ගාලු මෝදර රථ ගාලකදී භාතිය-සන්තුෂ් සංගීත කණ්ඩායමේ ගායිකාවක වන උමාරියා සිංහවංශගේ අත අල්ලා හිරි හැර කළ බවට චෝදනා එල්ලව සිටින රම්සි ජෙයිනූරු නම් එෆ් එම් නිවේදකයා ඇගේ පෙම්වතා යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී අද (14) හෙළි විය.
කෙසේවවුද පැමිණිල්ල ඉදිරිපත් කළ පොලීසිය කියා සිටියේ ඔහු පෙම්වතකු නොව මිතුරකු බව ඔමාරියා පැවසූ බවයි.
ජෙයනූර් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා මේ ප‍්‍රශ්නය විසඳා ගැනීමට ඔමාරියාද අධිකරණයට කැඳවන්නැයි ඉල්ලා සිටියේය.
පළමු දිනයේදී ඔස්ටේ‍්‍රලියාව 299/4 යි.
සංචාරක ශ‍්‍රී ලංකා පිල හා ඕස්ටේ‍්‍රලියානු පිල අතර අද (14) හෝබාර්ට්හි බෙලිරිව් ඕවල් ජාත්‍යන්තර ක‍්‍රීඩාපිටියේධි ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය අවසානයේදී ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලු 4ක් දැවී ලකුණු 299ක් ලබා ගත්තේය.
තම ටෙස්ට් දිවියේ 3 වැනි අර්ධ ශතකයට හිමිකම් කී පිලිප් හියුස් ලකුණු 86ක් ලබා ගත්තේය. හියුස් ටෙස්ට් පිටියෙන් සමුගත් රිකී පොන්ටින් වෙනුවට ඕස්ටේ‍්‍රලියානු පිලට ආදේශ කළ කී‍්‍රඩකයා වීමද විශේෂිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනයකට රාජ යෝගයක්- Chat With Ranjan Ramanayake
දේශපාලනයේදී රාජ යෝගයක් තිබීම යනු අනාගත ජනාධිපතිකම ලැබීම ගැන ලකුණක් සේ විශ්වාස කරනු ලබයි. කලින් කලට විවිධ දේශපාලඥයන් විවිධ ජෝතිශ්‍යවේදීන්ගේ අනාවැකි මගින් මුලාවී තමාට රාජ යෝගයක් ඇති සිතා කටයුතු කරන ආකාරය පසුගිය කාලය පුරාවට දැකගැනීමට හැකි විය.
මෙම රාජ යෝග සිහින මවන්න්නගේ අලුත්ම පුරුක වන්නේ සිනමා නළු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනයකයි. ඔහු පුවත්පතකට අදහස් දක්වමින් පවසා ඇත්තේ තමාට රාජ යෝගයක් ඇති බව ජෝතිශ්‍යවෙදියෙකු පැවසු බවයි.
මෙම රාජ යෝග සිහින මවන්න්නගේ අලුත්ම පුරුක වන්නේ සිනමා නළු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනයකයි. ඔහු පුවත්පතකට අදහස් දක්වමින් පවසා ඇත්තේ තමාට රාජ යෝගයක් ඇති බව ජෝතිශ්‍යවෙදියෙකු පැවසු බවයි.
මගේ පෙම්වතා නයා දුටු විට පැන දුවනවා- Cobra Girl in Kollupitiya
නාගයින් ආරක්ෂා කිරීම මිසක් වඳකර විනාශයට පත් කිරීමේ අරමුණක් තමාට නැතැයි “කොල්ලුපිටිය නයි නළඟන” හෙවත් නිරෝෂා විමලරත්න අප හා පැවැසුවාය. අගෝස්තු මාසයේ අවසාන දිනයකදී නයෙක් සමග අත්අඩංගුවට පත් වූ ඇය ළඟ සිටි නාගයා අධිකරණ නියෝගයක් මත දෙහිවල සතුන්වත්ත භාරයට පත් කර තිබිණි. නාගයා මැයගෙන් වෙන්කර සතුන් වත්තට භාරදුන් දිනයේ කෙසේ හෝ තමාගේ නාගයාද නැවතත් තමන් භාරයට ගන්නා බව මාධ්‍ය අමතමින් ඇය කීවාය.
හුස්ටන්, ගැන්ග්නම් සහ සැන්ඩි Googleහි ලොකුම රැල්ල වෙයි.
අභාවප‍්‍රාප්ත ගායිකා විට්නි හුස්ටන්, youtube හි ගැන්ග්නම් නර්තනය සහ සැන්ඩි කුණාටුව 2012 වසරේ google හි ජනප‍්‍රියම සෝදිසි කිරීම් වන බව සමාගම කියයි. වසරේ නැඹුරුතාවයන් සෙවීම සඳහා භාෂා 146 කින් කරන ලද ටි‍්‍රලියන 1.2 ක් පමණ වූ සෝදිසි කිරීම් ප‍්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් මේ ප‍්‍රතිඵල ලබාගෙන ඇත. ගැන්නම් නර්තන ගීතය ඉදිරිපත් කල කොරියාවේ ප්සායි බොහෝ කාණ්ඩවල ඉදිරියෙන් සිටී.
නාඳුනන වස්තු ගැන කියන්න දුරකථන අංකයක්
නාඳුනන දේ ස්පර්ෂ කිරීම හානි කර විය හැකි බව අමාත්‍යංශය කියයි.
මේ දිනවල රාත්‍රී අහසේ දිස්වන හඳුනානොගත් වස්තූන් පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ. පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් අහසේ සැරිසන හඳුනානොගත් වස්තූන් පිළිබඳ වාර්තා වු බවසෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මට හිරිහැර කරනකොට බැලූවෙ නෑ, දැන් චූන්ද – ෆොන්සේකා අධිකරණයෙන් අසයි
තමන්ට අසාධාරණයක් වන විට නිහඬව සිටි අධිකරණයට දැන් ඇස් ඇරී ඇතැයි සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඊයේ දිනයේ අධිකරණය ඉදිරියේ නඩුවතට පෙනී සිටීමෙන් අනතුරව පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙසේ කීය.
‘දෝෂාභියෝගය කොට්ටෝරුව කෙහෙල් ගහට ඇණල පටලව ගත්ත වගේ මේකේ පරාජය පිළිගන්න වෙලා තියෙනව ඒක පිටුපස සිටි පුද්ගලයට.
අපි ඔක්කොම දන්නව මේක කලේ පුද්ගලක වෛරයක් පිරිමහගන්න. බොරු චෝදනා දාල මට කරපු අසාධාරණ ක‍්‍රියාදාමය කරන්න ගියේ.
ඊයේ දිනයේ අධිකරණය ඉදිරියේ නඩුවතට පෙනී සිටීමෙන් අනතුරව පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙසේ කීය.
‘දෝෂාභියෝගය කොට්ටෝරුව කෙහෙල් ගහට ඇණල පටලව ගත්ත වගේ මේකේ පරාජය පිළිගන්න වෙලා තියෙනව ඒක පිටුපස සිටි පුද්ගලයට.
අපි ඔක්කොම දන්නව මේක කලේ පුද්ගලක වෛරයක් පිරිමහගන්න. බොරු චෝදනා දාල මට කරපු අසාධාරණ ක‍්‍රියාදාමය කරන්න ගියේ.






