මැයි මාසය මැද වෙන විට ආහාර හිඟයක්
මේ වෙන විට අපේ රට දැඩි ආහාර හිඟයකට මුහුණ දී ඇත. ඊට නිසි පිළියමක් මෙතෙක් සොයා දීමට බලධාරීන් ක්‍රියා කර නැත. ඊට හේතු ලෙස ඔවුන් පෙන්වන්නේ පවතින ආහාර හිඟයට පිළියම් යෙදීමට ඩොලර් නොමැතිකමය. මේ නිසා ජනතාවට සල්ලි දීලා ගන්න කෑම බීම අද වෙළෙඳපොළේ නැත.
විදේශයෙන් ගෙන්වූ ආහාර නැව් මුහුදේ නැංගුරම් දා තිබුණ ද ඒවා නිදහස් කර ගැනීමට ඩොලර් නැති නිසා මේ වෙන විට අත්‍යවශ්‍ය ආහාර බොහොමයක් වෙළෙඳපොළේ දක්නට නැත. මේ නිසා ජනතාවට ජීවත්වීමට සිදුව ඇත්තේ ගැටලු රැසක් මැද ය.
Gossip Chat With actress Volga kalpani
දික්කසාද වුණාට සමාජයට බය නැහැ - වොල්ගා කල්පනී
ජීවිතයට මොන විදිහේ හැලහැප්පීම් ආවත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ගැහැනියකට තියෙනවලූ. වොල්ගා කල්පනී කියන්නෙත් එහෙම කෙනෙක්. ‘පාරදිගේ. හරහා ඔබ හමුවට එන ඇය සමග මේ විදිහට පිළිිසඳරකට එකතු වුණා.
බෙහෙත් වර්ග 525 ක ශල්‍ය ද්‍රව්‍ය 5376 ක තොග අවසන්
කොළඹ වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ වර්ග 525ක හා ශල්‍ය ද්‍රව්‍ය 5376ක තොග අවසන් වී ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා පැවසීය.
වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ වර්ග 1358ක් තිබිය යුතු වුවත් ඉන් 525ක තොග නොමැති බවත් ඔහු කීවේය. තවද ශල්‍ය ද්‍රව්‍ය වර්ග 855 ක් තිබිය යුතු වුවත් ඉන් 5376ක තොග අවසන් වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය. මේ වන විට වෛද්‍ය සැපයීම් අංශයේ තිබිය යුතු ඖෂධ වර්ගවලින් සියයට 50ක තොග අවසන්වී ඇති බවද ඔහු පැවසීය.
රඹුක්කන යකානැටූ පොලිසියට චෝදනා පත්‍රයක්…
පොලිසියේ 7 ක් යතුරු පැදිවලටත් පහරදීලා
රඹුක්කන නගරයේ පැවති උද්ඝෝෂණයකදී තරුණයකු වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, පොලිස් අධිකාරිවරයා, රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකගෙන් විමර්ශන කණ්ඩායම් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
අරලියගහ මැදුර ඉදිරිපිට සුදු කොඩි ගසා මල්වඩම් සිටවයි (වීඩියෝ)
රඹුක්කන නගරයේ පැවැති ආණ්ඩු එරෙහි විරෝධයෙන් මියගිය චමින්ද ලක්ෂා වෙන්නුවෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ගෝල් ෆේස් හි විරෝධයේ නිරත විරෝධතාකරුවන් විසින් අද (23) ඡායා අවමංගල්‍ය පෙරහැරක් හා අවමංගල්‍ය උත්සවයක් පවත්වන ලදී.
කුරුසියක් කර තබාගෙන ජෙහාන් ගාලු මුවදොරට
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා මීගමුව කටුවාපිටියේ සිට ගාලු මුවදොර විරෝධතා භූමිය දක්වා කුරුසියක් කර තබාගෙන පා ගමනින් පැමිණෙන රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතා ගාලු මුවදොර පිටියට අද (22) පැමිණියේය.
ඔහු මීට දින කිහිපයකට ඉහතදී කටුවාපිටිය දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබාගෙන සිය ගමන ආරම්භ කළේය.
“ඉතියෝපියාවේ ගෑස් දෙන්නේ සතියට දවසයි” Bandula Gunawardana
අද වනවිට ලෝකයේ රටවල් රැසක් සිය වැඩිම උද්දමන අනුපාතය වාර්තා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගූණවර්ධන මහතා පවසනවා. අද පාර්ලිමේන්තු සභාව අමතමින් ඔහු කියා සිටියේ ඉතියෝපියාව වැනි රටවල ගෑස් සහ ඉන්ධන නිකුත් කරන්නේ සතියට දවසක් හෝ දෙකක් පමණක් බවයි. ලොවපුරා රටවල් මුහුණ පා ඇති උද්දමන අනුපාතයට ශ්‍රී ලංකාවද මේ වනවිට මුහුණ දෙන බවයි බන්දුල ගූණවර්ධන මහතා එහිදී කියා සිටියේ.







