මූල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීමට සාකච්ඡා


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති බව අගමැති මාධ්‍ය අංශය පවසයි.මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාර ගත්තේය.

රටේ සියලු ප්‍රශ්න විසඳනවා - අගමැති රනිල්


ගෝඨාගෝගම විරෝධතා තවදුරට ත් පවත්වාගෙන යාමට ඉඩ දෙන බව නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අරගලකරුවන්ට අත තැබීමට පොලිසියට ඉඩ නොදෙන බව ද ඔහු සඳහන් කළේ ය.

නව අගමැති ලෙස රනිල් දිවුරුම් දෙයි


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු වී ඇත. වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා වන්නේ 06 වන වතාවටයි.

මහින්ද ත්‍රි මලේ නාවික හමුදා කඳවුරේ බව නාවික හමුදාපති පිළිගනී


හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා පවුලේ සාමාජිකයින් ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුරේ ආරක්ෂාකාරීව පසු වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න අද (11) පැවසීය. ඒ අද රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ බත්තරමුල්ලේ ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

''හරි දුකයි මෙහෙම වෙනකොට.'' - ඉරාජ් වීරරත්න


දේශපාලන හා සංගීත පෙරලියක් ඇති කළ ඉරාජ් වීරරත්නගේ කිරුළපන පිහිටි නිවසට ඊයේ (10) දින යම්කිසි පිරිසක් විසින් ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අමරකීර්ති අතුකෝරල මරණය ඝාතනයක්


පෙරේදා (09) පස්වරුවේ නිට්ටඹුවේ සිදුවූ සිදුවීමකින් අනතුරුව මරණයට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරලගේ මරණය මුලින් ‘සියදිවිනසාගැනීමක්‘ ආකාරයට අර්ථ නිරූපණය කරමින් වාර්තා පළවුවද ඒ සම්බන්ධ සිදුකළ  පශ්චාත් මරණ පරීක්ෂණය අනුව එය පහරදීමකින් කළ ඝාතනයක් බවට කරුණු හෙළිවී ඇත.

ගීතා කුමාරසිංහගේ නිවසටත් ප්‍රහාරයක්


සිනමා නිළි හා හිටපු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ නිවසට ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඇයගේ වාහන දෙකක්ද ගිනිබත් කර ඇති අතර නිවසේ ජනෙල් වීදුරු බිද දමා ගල් ගසා ගිනි අවුළුවා අලාබ කර ඇත.

නිශ්ශංක සේනාධිපතිට රැඳවියෝ දීපු හැටි මෙන්න


වටරැක බන්ධනාගාර වැඩ කඳවුරෙන් වැඩ සහන ක්‍රමයට යොමු කර තිබු රැඳවියන් 58 දෙනෙකු ඊයේ ඇතිවු කලහාකාරී සිදුවීම් අතරතුර පැන ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පවසනවා .

පොලිස් වෙඩි තැබීමකින් තරුණයෙකු රෝහලේ


අංගොඩ හංදියේදී බස් රථයකට ගිනි තැබූ පිරිසක් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ටද පහරදී පොලිස් ජිප් රථයට ගිනි තැබීමට සූදානම් වූ අවස්ථාවේදී පොලීසිය අද පස්වරුවේ කළ වෙඩි තැබීමකින් එක් අයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට වාර්තා වේ.

තංගල්ල රාජපක්ෂ පිළිරුවට හානි කරයි


තංගල්ල නගරයට එක්වූ විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (10දා) එහි පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට හානි සිදු කළහ. තංගල්ල, මහවෙල පාරේ කාල්ටන් නිවසට යාබදව ස්ථාපිත කර තිබූ ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව විරෝධතාකරුවන් විසින් මෙලෙස කඩා බිම දමා තිබේ.

ඉරාජ්ගේ නිවසට ප්‍රහාරයක්


සංගීත නිෂ්පාදක ඉරාජ් වීරරත්නගේ නුගේගොඩ පිහිටි පස් මහල් නිවසට නාඳුනන පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ. 

දේශපාලඥයන්ගේ නිවාස ගිනි තියයි


දිවයිනේ නගර රැසක දී දේශපාලඥායන් ගමන් ගත් මෝටර් රථවලට සහ දේශපලනඥයන්ගේ නිවෙස්වලට ගිනි තබා ප්‍රහාර එල්ල කර තිබේ.

රටම ගිණිතබා මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වේ


අද උදේ අරලියගහ මන්දිරයේ සිට රාජපක්ෂ මැරයන් යොදවා සාමකාමී විරෝධතාවලට පහරදීමෙන් පසුව රට පුරා ඇති වූ විරෝධතා හමුවේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිට යොමු කර තිබේ.

ගෑස් මිලදී ගන්න පෝලිම්වල ඉන්න එපා - ලිට්‍රෝ සමාගමේ සභාපති


ගෑස් හිඟය නිසා, දැනට කර්මාන්ත සඳහා පමණක් ගෑස් සපයන බැවින්, ගෘහස්ථ ගෑස් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස, ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

අගමැති මහින්ද විරෝධතා මැද අනුරාධපුරයට


අගමැති මහින්ද රාජපක්ෂ අද (08) පෙරවරුවේ අනුරාධපුර අටමස්ථාන පුදබිමට ආශිර්වාද ලබා ගැනීම සඳහා ගොස් තිබෙනවා.

Galadari Hotel - අරගලය කරදරයක් කියූ ගලදාරි හෝටලය වැඩ වරද්ද ගනී


ගාලු මුවදොර ආසන්නයේ පැවැත්වෙන ගෝඨාගෝගම විරෝධතාව නිසා ඒ ආසන්නයේ පිහිටි ජාත්‍යන්තර සංචාරකයින්ගේ ආකර්ෂණය දිනූ තරු පහේ හෝටල ගණනාවකට මේ කාලයේ යම් යම් අවහිරතා මතුවූ බව රහසක් නොවන්නේය.

ඉතිහාසයේ දැවැන්තම භික්ෂු රැලිය හෙට කොළඹ දී


ජාතික භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන අසූව දශකයෙන් පසුව පැවැත්වෙන දැවැන්තම භික්ෂු විරෝධතා රැලිය හෙට (07) සවස 03ට කොළඹ හයිඩ් පිටියේදී පවත්වන බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ පවති.

වැඩි දුරටත් කරුනු පැහැදිලි කළ උන් වහන්සේ පැවසුවේ, දිවා රෑ සිදුකරණ මහජන විරෝධය ශක්තිමත් කිරීම සඳහා භික්ෂුවට ඇති කාර්ය භාර්යය හදුනාගත් ජාතික භික්ෂු පෙරමුණ මහානායක හිමිවරුන්, අනුනායක හිමිවරුන් සියලුම නායක පාර්ශවයන් සහබාගී කරගෙන මෙම භික්ෂු විරෝධතාවය පවත්වන බවය.

දුමින්ද සිල්වා සිංගප්පූරු යන්න ගුවන් යානයට ගොඩවෙයි


නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා සිංගප්පූරුව බලා පිටත්ව යාම සදහා මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය නැවතත් ඉල්ලා අස්වෙයි


ඊයේ තේරී පත් වූ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර තිබෙනවා.

ඊයේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා පැවති ඡන්ද විමසීමේදී ඔහුට පක්ෂව ඡන්ද 148ක් හිමිවුණා.

මීට පෙර ද නියෝජ්‍ය කතානායක ධුරයේ කටයුතු කළ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව මීට සති දෙකකට පමණ පෙර ජනාධිපතිවරයාට දන්වා ලිපියක් යොමුකර තිබුණා.

69 වසරකට පසු කෙරෙන හර්තාලය අද


ජන පීඩක ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බලකරමින් ක්‍රියාත්මක කෙරෙන දීපව්‍යාප්ත දැවැන්ත එක් දින වැඩ වර්ජනය සහ හර්තාල් ව්‍යාපාරය වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන දෙදහසකට වැඩි ප්‍රමාණයක සහභාගිත්වයෙන් අද (06දා) ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive