අවුරුදු 15ක් රාජපක්ෂලා එක්ක තිබුණ සම්බන්ධය අදින් අවසන් - Jeevan Thondaman


රාජපක්ෂවරු සමග වසර 15ක් පැවති සම්බන්ධය අදින් අවසන් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

ජිවන් තොණ්ඩමන් මහතා මේ බව කියා සිටියේ අද (01) දිනට යෙදි ඇති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන්, ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින සැමරුම් උත්සවය අමතමිනි.

දේවාලය වැසී යයි - ඥානක්කා අතුරුදන්


මෙතෙක් ලංකාවේ පැවැති සෑම ආණ්ඩු විරෝධී අරගලවලදී කියැවුණේ දේශපාලනයට සම්බන්ධ සටන් පාඨය. නැතිනම් දේශපාලනඥයන්ගේ නම්ය. එනමුත් ඉතිහාසයේ මුල් වතාවට සාත්තරකාරියකගේ නමක් ආණ්ඩුව ගෙදර යවන විරෝධතාවකදී රට පුරා සෑම මුවකින්ම කියැවේ. ඒ නම ඥානාය. ‘ඥානා අක්කා’ එසේ නැතිනම් ‘ඥාන මෑණි’ ගැන එල්ල වන මේ චෝදනාවලට ඇගේ පාර්ශ්වයෙන් උත්තර දැන ගැනීමට අපි බොහෝ උත්සාහ කළෙමු. අනුරාධපුරයේ ඇගේ දේවාලයට ගියද දෙවියන් වෙනුවට ඇගේ ආරක්ෂාවට දැන් එහි ඉන්නේ පොලිස් භටයෝය. මේ ඥානා මෑණිගේ දේවාලයට ගිය ලියුම්කරුගේ අත්දැකීම්ය.

අනුෂා සොනලි ජීවිතයෙන් සමුගන්නට පෙර කී කතාව


හය හතර නොදැන සමාජයට අඩිය තියන සුන්දර තරුණියකට අවසානයේ වෙන්නේ දරුවෙක් එක්ක ලෝකය ඉදිරියේ තනි වෙන්න. එවැනි දරුවෙක් එක්ක තනි වුණ ගැහැනියකට මේ සමාජයේ මොන තරම් නම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවද? ඇගේ ජීවිතයේ වැරදුණ තැන් ගැන තව කෙනෙකුට කියලා දෙන “මමයි ඔබේ යෙහෙළිය” සංවිධානයේ සභාපතිනිය ද ඇයයි.

මමත් ගැහැනියක්, දරු උපතක්, විසිදැල වැනි ආන්දෝලනාත්මක චිත්‍රපට රැසක රඟපෑ ඇය ආබාධිත තත්ත්වයකට පත්ව රෝද පුටුවකට වී දිවි ගෙවනවා.

රිතූට විවාහ වෙන්න අදහසක් නැතිලු - Chat With Actress Rithu Akarsha


ඇය නමින් රිතූ ආකර්ෂා මේ දිනවල ඇයව අපිට දකින්නට ලැබෙන්නේ ඉර හඳ පායන ලෝකයේ ටෙලිනාට්‍යයේ මලිත්ති ලෙසින් වගේම මහවිරු පණ්ඩු ටෙලිනාට්‍යයේ ගුම්භකභූතා ලෙසින් රිතූගේ අලුත් තොරතුරු ටිකක් දැනගන්න ඇය හා මේ විදිහට දොඩමළු වුණා

● රිතූව මේ දිනවල දකින්න ලැබෙන්නේ?
හිරු ටීවී නාළිකාවේ විකාශනය වෙන මහවිරු පණ්ඩු ටෙලිනාට්‍යයේ ගුම්භකභූතා චරිතයෙන් වගේම ජාතික රූපවාහිනියේ විකාශනය වෙන ඉර හඳ පායන ලෝකයේ ටෙලිනාට්‍යයේ මලිත්ති චරිතයෙන් මේ දිනවල දකින්නට ලැබෙනව.ඒ වගේම තවත් ටෙලිනාට්‍ය තුනක් විකාශනය වීමට නියමිතයි.

සෙනසුරු මාරුව ඔබට සහ රටට


අප්‍රේල් 29 වැනිදා සිදුවුණ සෙනසුරු මාරුව පිළිබඳව විවිධ ජනමාධ්‍යයන් හරහා මේ වනවිට සාකච්ඡා කර තිබේ. ජීවන ගැටලු රාශියකට මැදිහත්ව සිටින අසරණ ජනතාව, මේ සෙනසුරු මාරුවෙන් වත් යහපතක් සිදුවේ දැයි හිතනවා විය හැකිය. එබැවින් මේ පිළිබඳව පසු විපරමක් කිරීම මේ ලිපියේ අරමුණයි.

මැයි මාසයේදීවත් ඔබට සුබද බලන්න - Monthly Horoscope


මේෂ ලග්නය

පොදු තත්ත්වය :-   මේෂ ලග්න හිමි ඔබගේ ලග්නාධිපති හා යෝගකාරක රවි-ගුරු මෙම මස මුල් සති දෙක තුළ දී බලයෙන් යුක්තව ගමන් කරන හෙයින් ඔබට මෙම මස මුල් දින 15 සුබපල ගෙන දෙන්නේ නමුදු අවසන් දින 15 ගැටලු ප්‍රශ්න මධ්‍යයේ සිය දෛනික කාර්යයන් කරගැනීමට සිදුවේ. එබැවින් මෙම මාසය තම අත්‍යාවශ්‍ය කටයුතු කෙරෙන්  ශුභාශුභ මිශ්‍රබවක් ගොඩනැගේ. ප්‍රීතිමත් අවස්ථාවන්ට මුල් සති දෙකේදී සම්බන්ධවීමට හැකි අතර උසස් ලෙස ප්‍රසිද්ධ ලෙස කටයුතු කිරීමට ඉඩ ලැබේ. දේපල පවා ලැබෙන්ට හේතු තිබෙන බැවින් ඒ ගැන උත්සාහවත් විය යුතුයි. ගෙදරදොර ප්‍රීතිය වාසනාව ඇති වේ. අලුත් හිතමිත්‍ර සංගම් ඇති වේ. මේ කාලයේ ඇසුරු කරන මිත්‍රයන් වැඩි වශයෙන් ක්‍රීඩාකාමී හිතුවක්කාර අය නිසාත් ඔබ ද ඒවාට නොපෙළඹෙන්න. ඔවුන් අනුකරණය නොකරන්න.   

වසර 4කට පෙර ගොනු කළ පැමිණිල්ලකට සන්නස්ගලට නොතීසි


බුදුන්ගේ ශ්‍රේෂ්ඨ නාමයට හා බුදු දහමට අපකීර්තියක් සිදු වන ආකාරයේ පොතක් මුද්‍රණය කිරීම හා බෙදා හැරීම සිදු කළේ යැයි චෝදනා මත නීතිපති උපදෙස් මත කන්දේ කපුගේ ශ්‍රීනාත් චතුරංග හා උපුල් ශාන්ත සන්නස්ගල යන අය සැකකරුවන් ලෙස නම් කර ඔවුන්ට ලබන මැයි මස 20 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (අප්‍රේල් 29) නොතීසි නිකුත් කළේ ය.

‘බුදුන්ගේ රස්තියාදුව’ නම් පොතක් මුද්‍රණය කරමින් එය බෙදා හැරීම මගින් බුදු දහමට අපකීර්තියක් හා බුදුන්ගේ ශ්‍රේෂ්ඨ නාමයට අපකීර්තියක් සිදුවී ඇති බවට 2018 අගෝස්තු මස 20 වන දින එවකට සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාශය අධිකරණය හමුවේ වාර්තා කළේ ය.

උණ්ඩියල් හා හවාලා ක්‍රමවලින් රට සල්ලි එවීමට මහ බැංකුවෙන් වැට (VIDEO)


බැංකු ක්‍රමයට පිටතින් විදෙස් මුදල් හුවමාරුව පාලනය සඳහා ඉදිරියේදී පියවර ගැනීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (අප්‍රේල් 29) පැවති මාධ්‍ය හමුවකදී ය.

උණ්ඩියල් සහ හවාලා යන ක්‍රම ඔස්සේ එලෙස විදේශ විනිමය හුවමාරු වන බව ත් එලෙස හුවමාරු වන විදේශ විනිමය අත්‍යවශ්‍ය නොවන ආනයනය සඳහා වැය කරන බවට හඳුනාගෙන ඇති බව ත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

Gossip Lanka Hot News Previous News Archive