බි‍්‍රතාන්‍යයත් ශ‍්‍රී ලංකා රජයට එරෙහිවීමට යයි

ලබන ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකා රජයට එරෙහි ඇමරිකානු යෝජනාවලියට සහය ලබාදෙන බව බි‍්‍රතාන්‍ය පවසයි.එරට විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයේ දකුණු ආසියාව භාර අමාත්‍ය ඇලිස්ටෙයා බර්ට් මහතා මේ බව සඳහන් කර ඇත්තේ, ටුවිටර් වෙබ් අඩවිය හරහා 'හිරු' ගුවන් විදුලිය නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී මීළඟ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිත ඇමරිකානු යෝජනාවට සහය ලබාදෙන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කරයි. ශ‍්‍රී ලංකාව ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාවලියේදී යම් ප‍්‍රගතියක් ලබා තිබුණත් නිවැරදි ඉලක්ක සපුරා නොතිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු කියා සිටියි.

අපි මසකට පැරසිටමෝල් පෙති මිලියන 50ක් ගිලින රටක්

රජයේ රෝහල්වලට එක් මාසයකට පමණක් පැරසිටමෝල් පෙති මිලියන 50ක් අවශ්‍ය වන තරමට ලෙඩ රෝග සුලබ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඇමැතිවරයා මේ අනාවරණය කෙළේ කුරුණෑගල දී පැවැති "2013 බෝ නොවන රෝග නිවාරණ වසර" ප්‍රකාශයට පත්කිරීමේ ජාතික උත්සවයට සහභාගි වෙමිනි.
"අපේ රටේ ජනගහනය මිලියන 21යි. නමුත් ගිය අවුරුද්දේ අපේ සෞඛ්‍ය සංඛ්‍යා ලේඛන අනුව රජයේ රෝහල්වලින් පමණක් මිලියන 55ක් ප්‍රතිකාර අරන් තියෙනවා. ඊට අමතරව පෞද්ගලික රෝහල්වලින් තව කී දෙනෙක් බෙහෙත් ගන්න ඇතිද? සමහරු දිනපතා බෙහෙත් ගන්න එනවා. තවත් අය සතිපතා එනවා. ඒ තරමට ලෙඩ රෝග අද සුලබ වෙලා. රජයේ රෝහල්වලට එක මාසයකට පැරසිටමෝල් පෙති මිලියන 50ක් ඕනෑ.

කඳුළු ගඟක් මැදින් A-3ක් ගත් කැලණි පාලම යට සංජීවනී

විභාගයට කලින් දවසෙත් රෑ මං හිටියේ පොලිසියේ. ඉස්සරහා ගෙදරක සද්දෙට දාලා තිබුණ රේඩියෝ එක පොඩ්ඩක් අඩු කරන්න කියලා කිව්ව නිසා ඇති වුණ ප්‍රශ්නයක් දුර දිග ගියා...”

බෝධි පූජා පවත්වා, පිරිත් නූල් බැඳ සියලු දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදය මැද පේවී විභාගවලට මුහුණ දීමට ඇයට ඉඩක් ලැබුණේ නැත. ඒ වෙනුවට ජීවත් වූ සමාජ වටපිටාව විභාගයට කලින් දින රැයේත් ඇය පොලිසියේ නතර කරවා තිබුණි. ඒ ඇය පළමුවර උසස් පෙළ විභාගයට මුහුණ දුන් 2011 වසරේ මුහුණ දෙන්නට සිදු වූ අත්දැකීමකි. ජීවිතය යනු එක රැයින් කෙළවර වන්නක් නොවන බව අත්දැකීමෙන් දැන උන් අෑ එම සිදුවීමෙන් තව තවත් පන්නරය වූවාය.

කැලණි පාලම යට සේදවත්තේ තොරතෝංචියක් නැති කෑගැසීම්, කෙළවරක් නැති අඬ දබර ඒ සියල්ලටමත් වඩා ඔවුන් පීඩාවට පත් කළ සීමාවක් නොවූ දුප්පත්කමටත්, හිතුමතේ කඩා වදින කැලණි ගඟටත් ඉතින් ඇය නතර කරන්නට පුළුවන්කමක් ලැබුණේ නැත.

අඩු පිරිවැයකින් ජීවත්විය හැකි ලොව ප්‍රධාන නගර අතරට කොළඹත්

"Colombo Among Cheapest Cities in the World "
අවම පිරිවැයකින් ජීවත්විය හැකි ලෝකයේ ප්‍රධාන නගර දහය අතරට ශ්‍රී ලංකාවේ කොළඹ නගරයද ඇතුළත්ව තිබේ. ලෝක ආර්ථික බුද්ධි ඒකකය (Economist Intelligence Unit) මඟින් සිදුකළ සමීක්ෂණයකට අනුව මේ බව හෙළිවී තිබෙන අතර එහිදී ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

මෙය එම බුද්ධි ඒකකය මඟින් වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයක් වන අතර එහිදී වාර්තාවක්ද නිකුත්කර තිබේ. අවම පිරිවැයකින් ජීවත්විය හැකි ලෝකයේ ප්‍රධාන නගර අතර ඉදිරියෙන්ම සිටිනුයේ පාකිස්තානයේ කරච්චි නගරය වන අතර ඉන්දියාවේ මුම්බායි නගරය දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත.ඉන්දියාවේ නවදිල්ලිය තෙවැනි ස්ථානයද, නේපාලයේ කත්මණ්ඩු සිවුවැනි ස්ථානයද, ඇල්ජීරියාවේ ඇල්ජියස් පස්වැනි ස්ථානයටද පැමිණ තිබෙන අතර රුමේනියාවේ බුචාරස්ට් හයවැනි තැන හිමිකරගෙන තිබේ.

මරණවා නම් වහාම මරනු !

බෝගම්බර බන්ධනාගාරයේ රැදවියන් තිදෙනෙක් විරෝධතාවක් අරඹති.මරණීය දණ්ඩනය නියමවූ රැදවියන් තිදෙනෙක් අද(5) උදෑසන බෝගම්බර බන්ධනාගාරයේ වහලය මතට නැගී මෙසේ විරෝධතාවක් අරඹා තිබේ.

ඔවුන් ඉල්ලා සිටියේ තමන් නිදහස් කිරීමට නොහැකිනම් එල්ලා මරණ ලෙසයි.මේ පිලිබදව බෝගම්බර ජ්‍යෙෂ්ට බන්ධනාගාර අධිකාරී තිස්ස ජයසිංහ මහතාගෙන් කල විමසීමේ දී ඔහු සදහන් කලේ සිද්ධිය සම්බන්ධව ප්‍රධාන කාර්යාලය දැනුවත්කර ඇති බවයි.මේ වන විටද මෙම රැදවියන් බන්ධනාගාර වහලය මත රැදි විරෝධතාවයේ නිරත වන බව වාර්තා වෙයි.

ගොංපාට් විපක්ෂයට නොරැවටී බොනපාට් පාලනයට විරුද්ධ වෙමු

ආණ්ඩුව බොනපාට්වාදී ගමනක නිරත වී සිටින අතර විපක්ෂය ගොංපාට් හැසිරීමක් ප‍්‍රදර්ශනය කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ, ‘ආණ්ඩුව බොනපාට් - විපක්ෂය ගොංපාට්’ යන තේමාව යටතේ කොළඹ, මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ ඊයේ(05) පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා මෙසේ පැවසීය.

පහුගිය කාලේ සංවාදයක් ආවා ජනතා පරමාධිපත්‍ය තියෙන්නේ කොතැනද කියලා. එක කට්ටියක් කිව්වා අධිකරණයේ කියලා තවත් කට්ටියක් කිව්වා ව්‍යවස්ථාදායකයේ කියලා.

ලංකාවේ කෙල්ලෝ ඉන්දියාව පරදවයි - ශ්‍රී ලංකා පිල සුපිරි 6 වටයට

කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තීරණාත්මක තරගයෙන් ලකුණු 138 ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා ගත්තාය.මුම්බායිහි පැවැතිමේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සියපන්දුවාර 50 අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 282 ක් රැස්කිරීමට සමත් වූහ.

මෙය ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලක් ඕනෑම රටකට එරෙහිව ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ.ශ්‍රී ලංකාව මීට පෙර 2011 දී අයර්ලන්තයට එරෙහිව පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී රැස්කළ ලකුණු 251 ශ්‍රී ලංකා කාන්තා පිලක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය.පිතිකාරියන් සිවුදෙනකු ශ්‍රී ලංකාව ලකුණු පුවරුවට අර්ධ ශතක වලින් දායක වූ අතර එසේ අර්ධ ශතක 4ක් රැස්කළ පළමු අවස්ථාව ද මෙය වේ.

88-89 ඝාතනයන්ට වගකිව යුත්තන් වත්මන් ආණ්ඩුවෙත් ඉන්නවා - JVP

මාතලේ සමූහ ඝාතනයට සෘජුව හා වක‍්‍රව වගකිව යුත්තන් වත්මන් ආණ්ඩුවෙත් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.එකී මිනීවලෙන් සොයාගත් මළ සිරුරු වල අත් පා වෙන්වී ඇත්තේ ස්වභාවිකව නොවන බවත් එම ශරීරවලට ඇණ, යකඩ කූරු ඔබ්බවා තිබෙන බවට සාක්‍ෂි ඇති බවත් ඔහු සඳහන් කරයි.

කොළඹදී අද (05) මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළ අතර ඔහු එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.ඉතා අමානුෂික ලෙස ඝාතනයට ලක්කොට සමූහ වශයෙන් වළදමා තිබෙන මාතලේ සමූහ මිනී වල සම්බන්ධයෙන් මේ වනවිට මහත් ආන්දෝළනයට ලක්ව තිබෙනවා. 1988-89 සමයේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් නිල හා නිල නොවන ඝාතන කණ්ඩායම් පවත්වාගෙන ගියා.

Gossip Lanka Hot News Previous News Archive