නගර රැසක විරෝධතා දියත් වෙයි

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත්වන ලෙස බලකරමින් සමස්ත ශ්‍රී ලංකාව ආවරණ පරිදි අද (28) ක්‍රියාත්මක වූ වැඩවර්ජනයට සමගාමීව ප්‍රධාන නගරවල පැවැති විරෝධතා හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය විය. මාතර, කුරුණෑගල, මහනුවර, අනුරාධුපර, හලාවත, කෑගල්ල සහ ගම්පහ නගරවල මෙන්ම ආයෝජන ප්‍රවර්ධන කළාප පිහිටි කටුනායක සහ කොග්ගල යන ප්‍රදේශ ඇතුළු රට පුරා ප්‍රධාන නගර සහ සෙසු නගර කේන්ද්‍රකරගනිමින් විරෝධතා 1000 කට අධික සංඛ්‍යාවක් පැවැති බවත් ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයන් දැකිය හැකිවිය.

සමස්ත මහ වර්ජනය අද - සේවකයෝ ලක්‍ෂ ගණනක් වර්ජනයේ


මෑත ඉතිහාසයේ ආණ්ඩුවකට එරෙහිව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු වෘත්තීය සමිති දහසකට අධික ප්‍රමාණයක් සහ ලක්‍ෂ සංඛ්‍යාත සේවක සහභාගීත්වයෙන් අද (28 දා) සමස්ත මහා වැඩ වර්ජනයක් රට පුරා ක්‍රියාත්මක කෙරේ.


ගාලුමුදොර, අරලියගහ මන්දිරය ඇතුළු ආණ්ඩුවට එරෙහිව රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින ජන අරගලය ජයග්‍රහනය කරවීම සඳහා මෙම මහා වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙනුවෙන් රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේය.

එක පවුලක් මාස 30කින් රටක් බංකලොත් කළ හැටි බ්ලූම්බර්ග් කියයි


එක පවුලක් මාස 30කින් රටක් බංකලොත් කළ හැටි යනුවෙන් ලෝකප්‍රකට බ්ලූම්බර් ග් සඟරාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර් තාවක් ප්‍රකාශයට පත්කර තිබේ.

භූමිතෙල් පෝලිමක පැය 5ක් රැඳී සිටි පුද්ගලයෙක් නිවසේදී මිය ගිහින්


භූමිතෙල් මිල දී ගැනීම සඳහා හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසල පැය 5කට අධික කාලයක් පෝලිමේ රැඳී සිටි ව්‍යාපාරිකයෙකු අද (අප්‍රේල් 27) දින අලුයම ඔහු පදිංචි නිවසේදී මියගොස් ඇති බව හැටන් පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන්, දුඹුරුගිරිය පාරේ පදිංචි 55 හැවිරිදි දෙදරු පියෙකි.

ආණ්ඩුව පෙරළන්න බැරි බැසිල්-සජිත් ඩීල් නිසා - වාසුදේව නානායක්කාර


බැසිල් රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර 'ඩීල්' එකක් ඇති බවත්, ඒ අනුව ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒම මේ දක්වා සති 03ක් ප්‍රමාද කිරීමට ප්‍රේමදාස මහතා විසින් කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

හෙතෙම සඳහන් කර සිටියේ 'පරණ රොටිය නැවත පෙරළීමක්' දෙදෙනා විසින් සිදු කරන බවත්, එය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හරහා සිදුව ඇති බවට තමන් විශ්වාස කරන බවත්ය.

පාර්ලිමේන්තුවට නොගිය එක හොඳයි කියලා හිතනවා - Oshadhi Hewamadduma


කාලයකට පසුව රංගනයෙන් හමුවන ඕෂධි එක්ක අපි  විස්තර කතා කරමු.

ඕෂධි, කොහොමද ජීවිතේ?

මේ දිනවල ටිකක් විතර කාර්යබහුලයි, අවුරුදු උත්සව සහ ඒ හා සම්බන්ධවූ වැඩසටහන් නිසා.

ඒ ගැන විස්තර කළොත්?

සිංහල අවුරුදු කාලයට විකාශය කරවීම වෙනුවෙන්, කලාකරුවෝ එකතු කරගෙන රූපවාහිනී නාලිකා වලින් අවුරුදු උත්සව සංවිධානය කරනවනෙ. ඉතින් අපි ඒවා බොහොම ගෞරවයෙන් බාර අරගෙන, මම පවුලේ අයත් එක්ක ඒවාට සහභාගී වෙනවා.

සපත්තු ජෝඩුව 3000යි, පොත් බෑගයක් 3000යි


පොත්පත් – නිල ඇඳුම් මිලත් නැඟලා දරුවන් පාසල් යැවීමත් මහ බරක්

රුපියල් එක්දහස් පන්සීයට තිබූ පාසල් සපත්තු ජෝඩුවක මිල රුපියල් තුන්දහසක් දක්වා ඉහළ නංවා ඇතැයි සමස්ත ලංකා කුඩා හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා  ඊයේ (26 වැනිදා) පැවැසීය.

මීට අමතරව රුපියල් 1500ට තිබූ පාසල් බෑගය මේ වනවිට රුපියල් 3000ක් දක්වා මිල වැඩිකර ඇතැයි ද හෙතෙම කීවේය.

අනුර ළඟ තියෙන ෆයිල් හෙට අනිද්දාම එළියට


රටේ මහ පරිමාණයෙන් වංචා දූෂණ කළ ප්‍රබල දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන්ගේ,  ෆයිල් තොගය අද හෙට  මාධ්‍යයට අනාවරණය කරන බව ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි  අනුර කුමාර  දිසානායක  අවධාරණය කළේය.

ඇතැම්  පිරිසක් තමා හොරුන්ගේ ෆයිල් ළඟ තබාගෙන සිටින බවට කරන චෝදනාවට පිළිතුරු දෙමින් තමා මේ පිළිබඳව  පියවර ගන්නා බව මන්ත්‍රිවරයා  පැවැසීය.  ඊයෙ (26දා) පක්ෂ  මූලස්ථානයේ  පැවැති මාධ්‍ය  හමුවේදී  මාධ්‍යවේදියකු විසින්  මේ පිළිබඳ විමසූ අවස්ථාවේ ඔහු මේ බව පැවැසීය.

Gossip Lanka Hot News Previous News Archive