මේ වෙන විට අපේ රට දැඩි ආහාර හිඟයකට මුහුණ දී ඇත. ඊට නිසි පිළියමක් මෙතෙක් සොයා දීමට බලධාරීන් ක්‍රියා කර නැත. ඊට හේතු ලෙස ඔවුන් පෙන්වන්නේ පවතින ආහාර හිඟයට පිළියම් යෙදීමට ඩොලර් නොමැතිකමය. මේ නිසා ජනතාවට සල්ලි දීලා ගන්න කෑම බීම අද වෙළෙඳපොළේ නැත.
විදේශයෙන් ගෙන්වූ ආහාර නැව් මුහුදේ නැංගුරම් දා තිබුණ ද ඒවා නිදහස් කර ගැනීමට ඩොලර් නැති නිසා මේ වෙන විට අත්‍යවශ්‍ය ආහාර බොහොමයක් වෙළෙඳපොළේ දක්නට නැත. මේ නිසා ජනතාවට ජීවත්වීමට සිදුව ඇත්තේ ගැටලු රැසක් මැද ය.







