අනුෂා සොනලි ජීවිතයෙන් සමුගන්නට පෙර කී කතාව


හය හතර නොදැන සමාජයට අඩිය තියන සුන්දර තරුණියකට අවසානයේ වෙන්නේ දරුවෙක් එක්ක ලෝකය ඉදිරියේ තනි වෙන්න. එවැනි දරුවෙක් එක්ක තනි වුණ ගැහැනියකට මේ සමාජයේ මොන තරම් නම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවද? ඇගේ ජීවිතයේ වැරදුණ තැන් ගැන තව කෙනෙකුට කියලා දෙන “මමයි ඔබේ යෙහෙළිය” සංවිධානයේ සභාපතිනිය ද ඇයයි.

මමත් ගැහැනියක්, දරු උපතක්, විසිදැල වැනි ආන්දෝලනාත්මක චිත්‍රපට රැසක රඟපෑ ඇය ආබාධිත තත්ත්වයකට පත්ව රෝද පුටුවකට වී දිවි ගෙවනවා.

රිතූට විවාහ වෙන්න අදහසක් නැතිලු - Chat With Actress Rithu Akarsha


ඇය නමින් රිතූ ආකර්ෂා මේ දිනවල ඇයව අපිට දකින්නට ලැබෙන්නේ ඉර හඳ පායන ලෝකයේ ටෙලිනාට්‍යයේ මලිත්ති ලෙසින් වගේම මහවිරු පණ්ඩු ටෙලිනාට්‍යයේ ගුම්භකභූතා ලෙසින් රිතූගේ අලුත් තොරතුරු ටිකක් දැනගන්න ඇය හා මේ විදිහට දොඩමළු වුණා

● රිතූව මේ දිනවල දකින්න ලැබෙන්නේ?
හිරු ටීවී නාළිකාවේ විකාශනය වෙන මහවිරු පණ්ඩු ටෙලිනාට්‍යයේ ගුම්භකභූතා චරිතයෙන් වගේම ජාතික රූපවාහිනියේ විකාශනය වෙන ඉර හඳ පායන ලෝකයේ ටෙලිනාට්‍යයේ මලිත්ති චරිතයෙන් මේ දිනවල දකින්නට ලැබෙනව.ඒ වගේම තවත් ටෙලිනාට්‍ය තුනක් විකාශනය වීමට නියමිතයි.

සෙනසුරු මාරුව ඔබට සහ රටට


අප්‍රේල් 29 වැනිදා සිදුවුණ සෙනසුරු මාරුව පිළිබඳව විවිධ ජනමාධ්‍යයන් හරහා මේ වනවිට සාකච්ඡා කර තිබේ. ජීවන ගැටලු රාශියකට මැදිහත්ව සිටින අසරණ ජනතාව, මේ සෙනසුරු මාරුවෙන් වත් යහපතක් සිදුවේ දැයි හිතනවා විය හැකිය. එබැවින් මේ පිළිබඳව පසු විපරමක් කිරීම මේ ලිපියේ අරමුණයි.

මැයි මාසයේදීවත් ඔබට සුබද බලන්න - Monthly Horoscope


මේෂ ලග්නය

පොදු තත්ත්වය :-   මේෂ ලග්න හිමි ඔබගේ ලග්නාධිපති හා යෝගකාරක රවි-ගුරු මෙම මස මුල් සති දෙක තුළ දී බලයෙන් යුක්තව ගමන් කරන හෙයින් ඔබට මෙම මස මුල් දින 15 සුබපල ගෙන දෙන්නේ නමුදු අවසන් දින 15 ගැටලු ප්‍රශ්න මධ්‍යයේ සිය දෛනික කාර්යයන් කරගැනීමට සිදුවේ. එබැවින් මෙම මාසය තම අත්‍යාවශ්‍ය කටයුතු කෙරෙන්  ශුභාශුභ මිශ්‍රබවක් ගොඩනැගේ. ප්‍රීතිමත් අවස්ථාවන්ට මුල් සති දෙකේදී සම්බන්ධවීමට හැකි අතර උසස් ලෙස ප්‍රසිද්ධ ලෙස කටයුතු කිරීමට ඉඩ ලැබේ. දේපල පවා ලැබෙන්ට හේතු තිබෙන බැවින් ඒ ගැන උත්සාහවත් විය යුතුයි. ගෙදරදොර ප්‍රීතිය වාසනාව ඇති වේ. අලුත් හිතමිත්‍ර සංගම් ඇති වේ. මේ කාලයේ ඇසුරු කරන මිත්‍රයන් වැඩි වශයෙන් ක්‍රීඩාකාමී හිතුවක්කාර අය නිසාත් ඔබ ද ඒවාට නොපෙළඹෙන්න. ඔවුන් අනුකරණය නොකරන්න.   

වසර 4කට පෙර ගොනු කළ පැමිණිල්ලකට සන්නස්ගලට නොතීසි


බුදුන්ගේ ශ්‍රේෂ්ඨ නාමයට හා බුදු දහමට අපකීර්තියක් සිදු වන ආකාරයේ පොතක් මුද්‍රණය කිරීම හා බෙදා හැරීම සිදු කළේ යැයි චෝදනා මත නීතිපති උපදෙස් මත කන්දේ කපුගේ ශ්‍රීනාත් චතුරංග හා උපුල් ශාන්ත සන්නස්ගල යන අය සැකකරුවන් ලෙස නම් කර ඔවුන්ට ලබන මැයි මස 20 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (අප්‍රේල් 29) නොතීසි නිකුත් කළේ ය.

‘බුදුන්ගේ රස්තියාදුව’ නම් පොතක් මුද්‍රණය කරමින් එය බෙදා හැරීම මගින් බුදු දහමට අපකීර්තියක් හා බුදුන්ගේ ශ්‍රේෂ්ඨ නාමයට අපකීර්තියක් සිදුවී ඇති බවට 2018 අගෝස්තු මස 20 වන දින එවකට සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාශය අධිකරණය හමුවේ වාර්තා කළේ ය.

උණ්ඩියල් හා හවාලා ක්‍රමවලින් රට සල්ලි එවීමට මහ බැංකුවෙන් වැට (VIDEO)


බැංකු ක්‍රමයට පිටතින් විදෙස් මුදල් හුවමාරුව පාලනය සඳහා ඉදිරියේදී පියවර ගැනීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (අප්‍රේල් 29) පැවති මාධ්‍ය හමුවකදී ය.

උණ්ඩියල් සහ හවාලා යන ක්‍රම ඔස්සේ එලෙස විදේශ විනිමය හුවමාරු වන බව ත් එලෙස හුවමාරු වන විදේශ විනිමය අත්‍යවශ්‍ය නොවන ආනයනය සඳහා වැය කරන බවට හඳුනාගෙන ඇති බව ත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

නගර රැසක විරෝධතා දියත් වෙයි

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත්වන ලෙස බලකරමින් සමස්ත ශ්‍රී ලංකාව ආවරණ පරිදි අද (28) ක්‍රියාත්මක වූ වැඩවර්ජනයට සමගාමීව ප්‍රධාන නගරවල පැවැති විරෝධතා හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය විය. මාතර, කුරුණෑගල, මහනුවර, අනුරාධුපර, හලාවත, කෑගල්ල සහ ගම්පහ නගරවල මෙන්ම ආයෝජන ප්‍රවර්ධන කළාප පිහිටි කටුනායක සහ කොග්ගල යන ප්‍රදේශ ඇතුළු රට පුරා ප්‍රධාන නගර සහ සෙසු නගර කේන්ද්‍රකරගනිමින් විරෝධතා 1000 කට අධික සංඛ්‍යාවක් පැවැති බවත් ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයන් දැකිය හැකිවිය.

සමස්ත මහ වර්ජනය අද - සේවකයෝ ලක්‍ෂ ගණනක් වර්ජනයේ


මෑත ඉතිහාසයේ ආණ්ඩුවකට එරෙහිව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු වෘත්තීය සමිති දහසකට අධික ප්‍රමාණයක් සහ ලක්‍ෂ සංඛ්‍යාත සේවක සහභාගීත්වයෙන් අද (28 දා) සමස්ත මහා වැඩ වර්ජනයක් රට පුරා ක්‍රියාත්මක කෙරේ.


ගාලුමුදොර, අරලියගහ මන්දිරය ඇතුළු ආණ්ඩුවට එරෙහිව රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින ජන අරගලය ජයග්‍රහනය කරවීම සඳහා මෙම මහා වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙනුවෙන් රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේය.

Gossip Lanka Hot News Previous News Archive