බැසිල් රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර 'ඩීල්' එකක් ඇති බවත්, ඒ අනුව ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒම මේ දක්වා සති 03ක් ප්‍රමාද කිරීමට ප්‍රේමදාස මහතා විසින් කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
හෙතෙම සඳහන් කර සිටියේ 'පරණ රොටිය නැවත පෙරළීමක්' දෙදෙනා විසින් සිදු කරන බවත්, එය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හරහා සිදුව ඇති බවට තමන් විශ්වාස කරන බවත්ය.







