පාර්ලිමේන්තු අසල ඇති වැටේ වනන්න යට ඇඳුමක් අරන් එන්න


 "ජනතාවට යට ඇඳුම් අන්දන ලැජ්ජානැති ආණ්ඩුවට යට ඇඳුමකින් විරෝධය පාමු" යන මැයෙන් විරෝධතාවක් හෙට පාර්ලිමේන්තුව අසල දී සංවිධානය කර තිබෙනවා.

අලි සබ්‍රිගේ ජීප් රියේ ගැටී තිදරු පියා මරුට

මුස්ලිම් ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහිම් මහතා ගමන් ගනිමින් සිටි සුඛෝපභෝගි ජීප් රථයේ ගැටුණු තිදරු පියෙකු ඊයේ (4දා) රාත්‍රියේ මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පුත්තලම මනතිව් ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු පියකු වු සිමියොන් බෙනඩික් නික්ෂන් නැමති වතු කම්කරුවකු ලෙස සේවයක කරමින් සිටි අයකු බව කියයි.

රංජිත් සියඹලාපිටිය යළිත් නියෝජ්‍ය කතානායක ධුරයට


පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත්විය.

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය (පොපෙ)සහ පත් කළ මන්ත්‍රී  ඉමිතියාස් බාකිර්(සජබ) මහත්වරුන්ගේ නම් යෝජනා කෙරුණු අතර ඒ අනුව නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම සඳහා ඡන්දයක් පැවැත්විණි.

රංජිත් සියඹලාපිටිය මහතාට ඡන්ද 148   ක්ද ඉමිතියාස් බාකීර් මාකර් මහතාට ඡන්ද 65 ලැබිණි.

යෝෂිත රාජපක්ෂගෙ නඩුවට නලින්දගෙන් උදව්


අගමැති පුත් යෝෂිත රාජපක්ෂපක්ෂයේ දේපළ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විසින් සිදු කළ හෙළිදරව් කිරීම්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට නිවේදනයක් නිකුත් කළ යෝෂිත රාජපක්ෂට අධිකරණයට පැමිනෙන විට සූදානම් වී එන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් කරුණු කිහිපයක් මතක් කර දී තිබේ.

සමගි ජන බලවේගයේ අසමගිය දුරදිග යයි


මැයි දින පෙළපාළියේදී සහ රැලියේදී අඩුපාඩු සිදුවූ බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට එහි මන්ත්‍රිවරුන් කිහිපදෙනකු ඊයේ (03දා) සහභාගි වී නොමැති බව වාර්තා වේ.

ගයන්ත කරුණාතිලක, රෝහිණි කවිරත්න, හෙක්ටර් අප්පුහාමි, කාවින්ද ජයවර්ධන, හේෂා විතාන, චමින්ද විජේසිරි යන මන්ත්‍රිවරුන් පිරිසක් ඇතුළත් බවද වාර්තා වේ. එසේම මෙම කණ්ඩායම් රැස්වීමට සහභාගි වූ මන්ත්‍රිවරුන් කිහිපදෙනකු මැයි දින සංවිධාන කටයුතුවලට එරෙහිව අදහස් පළ කොට ඇති බවද සඳහන් වේ.

හම්බන්තොට රෝහලෙනුත් ගසා කාලා : ඕස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණයක් !


ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සමාගමක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණයට අදාළව සිදුකරන විමර් ශනයක් තුළදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදී සිදුවූ බව කියන දූෂිත ගණුදෙනු පිළිබඳවද තොරතුරු හෙළි වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය මේ පිළිබඳව දිර්ඝ විස්තරයක් ඉදිරිපත් කර තිබේ. එස්ට්‍රේලි ඇස්පෙන් මෙඩිකල් සමාගම සම්බන්ධයේ පෞද්ගලික ආරක්ෂක උපකරණ කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් වූ දූෂණයක් සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදුකර තිබේ.

මල්වතු මහනාහිමිගෙන් දේශපාලනඥයන්ට තහංචියක්


කිසිදු දේශපාලනඥයෙකුට තමන් වහන්සේව බැහැදැකීම සඳහා අවසර ලබානොදීමට මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් තීරණය කර තිබේ.

ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලාගේ පූර්ණ එකඟතාව මත පවතින අර්බුදයෙන් රට මුදවාගැනීම පිණිස තාවකාලිකව සර්ව පක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් කර ජනපති, අගමැති හා පක්ෂ නායකයින් වෙත පසුගියදා ලියවිල්ලක් ඉදිරිපත් කළේය.

ආහාර ගන්න ඉන්දියාව දුන් ඩොලර්වලින් ආණ්ඩුව යකඩ ගෙන්වයි


ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඉන්දියාව විසින් ලබාදෙන ලද ඇමෙරිකන් ඩොලර් බිලියනයක ණය සහනාධාරය යොදා ගනිමින් ඉන්දියාවෙන් යකඩ ගෙන්වීමට රජය තීරණය කර ඇත.

 මෙම ඩොලර් බිලියනයෙන් ඩොලර් මිලියන 250 ක් දැනටමත් වියදම් වී අවසන්ව තිබේ. ඉතුරු ඩොලර් මිලියන 750 යොදාගෙන මෙරටට යකඩ සහ වානේ ගෙන්වීමට නියමිතය.

Gossip Lanka Hot News Previous News Archive