යුධ වින්දන සිනමාවෙන් ඔබ්බට - " Ini Avan " චිත්‍රපටය පිළිබඳ සංවාදය

සමාජවාදී තරුණ සංගමයේ තරුණ නව රැල්ල සංවිධානය මගින් සංවිධානය කළ ඉනිඅවන් චිත්‍රපටය පිළිබඳ සංවාදයක් පසුගිය 17දින කොළඹදී පැවැත්විණි. මේ සඳහා චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම, එහි නිෂ්පාදක ජගත් වැල්ලවත්ත සහභාගී වූ අතර දේශකයින් වශයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ උදිත ගයාෂාන් මහතා, මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා සහ ප්‍රවීන දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා සහභාගී විය.

ඉනිඅවන් දෙමළ චිත්‍රපටය පිළිබඳ සංවාදාත්මක විචාරයක් සිදුකළ අතර එහි දේශනයන් පහත පළකරමු.

අමායා සමඟ මං සතුටින් ජීවත්වෙනවා - Athula Adhikari

අතුල අධිකාරි ගයන ‘හිත අස්සට හීන ගොඩක්’ ගීතය ශ්‍රවණය කරන ඔබගේ විමසුම වී ඇත්තේ “අතුල ඔය සින්දුව කියලා තියෙන්නේ සමිතාට නේද..?” යන වගය. “ඔය සින්දුව විතරක් නෙමේ. එයාලා දෙන්නා කියන ‘ආලෙන් වෙළා ගන්න කෝලම් කළා’ සින්දුවෙයි ‘ඉවසයිද මන්දා මා දුන් රිදුම්’ සින්දුවෙයි තියෙන්නෙත් ඒ දෙන්නගේ ඇත්ත කතන්දරේ නේද..? යයි විමසමින් රසික ඔබ තවදුරටත් කුහුලෙන් පසුවෙයි.

”මමයි සමිතයි ගායනා කළ හැම ගීතයකටම වගේ ගීත රසික රසිකාවියන්ගේ ආදරය නොමඳව හිමිවෙලා තියෙනවා. අපි දෙන්නා වෙන්වෙලා උන්නත් අපි දෙන්නා ගයන යුග ගීතවලට ඉස්සර වගේම තවමත් රසික රසිකාවියන් කැමැතියි. ඒ බව පසුගිය වකවානුවේ අපි ගැයූ ‘ආලෙන් වෙළාගන්න’ සහ ‘ඉවසයිද මන්දා’ ගීත දෙක අද ලබා තිබෙන ජනප්‍රියත්වයෙන්ම පැහැදිලි වෙනවා.” - -අතුල අධිකාරි

සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් බේරුණු සූරසේන - Surasena's Somali Pirates Adventure

 මහගොඩ දොඩන්ගොඩ තෙලර්ටන් වත්ත නිවාස සංකීර්ණයේ පදිංචි සරත්චන්ද්‍ර සූරසේන මහතා (58) විදුලි ඉංජිනේරුවරයෙකු වශයෙන් සේවය කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් බඩු නැව දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරායේ සිට ඉන්දියාවේ ඔතානා වරාය දක්වා ගමන් කරමින් තිබියදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් අතට පත්වූයේ 2010 දෙසැම්බර් මස 20 වෙනිදා ය.
ඒ වනවිට නැවේ කාර්ය මණ්ඩලය 19 දෙනෙකු වූ අතර එහි සිටි එකම ශ්‍රී ලාංකිකයකු වූයේ සරත්චන්ද්‍ර සූරසේන මහතා ය. සෙසු 18 දෙනාම සිරියානු ජාතිකයන් විය. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් අතට නෞකාව පත්වන විට එහි ගල් අගුරු ටොන් 30000 ක් තිබුණි.වසර දෙකකට වැඩි කාලයක් කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ සිටි සරත්චන්ද්‍ර සූරසේන මහතා නිදහස ලබා යළි දිවයිනට පැමිණියේ මෙම මස 13 වෙනිදා ය.

සීයා සූර් කර මිනිපිරියට අතවර කරලා !

හම්බෙගමුව පොලිස්‌ බල ප්‍රදේශයට අයත් ගම්වැල්ඕඩය ප්‍රදේශයේ පදිංචි දෙමාපියන්ගෙන් හුදකලා වූ අවුරුදු 12 යි මාස 10 ක්‌ වයසැති දැරියකට අතවර කරන ලද බවට සැකකරන හතළිස්‌ නව හැවිරිදි අයකු පෙරේදා සවස (17 වැනි දින) හම්බේගමුව පොලිසියේ පොලිස්‌ නිලධාරි කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඊයේ (18 වැනි දින) වැල්ලවාය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.අතවරයට ලක්‌ වූ දැරියගේ මව ඇය තනිකර වෙනත් දීගයක ගොස්‌ ඇති අතර පියාද එම ගමේම වෙනත් කාන්තාවක්‌ විවාහ කරගෙන වෙනම ජීවත් වේ.දැරිය ආච්චී සහ සීයා ළඟ හැදීවැඩී ඇත. මේ අතර කාලය තුළදී ආච්චී දැඩි ලෙස රෝගාතුර වී මාස ගණනාවක්‌ තිස්‌සේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

පෞද්ගලික අංශයේ ණය වර්ධනය අඩු වෙලා - Central Bank of Sri Lanka

පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය වර්ධනය 2012 මාර්තු මාසයේදී පැවැති සියයට 35.2 සිට 2012 නොවැම්බර් මාසය වන විට සියයට 20.7 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව නිකුත් කළ 2013 ජනවාරි මස මූල්‍ය ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ මේ බව සඳහන්ය. එහි මෙසේ ද සඳහන් වේ.

2012 වසරේ මුල් කාලයේදී ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමග ශීඝ්‍රයෙන් අඩුවෙමින් පැවැති පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණයෙහි වෙනස්‌වීම හේතුවෙන් පුළුල් මුදල්හි වර්ධනය අඛණ්‌ඩව අඩු විය. නොවැම්බර් මාසය දක්‌වා ඉහළ ගිය රජය විසින් ලබාගත් ශුද්ධ ණය, රාජ්‍ය මූල්‍ය ඉලක්‌කයන් ළඟාකර ගැනීම සඳහා රජය ගනු ලැබූ ඵලදායී උත්සාහයන් හේතුවෙන් දෙසැම්බර් මාසයේදී සැළකිය යුතු ලෙස අඩු විය. කෙසේ වුවද, රාජ්‍ය සංස්‌ථා විසින් ලබාගත් ණය අඛණ්‌ඩව වර්ධනය වෙමින් පවතින අතර, මෙමගින් පුළුල් මුදල් වර්ධනය මත යම් පීඩනයක්‌ ඇති වෙයි.

අනුරාධපුර යුගයට අයත් අලංකාර සඳකඩපහණ ලන්ඩනයේ වෙන්දේසියේ ! Anuradhapura Moonstone To Be Auctioned in London

ටොන් තුන්කාලක්‌ බරයි!
මිලට ගැනීමට අවශ්‍ය නම් අප්‍රියෙල් 23 දා ලන්ඩන් යන්න
වසර එක්‌දහස්‌ පන්සියයකට වඩා පැරණි සිංහලයේ අතිශය සම්භාවනාවට පත් වාස්‌තු උරුමයක්‌ වූ අනුරාධපුර යුගයට අයත් පෞරාණික සඳකඩපහණක්‌ ලබන අප්‍රේල් 23 දා ලන්ඩන් නුවර ප්‍රසිද්ධ කෞතුක භාණ්‌ඩ වෙන්දේසියකදී අලෙවි කිරීමට ලන්ඩනයේ සුප්‍රකට වෙන්දේසි සමාගමක්‌ සූදානම් වෙයි. දැනට සසෙක්‌ස්‌ ප්‍රාන්තයේ පැරණි නිවසක මිදුලෙහි කොන්ක්‍රීට්‌ පෙත්මගක්‌ කෙළවර තැන්පත්ව ඇති මෙම ඉපැරණි සඳකඩපහණට මේ වනවිට වෙන්දේසි සමාගම තබා ඇති මූලික ලන්සුව ස්‌ටර්ලිං පවුම් තිස්‌ දහසකි. (රුපියල් ලක්‍ෂ හැත්තෑවකි).
නිසැකවම ශ්‍රී ලංකාවේ වාස්‌තු උරුමයක්‌ බව සාධනය කළ හැකි බව පවසන පුරාවිද්‍යා බලධාරීහු එම සඳකඩපහණ අනුරාධපුර යුගයේ ආරාමික නටබුන් අතර තිබී එංගලන්තයට රැගෙන යන්නට ඇතැයි විශ්වාස කරති.

The Possession – ද පොසෙෂන් (2012)

සත්‍ය කතාවක් ඇසුරෙන් නිපැයුනු මේ චිත්‍රපටය 2012 වසරේ තිරගත වුනු ත්‍රාසජනක චිත්‍රපට අතුරින් සාර්ථකව තිරගත වුනු, වැඩි ආදායමක් ඉපැයීමට සමත් වූ චිත්‍රපටය කි. එමී නම් ගැහැණු ළමයෙකු වටා ගෙතී ඇති මේ චිත්‍රපටයේ කතා තේමාව මෙසේය.

එමී වෙළඳ සැළකින් කුඩා පෙට්ටියක් මිලඳීගන්නා අතර මේ පෙට්ටිය මිළදී ගැනීමෙන් පසු ඇය අමුතුම කෙනෙක් වන්නට පටන්ගන්නවා.එමීගේ දෙමව්පියන් වන ක්ලයිඩ් හා ස්ටෙෆනි තේරුම් ගන්නවා එමීගේ මේ විවිධ වෙනස් කම් ඇති වෙන්නේ පෙට්ටියේ සිටි භූත ආත්මයක් ඇයගේ ශරීරයට ඇතුල් වීම නිසා බව. දෙමාපියන් ලෙස ඔවුන් උත්සාහ ගන්නේ එමී මේ භූත ආත්ම වලින් බේරාගෙන සාමාන්‍ය ළමයෙකු ලෙස ජීවත් කරවීමටයි. ඔවුන්ගේ ඒ උත්සාහය සාර්ථක වේවි ද?

S.P.ගෙ කොස් කෙඩි 2 කේ නඩුව

තම වත්තේ කොස් ගෙඩි දෙකක් හොරෙන් කඩා ගත්තැයි පොලිස් අධිකාරිවරයෙක් කිරි කපන්නන් දෙදෙනකුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
අයිය නගෝ දෙදෙනකු විසින් තම වත්තෙන් සොරාගත් රුපියල් දහසක් පමණ වටිනා කොස් ගෙඩි දෙක පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන්නැයි පැමිණිල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියේය.වැඩ තහනමට ලක්වූ පොලිස් අධිකාරි සුනිල් විජේසේකර පැමිණිලිකරු විය.
මොහුගේ හොරණ මිල්ලෑව බෝලවත්තේ ඉඩමට අයුතු ලෙස ඇතුල්වී කොස්ගෙඩි දෙකක් හා පොල් ගෙඩි කිහිපයක් සොරාගත් බව කියන අයිය නගෝ දෙදෙනාට රුපියල් 50,000 ක ශරීර ඇප දෙක බැගින් නියම කළ හොරණ මහේස්ත‍්‍රාත් මහින්ද රණසිංහ මහතා ඔවුන් මුදාහරින්නැයි ඊයේ (18) නියෝග කළේය.

Gossip Lanka Hot News Previous News Archive