ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පත් කිරීමට නියමිතයි. එක්දින ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කළ අග්‍රගණ්‍ය තුන් ඉරියව් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා අනිද්දා සිට නව තනතුරේ වැඩ භාර ගනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත 17කගෙන් යුත් තේරීම් කමිටු සාමාජික නම් ලැයිස්තුවක් යෝජනා කොට ඇති අතර සනත් ජයසූරිය මහතා සමග කටයුතු කරන කමිටු සාමාජිකයන් සිවු දෙනා සදුදා නම් කෙරේ.
ටෙස්ට් තරග 110කට හා එක්දින තරග 445කට ක්‍රීඩා කළ සනත් ජයසූරිය මහතා වසර 20ක පමණ කාලයක් ශ්‍රී ලංකා පිල නියෝජනය කෙළේය. එක්දින ක්‍රිකට් පිටියේ වේගවත්ම අර්ධ ශතකය, එක්දින තරග 400ක් ක්‍රීඩා කළ පළමු ක්‍රීඩකයා වීම ඇතුලු ලෝක වාර්තා කිහිපයකටම ඔහු හිමිකම් කියයි.



.jpg)
.jpg)

.jpg)
