B. J. P. දිනවන්න මෙග්නා නිරුවතින් - Meghna Patel goes nude

තරුවල දිස්නය කවදත් දේශපාලනයේ බැබලීමට අවශ්‍යය. මෙවර මැතිවරණයේදීත් ඒ බැබලීම කාට කාටත් හොඳීන්ම පෙනෙයි. ක්‍රිකට් තරු වෙනුවෙන් සේම දේශපාලන තරු වෙනුවෙන් ද උපන් ඇඳුමින් පෙනී සිටීමට සූදානම් බොලිවුඩ තාරකාවෝ සිටිති. මෙග්නා පටෙල් නිරුවතින් පෙනී සිටියේ භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩි වෙනුවෙනි.

භාරතීය ජනතා පක්ෂයේ සංකේතය වූ නෙළුම් මල්වලින් ඇය කලාත්මක ලෙසින් ගත වසාගෙන සිටින ඡායාරූප එකතුව සුන්දර සිනමා දසුනකටත් වඩා චමත්කාරජනක විය. කණ්ඩල හවුස් (2009), අයිශ්වර්යා (2009), ජායි මා දුර්ගේ (2010), ෆරාර් (2011) ඇය රඟපා ඇති සිනමාපටයි. ඇයගේ රැගුමන් දක්නට ලැබෙන අලුත්ම සිනමාපටය ‘චාන්ද් කේ පරේ’ ය.

මෝඩි වටා පෙළ ගැසී සිටින අනෙක් තරු අතර ශතෘගන් සිංහ, හේමා මාලිනී, නව්ජොට් සිං සිද්ධු, ශ්‍රීමතී අයිරානි වැනි සුප්‍රකට චරිත ද වෙති.

විවාහ වෙලා මව් පදවිය ලබන්න ආසයි- Upeksha swarnamali

 එයත් එක්ක දවසට දෙතුන් පාරක් මල් කඩනවා
පෙම්වතියක් වූ උපේක්ෂා දිනකට දෙතුන් වතාවක් "මල් කඩන" බව ඇය විසින් සරසවිය පුවත්පතට හෙළිකොට තිබෙනවා. ඇගේ අලුත් පෙම්වතා හා පැරණි සැමියා පිලිබඳ ඇය පලකල අදහස් බලන්න පහතින්

 * හලෝ උපේක්ෂා?
ඔව් කියන්න.

* කොහොමද ඉතින් ජීවිතේ?
ජීවිතේ මල් තමයි.

* අපිටත් ආරංචියි?
මොකක්ද?

* ගජරාමෙට මල් කඩනවා කියලා?
අනේ. අනේ එහෙම කියන්න එපා.මං ඉතින් එයාට කෝල් කරනවා තමයි දවසට දෙතුන් පාරක්. එහෙම මල් කඩන්න එපායැ ආදරවන්තියන් වුණාම.

I.P.L වෙන්දේසියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්ට කුඩම්මාගේ සැලකිලි

මහේල, ඩිල්ශාන් සහ මැත්ව්ස් මිලදී ගෙන නැහැ
යුවරාජ්ට කෝටි 14ක්

2014 අයි.පී.එල්. ක‍්‍රීඩක වෙන්දේසියේ පළමු දිනයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් වැඩිදෙනෙක් මිලදී නොගැනීමට අයි.පී.එල්. කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කළා. ඒ අතර අයි.පී.එල්. තරගාවලිය ආරම්භයේ සිට ක‍්‍රීඩා කළ මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් ද වනවා.

 ඇන්ජලෝ මැතිව්ස්, අජන්ත මෙන්ඩිස්, කෞශාල් සිල්වා, ප‍්‍රසන්න ජයවර්ධන, රංගන හේරත්, සුරාජ් රන්දීව් හා උපුල් තරංග යන ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් ද එහිදී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගනු ලැබුවේ නැහැ. ඊයේ පැවති ක‍්‍රීඩක වෙන්දේසියේදී අලෙවි වූ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් වන්නේ තිසර පෙරේරා, මුත්තයියා මුරලිදරන් සහ කුසල් ජනිත් පෙරේරා පමණයි. 

මෙවර ක‍්‍රීඩක වෙන්දේසියේදී ඉහළම වටිනාකමක් හිමිවුණේ ඉන්දීය පිතිකරු යුවරාජ් සිංටයි. රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ඔහු මිලදී ගනු ලැබුවේ රුපියල් කෝටි 14කටයි. දිනේෂ් කාර්තික් ඉන්දීය රුපියල් කෝටි දොළහමාරකට දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා. එංගලන්ත කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩක කෙවින් පීටර්සන් ඉහළම වටිනාකමක් හිමිවූ විදේශීය ක‍්‍රීඩකයා වූ අතර, ඔහු ඉන්දීය රුපියල් කෝටි 9කට අලෙවි වුණා.

ලිංගික ඇසුරක් අතරතුර ශ්‍රී ලාංකික උපාධිධාරියෙකු මැලේසියාවේදී මරුට - Lankan dies after sex act goes wrong

උපාධිධාරී ශ්‍රී ලාංකික තරුණයෙකු මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ මහල් නිවාසයක් තුළදී ඝාතනයට ලක්ව තිබේ. ක්වාලාලම්පූර්හි තමාන් අබාඩි ඉන්ඩාහි මහල් නිවාස සංකීර්ණයේ ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේදී මෙම ඝාතනය සිදු වී තිබේ. 

එම මහල් නිවාසයේ ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේදී මෙම ඝාතනය සිදුව ඇත්තේ, දින 7කට පමණ පෙර ය.ඔහු සමග එම කාමරයේ නවාතැන් ගෙන සිටි මිත්‍රයෙකු දොර විවෘත කර ගැනීම සඳහා යතුරක් නොමැති බව පොලීසියට දන්වා ඇති අතර පොලීසිය සමග එම මිත්‍රයා නිවසට ඇතුළු වී ඇත්තේ, දොර කඩමිනි.එහි ඇතුළු වූ ඔවුන්ට අදාළ ශ්‍රී ලාංකික තරුණයාගේ අඩ නිරුවත් සිරුර ඇඳ මත තිබී හමු වී තිබේ.

ඒ අසල ජංගම දුරකතනයක් සහ ලිංගික ක්‍රියා සඳහා භාවිත කරන උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.එම උපකරණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලීසිය නිගමනය කළේ, අදාළ ශ්‍රී ලාංකික තරුණයා සම ලිංගික ක්‍රියාවක නිරතව සිට ඇති බවට ය.ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයා 34 වියැති අයෙකු වන අතර, ඔහු සමග එකට නවාතැන් ගෙන සිට ඇත්තේ, 32 වියැති ජර්මන් ජාතිකයෙකු සහ 33 වියැති පෝලන්ත ජාතිකයෙකි.

ලොව වඩාත් ම සුරූපි කාන්තාව Monica - World's Most Beautiful Women of 2014

මොනිකා බෙලූචි 2014 වර්ෂයේ ලොව වඩාත් ම සුරූපි කාන්තාවන් 30 දෙනාගේ ලැයිස්තුවේ පළමු තැනට පත්ව සිටින්නී ය. අන්තර්ජාල මත විමසුමකින් පසු ප‍‍රකාශයට පත් කර ඇති මෙම ලැයිස්තුවට අනුව නිරූපණ ශිල්පිනියක වන කේට් අප්‍ටන් සහ හොලිවුඞ් නිළි ඇන්ජලිනා ජොලි පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථානයන්ට පත් ව සිටිති.

විදෙස් වාර්තාවලට අනුව බොලිවුඞ් නිළි ‍ඓශ්වර්යා රායි බච්චන්ට ලොව සුන්දරම කතුන් අතර සිව් වන ස්ථානය හිමිව තිබේ.

දීපිකා පදුකෝන් අදාළ ලැයිස්තුවේ 29 වන ස්ථානයේ පසු වන්නී ය.

අදාළ නම් ලැයිස්තුව පහතින් දැක්‍ වේ.

ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 7.2කට නගී

පෙබ 12, 2014 (විමසුම) – අන්තර් ජාතික මූල්‍ය අරමුදලට කරන ලද ණය ආපසු ගෙවීම් හා රන් ආයෝජනයේ සිදු වූ අලාභ මැද වුව ද 2013 වසරේ දී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඊට පෙර වසරට සාපේක්ෂව අ.ඩො. බිලියන 7.2ක් දක්වා සියයට 4.6කින් වර්ධනය වී ඇතැයි මහ බැංකුවේ නිල සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව අ.ඩො. මිලියන 991ක ගෙවුම් ශේෂ අතිරික්තයක් පෙන්නුම් කළ ද විදේශ සංචිත වර්ධනය වී ඇත්තේ අ.ඩො. මිලියන 320කින් පමණි.බොහෝ අවස්ථාවල දී ගෙවුම් ශේෂ අතිරික්තය, ශුද්ධ විදේශ සංචිත වර්ධනය සමඟ සම්බන්ධයක් පවතී.මෙම වෙනසට මූලික හේතුව ලෙස මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති P.N වීරසිංහ පෙන්වා දෙන්නේ අන්තර් ජාතික මූල්‍ය අරමුදලට කරන ලද අ.ඩො. මිලියන 500කට අධික ණය ආපසු ගෙවීම්ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2013 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ රන් ආයෝජනයේ සිදු වූ අලාභය අ.ඩො. මිලියන 200කට අධික බවයි.කෙසේ වෙතත් මීට ඉහත වසරවල දී රන් ආයෝජන හරහා විශාල ලාභයක් ඉපැයීමට මහ බැංකුවට හැකි විය.

ශ්‍රී ලංකාවට ලකුණු 2ක තියුණු ජයක් - Sri Lanka beat Bangladesh in T20 thriller

බංග්ලාදේශය සමග චිතගොං නුවර සහුර් අහමඩ් චවුද්රි ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති පළමු විස්සයි 20 තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.

ශ්‍රී ලංකා පිල කඩුලු 7කට ලබාගත් ලකුණු 168ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 166ක් රැස් කළේය. එනමුල් හක් ලකුණු 58ක් රැස්කරමින් බංග්ලාදේශ ඉනිමේ අන්තිම පන්දුව තෙක් සටනක නිතර වීම කැපී පෙනුණි.බංග්ලාදේශ පිලේ පළමු කඩුල්ල ලකුණු 52ක් එක් කිරීමට ටමිම් ඉක්බාල් හා ෂම්සූර් රහ්මාන් සමත්විය. පන්දු 36කින් බංග්ලාදේශයේ පළමු ලකුණු 50 වාර්තා වු අතර හත්වැනි ඕවරය යැවු අජන්ත මෙන්ඩිස් විසින් ම උඩපන්දුවක් රැකගැනීමෙන් ෂම්සූර්ගේ ඉනිම නිමාවට පත්විය. ඔහු ලකුණු 22ක් ලබාගත්තේය.

ඇන්ජලෝ මැතිව්ස්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ බංග්ලාදේශයේ දෙවැනි කඩුල්ල ලෙස ඉක්බාල් දැවී ගියේය. ඉක්බාල්ගේ පිත්තෙන් ඇදී ආ පන්දුවෙත දිවගිය මැතිව්ස් ඉදිරියට පැන පන්දු රැකගන්නා විට ඉක්බාල් ලකුණු 30 රැස්කරගෙන සිටියේ හතරේ පහර 6ක් සමගින් පන්දු 25කිනි‍.

අනර්කලී ගේ හා නදීෂා ගේ ඇත්ත නම මනාප අංක ලයිස්තුවෙන් හෙළිවේ

දකුණු පළාත් සභා මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයන්ගේ මනාප අංක මේවනවිට නිකුත් වී තිබේ.

එම ලැයිස්තුවේ මනාප අංක 02 සන්ධානයෙන් හිමිව ඇත්තේ අනර්කලී ආකර්ශා හට වන අතර එක්සත් ජාතික පක්ෂයෙන් මනාප අංක 02 හිමිව ඇත්තේ නදීෂා හේමමාලි වෙතය.නාම යෝජනා සකස් කිරීමේදී අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ උප්පැන්නේ සඳහන් නම් ලබාගත් අතර ඒ අනුව අනර්කලී ආකර්ෂා ගේ හා නදීෂා හේමමාලි උප්පැන්නේ තිබු නම් මාධ්‍යයට හෙළිවී තිබුණි.

මෙතෙක් කල් අනර්කලී ආකර්ෂා යනුවෙන් භාවිතා කල අනර්කලී ගේ සැබෑ නම වනුයේ අනාකලි ජනීතා ජයතිලකය.නදීෂා හේමමාලි යනුවෙන් පමණක් භාවිතා කල නදීෂා ගේ සම්පුර්ණ නම වනුයේ අරස මරක්කල නදීෂා හේමමාලි ය.

Gossip Lanka Hot News Previous News Archive