීරණය ලබාගත් නිසා අගමැති පදවිය නොලැබුණි. 

අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා කළ කතාව

🔺ඉදිරි මාස කිහිපය දුෂ්කරයි
🔺මේ වනවිට පෙට්‍රල් ඇත්තේ දිනකට පමණයි
🔺අලුත් අයවැයකින් නව වැඩපිළිවෙළක්
🔺ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලිකකරණය කිරීමට යෝජනා
🔺මාගේ අරමුණ සහ කැපවීම පුද්ගලයෙක්, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනීමට නොවේ මුළු රටම බේරා ගැනීමටයි.- අගමැති

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා  සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින්.

ශ්‍රීලනිප සහය රනිල්ට ලැබේ


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙන අතර එහි දැක්වෙන්නේ නව රජයක් පිහිටුවීම සඳහා තම පක්ෂය සහය ලබාදෙන බවයි.

ජන දුක නිවන්න හරීන් හර්ෂ දැඩි ස්ථාවරයක


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අන්තර්කාලීන රජයට සම්බන්ධවීමට ආරාධනා කළහොත් රට වෙනුවෙන් කරන යහපත් ක්‍රියාදාමයකදී කකුළෙන් නොඇද ඊට සහය ලබාදිය යුතු යැයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ජනපති ඉවත් වෙන්නේ නෑ - අගමැති


ශ්‍රී ලංකා ආර්ථිකය යහපත් තත්ත්වයට ඒමට පෙර එය නරක තත්ත්වයට පත්වෙනු ඇතැයි නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එසේම විරෝධතාකරුවන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වෙන ලෙස සඳහන් කළත් එය සිදු නොවන බවත් ඔහු පැවැසීය

මූල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීමට සාකච්ඡා


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති බව අගමැති මාධ්‍ය අංශය පවසයි.මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාර ගත්තේය.

රටේ සියලු ප්‍රශ්න විසඳනවා - අගමැති රනිල්


ගෝඨාගෝගම විරෝධතා තවදුරට ත් පවත්වාගෙන යාමට ඉඩ දෙන බව නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අරගලකරුවන්ට අත තැබීමට පොලිසියට ඉඩ නොදෙන බව ද ඔහු සඳහන් කළේ ය.

නව අගමැති ලෙස රනිල් දිවුරුම් දෙයි


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු වී ඇත. වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා වන්නේ 06 වන වතාවටයි.

තංගල්ල රාජපක්ෂ පිළිරුවට හානි කරයි


තංගල්ල නගරයට එක්වූ විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (10දා) එහි පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට හානි සිදු කළහ. තංගල්ල, මහවෙල පාරේ කාල්ටන් නිවසට යාබදව ස්ථාපිත කර තිබූ ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව විරෝධතාකරුවන් විසින් මෙලෙස කඩා බිම දමා තිබේ.

අගමැති ජනපතිට ලිපියක් යවලා. ඒත් ඉල්ලා අස්වීමක් නෙවෙයි


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බවක් ඊයේ (08) රාත්‍රියේදී ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණු අතර පසුව එම පුවත ඔවුන් විසින්ම ඉවත් කරගෙන තිබිණි.

රෝගියකු අපහසුතාවයට පත් කළ වෛද්‍යවරයා හීරෝ වෙලා


මම ප්‍රතිකාර ලබා ගැනීමට ගියේ රෝගියකු ලෙසයි. වෛද්‍යවරයකු ඒ ආකාරයෙන් රොගියකුට සලකාවි යැයි මම කිසිසේත්ම හිතුවෙ නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අගමැති මහින්ද විරෝධතා මැද අනුරාධපුරයට


අගමැති මහින්ද රාජපක්ෂ අද (08) පෙරවරුවේ අනුරාධපුර අටමස්ථාන පුදබිමට ආශිර්වාද ලබා ගැනීම සඳහා ගොස් තිබෙනවා.

The Interview with Ranil Wickremesinghe


හිටපු අග්‍රාමාත්‍ය, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් දේශපාලන අර්බුදය දෙස විමසුම් ඇසකින් බලා තීන්දු තීරණ ගත්තේය. විවිධ අවස්ථාවල වත්මන් අර්බුදය ගැන පවතින සාකච්ඡාවලදී ඔහුගේ මැදිහත්වීම සාධනීයයි. ආර්ථික අර්බුදය ගැනත්, වත්මන් දේශපාලනය ගැනත් එදා කොතරම් විචාරශීලීව බලන්නේ ද යන්න  කළ මේ සංවාදය බැලූ කල තේරුම්ගත හැකිය.

ඇතැම් නිළධාරින් දුන්නේ වැරදි උපදෙස් – නාමල් රාජපක්ෂ


රජය පත් වූ විගස විශාල බදු සහන ලබා දීම නිවැරදි නොවන තීරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.බී බී සී ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය නැවතත් ඉල්ලා අස්වෙයි


ඊයේ තේරී පත් වූ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර තිබෙනවා.

ඊයේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා පැවති ඡන්ද විමසීමේදී ඔහුට පක්ෂව ඡන්ද 148ක් හිමිවුණා.

මීට පෙර ද නියෝජ්‍ය කතානායක ධුරයේ කටයුතු කළ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව මීට සති දෙකකට පමණ පෙර ජනාධිපතිවරයාට දන්වා ලිපියක් යොමුකර තිබුණා.

රංජිත් සියඹලාපිටිය යළිත් නියෝජ්‍ය කතානායක ධුරයට


පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත්විය.

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය (පොපෙ)සහ පත් කළ මන්ත්‍රී  ඉමිතියාස් බාකිර්(සජබ) මහත්වරුන්ගේ නම් යෝජනා කෙරුණු අතර ඒ අනුව නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම සඳහා ඡන්දයක් පැවැත්විණි.

රංජිත් සියඹලාපිටිය මහතාට ඡන්ද 148   ක්ද ඉමිතියාස් බාකීර් මාකර් මහතාට ඡන්ද 65 ලැබිණි.

Gossip Lanka Hot News Previous News Archive