දියණියගේ ඇඟිලි පහක් පලා ලුණු දැමූ නරුම පියා

චුයිංගම් දෙකක් සොරා ගත් වරදට සිය අට හැවිරිදි දියණියගේ සුරතේ ඇඟිලි පහම පලා ලුණු දැමූ පියකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළ කැබිතිගොල්ලෑව දිසා මහේස්ත්‍රාත් ගයාන් මීග‍හගේ මහතා සැකකරුට යළිත් මෙමස 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී ‍සිටින ලෙස නියම කළේය.මෙසේ ශරීර ඇප මත මුදා හරිනු ලැබුවේ හොරොව්පතාන ඇලපැත්තෑව ප්‍රදේශයේ පදිංචි සරත් ධර්මසිරි (28) නැමැති දෙදරු පියෙකි. මවට හෝ දරුවන්ට යළිත් හිරිහැර නොකරන ලෙස සැකකරුට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා එසේ වුවහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බව පැවසීය.

දැරිය මවගේ භාරයට පත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඩී. එල්. වෛද්‍යරත්න මහතා හමුවට දැරිය පමුණුවා තුවාල සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ද එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. ඇලපැත්තෑව හන්දියේ වෙළෙඳසැලක් පවත්වාගෙන යන සැකකරු දරුවන්ට සහ මවට නිතරම පහර දෙන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

පහරදීම් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමට ගිය මව චුයිංගම් දෙකක් සොරා ගැනීම නිසා දියණියගේ ඇඟිලි පලා ලුනු දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද කරුණු දක්වා ඇත. පසුගිය මාර්තු මාසයේදී සිදු වූ මෙම ‍සිද්ධිය වසන් කිරීමේ අරමුණින් සැකකරු දැරිය පාසල් නොයවා නිවෙසේ නතර කරගෙන ඇති බවටත් මව පොලීසියට පවසා ඇත.‍ හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජය මහානාම මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

ගණිකා නිවාස 2ක් වටලා 12ක් අත්අඩංගුවට

මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගියදා හදිසියේ කරනු ලැබූ වැටලීම් දෙකකදී ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා සැකකාරියන් 11ක් සහ එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් උපාය දූතයන් මාර්ගයෙන් මෙම ස්ථාන ගණිකා නිවාස බවට අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගනු ලැබූ සැකකාරියන් වයස අවුරුදු 20, 23, 37, සහ 49 යන වයස්වල පසුවන තරුණියන් සහ කාන්තාවන් බව පොලිසිය ප්‍රකශ කරයි.

වටලනු ලැබූ එක් ගණිකා නිවෙසක් පිටකෝට්ට බැද්දගාන පාරේ පවත්වාගෙන ගොස් ඇති අතර අනෙක කන්දෙවත්ත පාර, නාවල, නුගේගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබේ. එම ගණිකා නිවාස දෙකේම කළමනාකාරිනියන් දෙදෙනාද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවත් පිටකෝට්ටේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසය ආයුර්වේද මධ්‍යස්ථානයක් බවට බලපත්‍රද නිකුත් කර ඇති බවද පවසමින් එහි කළමනාකාරිය පොලිස් නිලධාරීන් සමඟද බහින් බස් වූ බවද පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සංගීතය වෙනුවෙන් බිරියව වුණත් අතහරිනවා - Iraj Weeraratne

" ලංකාවේ ආර්ටිස්ලට කොන්දක් නෑ - ඉරාජ් "
• කොහොමද මේ දවස්වල අලුත් වැඩ?
හොඳයි මනමාලි එක හොඳට Play වෙනවා. 

'උස' කියන එක විෂුවල්වලට සහායක් වුණාද?
නෑ ඒක එච්චර දෙයක් නෙවෙයි

• ඔබ සම්බන්ධ වන ගීතවල වීඩියෝ එකටත් කොහොමහරි පනිනවා නේද?
ඒ ඉස්සර අපි ආපු දවස්වල ප්‍රවීණ අය එක්ක එළියට එන්න අමාරු නිසා තමයි එහෙම පෙනී සිටියේ. ඒ නමක් හදා ගන්න ඕනෙ නිසා. ඒත් දැන් ඒක අවශ්‍ය වෙන්නෙනෑ.

• පසුගිය කාලේ බොරුවට බැන්දනේ. කවද්ද ඇත්තටම බඳින්නේ?
තාමනම් දිනයක් නෑ. තව ටික දවසක් යයි.

කුවේට් ගිය රේණුකාට ඉඳිකටු ගිල්ලවා දස වද දී ගෙදර එවයි !

ශ්‍රී ලාංකික කාන්තාවකට කුවේට්‌ රටේදී ඉඳිකටු ගිල්ලවා මාස ගණනාවක්‌ නිරාහාරව කාමරයක දමා විවිධ වද හිංසා පමුණුවා යළි දිවයිනට එවා ඇත.ආණමඩුව තම්මැන්නාගම ප්‍රදේශයේ තම දියණියගේ නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින ඇය 40 හැවිරිදි ඇලපාත හල්මිල්ලවැව නිකවැරටිය ප්‍රදේශයේ දෙදරු මවක වන එච්. එම්. රේණුකා බණ්‌ඩාර මැණිකේය.

මෙරට ඒජන්සිකරුවකු විසින් කෑම හා රසකැවිලි සෑදීමට දන්නා බවට ව්‍යාජ ලියකියවිලි සකසා කුවේටයේ නිවසක භාරකරුවකුට තමා භාරදුන් බව රේණුකා මහත්මිය කියයි. එම නිවසේදී තමා සෑදීමට නොදන්නා කෑම සෑදීමට අණකළ විට ඒවා කළ නොහැකි බව පැවසූ පසු නොයෙක්‌ වද හිංසා සිදුකරමින් තමාට පහර දුන් බව ඇය පවසයි. පසුව ඇය නිවසේ දුරකථනයෙන් ශ්‍රී ලංකාවේ තම දියණියට කතා කර මේ කරදර පැවසූ පසු නැවත කතා කිරීමට බැරිවීමට යෑයි පවසා එම නිවසේ හාම්පුතා ඉඳිකටු අහුරක්‌ ගෙන ජලයේ දමා බලහත්කාරයෙන් ඇයට ගිල්ලවා ඇත.තමාට කුවේටයේදී විඳින්නට සිදු වූ දුක්‌ගැහැට පිළිබඳව රේණුකා මහත්මිය මෙසේ පැවසුවාය.

"කුරුණෑගල විදේශ රැකියා ඒජන්සියකින් ගෘහ සේවිකාවක්‌ ලෙස 2013.1.11 දින කුවේට්‌ රටේ ජහරා නගරයට ගියා. එහේ ඒජන්සියෙන් කීවා පිරිසිදු කරන්නියක්‌ ලෙස නිවසක රැකියාවක්‌ තිබෙන බව. පසුව මාව එම නිවස හිමිකරු රැගෙන ගියා.

අයියා වැරැදි කාරයෙක් නම් මම ඒ පැත්තවත් බලන්නේ නෑ - Damitha abeyratne

 "මගේ අයියාගේ ව්‍යාපාරය බංකොළොත් වුණා"
දමිතා අබේරත්න දැන් පුවත් මවන්නියක් වෙලා... පසුගිය සතියෙත් අෑ ගැන පුවතක් මාධ්‍යයේ පැතිරුණා. කතාවේ ඇත්ත නැත්ත වගේම මේ පලහිලව්වට දමිතාගේ සම්බන්ධය මොකක්ද කියලා දැන ගන්න අපි ඇයට කතාකළා.

• දමිතාට මේ කාලේ අපලයි වගේ.....?
මං හිතන්නේ ලොකු අපලයක් ගෙවෙනවා. ඒත් මොන අපලයට වුණත් මාව වට්ටන්න නම් බෑ.....

• මොකක්ද මේ ළඟදීම දාගත්ත ලෙඩේ.....?
ඒක මම දාගත්ත ලෙඩක් නෙමෙයි. කිසිම අදාළත්වයක් නැතුව අහක ඉන්න මාව ලෙඩකට පටලන්න ගත්ත උත්සාහයක්.

• ඇත්තටම දමිතා, හරිත වසන්ත ව්‍යාපෘතියට සම්බන්ධ නැද්ද?
කිසිම සම්බන්ධයක් නෑ.... ඒ ව්‍යාපාරය මගේ අයියායි, ඉන්දික හේවාවසම් කියන පුද්ගලයායි එක්ව ආරම්භ කළ ව්‍යාපෘතියක්. මම ඒ ආයතනයේ කොටස්කාරියක්වත්, වෙනත් වරප්‍රසාද ලබන කෙනෙක්වත් නෙවෙයි. කෙටියෙන්ම කිව්වොත් මම ඒ ව්‍යාපාරයට කිසිම සම්බන්ධයක් නෑ.

පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් - Lankans thrash South Africa by 180 runs

ඇන්ජලෝ මැතිව්ස් තරග තහනමට ලක්ව සිටියදී සිය පළමු එක්දින තරගයට නායකත්වය දුන් දිනේෂ් චන්දිමාල් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ අද පැවැති පළමු තරගයෙන් ලකුණු 180ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්කරදීමට මීට ටික වේලාවකට පෙර සමත් විය.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසියේ ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 320ක් ලබාගත්තේය.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුමාර් සංගක්කාර පන්දු 137 කදී 4 පහර 18ක් හා 6 පහර 6ක් සමගින් ලකුණු 169ක් ලබා ගැනීමට සමත් විය.එය ඔහුගේ 16 වැනි එක්දින ශතකයයි.
                  සංගක්කාර හැරුණු විට ආරම්භක පිතිකරු උපුල් තරංග ලකුණු 43ක්, මහේල ජයවර්ධන ලකුණු 42ක්, ලහිරු තිරිමාන්න ලකුණු 17ක්, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 10ක් ලබාගන්නා ලදී.අවසන් අවස්ථාවේදී පිටියට පිවිසි තිසර පෙරේරා අවසන් පන්දුවාර කිහිපයේදී තමාගේ සේවය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බව යළි පසක් කරමින් පන්දු 7කදී ලකුණු 16ක් ලබා ගැනීමට සමත් විය.

දකුණු ආසියාවේ ඉහළම ආර්ථික වර්ධන වේගය ශී‍්‍ර ලංකාවෙන්

2013 වසරේ දකුණු ආසියාවේ ඉහළ ම ආර්ථික වර්ධන වේගය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකාව සමත් වනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි. එසේම ශී‍්‍ර ලංකාවේ ප‍්‍රගතිය පිළිබඳ සර්වශුභවාදී ලෙස ආසියානු සංවර්ධන බැංකුව අදහස් පළකර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව දකුණු ආසියාවේ සෙසු රටවල ආර්ථික වර්ධන වේගය අඩු මට්ටමක පවතී.2013 වසරේ දී ශී‍්‍ර ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6.8ක්% වනු ඇතැයි වාර්තාව පෙන්වා දෙයි. 2013 වසරේ යහපත් වර්ධනයක් සමඟ 2014 වසරේ දී ශී‍්‍ර ලංකාවේ ආර්ථික වර්ධන වේගය 7.2% දක්වා වර්ධනය වනු ඇත. ආසියාවේ සංවර්ධනය වන රටවල් 45 වර්ධන වේගය 6.3% ක අගයක් ගනී.
දකුණු ආසියාවේ සාමාන්‍ය වර්ධන වේගය 5.6% ක් වන බව ද වාර්තාව පෙන්වා දෙයි. දකුණු ආසියාවේ විශාලත ම ආර්ථිකය වන ඉන්දියාවේ වර්ධන වේගය 2013 දී 5.6% ක් ද 2014 දී 6.2% වන බව එම වාර්තාව වැඩිදුරටත් පවසයි.එසේම ශී‍්‍ර ලංකාව හා සැසඳීමේ දී ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය සහ පකිස්ථානය යන රටවල ආර්ථික වර්ධනය 2012 හා සැසදීමේ දී අඩු මට්ටමක් පෙන්නුම් කරන බවත් දේශපාලන වශයෙන් සිදුවන සංක‍්‍රාන්ති ඇතැම් රටවල ආර්ථික ප‍්‍රතිපත්ති සම්පාදනයට බලපා ඇති බවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.

ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය අදින් ඇරැඹෙයි

එක්දින ක්‍රිකට් තරග බිමේ මෑතකදී ලත් පරාජයන් නිසා ලත් පසුබෑමෙන් මිදීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව තරග පහකින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගමාලාවක් අද ආරම්භ කරයි. පළමු තරගය අද දිවා රාත්‍රියේ කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දකුණු අප්‍රිකා ක්‍රිකට් නායක ඒ.බී.ඩි විලියර්ස් (දකුණේ) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් තරගමාලාවේ කුසලානය සමග.එංගලන්තයේ පැවැති චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී මේ කණ්ඩායම් දෙකම අවසන් පූර්ව වටයේදී ඉවතට වීසි විය. එසේ වූයේ රටවල් අටක සහභාගිත්වයෙන් යුතුව පැවැති තරගාවලියේ ශක්තිමත්ම කණ්ඩායම් දෙකක් ලෙසින් පිළිගැනීමට ලක්ව සිටියදීය.

“අවසන් මොහොතේදී හුස්ම හිරකර ගන්නා කණ්ඩායමක්” ලෙසින් හැඳින්වෙන දකුණු අප්‍රිකාව එම කියමන නැවත වතාවක් සනාථ කරමින් ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් පූර්ව ගැටුමේදී එංගලන්තයට පරාජය විය.

Gossip Lanka Hot News Previous News Archive