රජරට වැව් 14 ක් වාන් දමයි

අද උදෑසන වන විට වැව් 14ක වාන් දොරටු විවෘත කිරීමට සිදු වූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසී ය.
ඊයේ දිනයේ ඇදහැලුණු වර්ෂාවත් සමඟ කලා වැවේ වාන් දොරටු සියල්ල යළි විවෘත කර තිබේ.කලා වැවේ වාරිමාර්ග ඉංජිනේරු එම්.ආර්. බණ්ඩාර මහතා පැවසූවේ, අවට ජල පෝෂිත ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් තත්ත්පරයට ජලය ඝන අඩි 4989ක් වැවට එක්වන බවය.අඩි 4 බැගින් විවෘත කළ දොරටුවලින් නිකුත් වන ජල ධාරිතාව තත්ත්පරයට ඝන අඩි 4149කි.කලා වැවෙන් නිකුත්වන ජලය කලා ඔය හරහා රාජාංගනය ජලාශයට එක්වන අතර ඒ හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 4ක් ඊයේ යළි විවෘත කෙරිණ.

දැරිය කෙළෙසා ඝාතනය කළාට මරණ දඬුවම

දැරියක් අපයෝජනයට ලක් කර ඝාතනය කළ පුද්ගලයෙකුට ඉන්දීය අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කරනු ලැබ තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ, එරට පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගනුම ලැබූ ශිෂ්‍යාවකි.2012 වසරේ මාර්තු මස 6 වැනිදා අදාළ පුද්ගලයා විසින් එම දැරිය අපයෝජන ලක්කර ඝාතනය කර තිබේ.
විදෙස් වාර්තා පැවසූවේ, අනතුරුව ඔහු ඇයගේ රන් ආභරණ ද රැගෙන පලාගොස් ඇති බවය.මෙම සිද්ධියෙන් සතියකට පමණ පසුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

Sex මදි වී පෙම්වතාට තඩි බායි !

ෆ්ලොරිඩාහි 50 හැවිරිදි කාන්තාවක් සිය තරුණ පෙම්වතාගේ ලිංගික හැසිරීම පිළිබඳ සෑහීමකට පත් නොවීම නිසා ඔහුට අමානුෂික ලෙස පහර දෙමින් සිටියදී පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වූවාය.ජෙනී ස්කොට් නමැති සැකකාරිය සිය 32 හැවිරිදි පෙම්වතා වන ජිබෙන්ටෝ ඩීලන්ට ඇයගේ නිවෙසට පැමිණෙන ලෙස ඇරැයුම් කළාය. දුරකතනයෙන් ගිවිසගත් පරිදි ඔහු ඇය සතුටු නොකළ බැවින් කුපිත වූ ජෙනී ඇඳ මත සිටි ඩිලන්ට පොල්ලකින් පහරදී තිබේ.
තවත් එම අඩුපාඩුව සිදු කළහොත් ඔහුට යකඩ පොල්ලකින් ගසා මරණයට පත් කරන බවද ඇය පවසා තිබේ. කෙසේ වෙතත් ඇඳ මත හිඳ පුද්ගලයකුට පහර දෙන ජෙනීව දුටු වෙනත් අයකු යුහුසුලුව ෆ්ලොරිඩාහි පොලිසිය ඇමැතුවේය. පොලිසිය පැමිණෙන විටත් කාන්තාව සිය පෙම්වතාට පහර දෙමින් සිටි අතර ඇයට මාංචු දමා රැගෙන යෑමට නිලධාරීහු කටයුතු කළහ.

Facebook Love එක අහිමි වූ තරුණිය කිරිවාණ ඇල්ලට පනී

ෆේස් බුක්හි (මුහුණුපොතේ) සිටි පොළොන්නරුව ප්‍රදේශයේ ධනවත් පෙම්වතකුට පෙම් බැඳි තරුණියක් එම පෙම අහිමිවීමෙන් සිත් තැවුලට පත්ව රෙදි සෝදන කුඩු ද්‍රව්‍යයක් පානය කොට දෙණියාය කිරිවාණ ඇල්ලට පැන සියදිවි හානි කරගෙන තිබේ.පොලිසිය පැවැසුවේ එසේ මියගොස් ඇත්තේ දෙණියාය මුගුණමුල්ල කඩපොළ ප්‍රදේශයේ පදිංචි විසිදෙහැවිරිදි තරුණියක බවයි.
මෙම තරුණිය පොළොන්නරුව ප්‍රදේශයේ පෙම්වතාට අමතරව මාතර ප්‍රදේශයේ මුස්ලිම් තරුණයකු සමඟද පෙම්බැඳ සිට ඔහු අතහැර පළමු පෙම්වතා වන පොළොන්නරුව ප්‍රදේශයේ පෙම්වතා සමඟ අලුත් ජීවිතයක් ගතකිරීමට යළි සූදානම් වෙද්දී ඔහු එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇය සිත්වේදනාවට පත්වන්නට ඇති බවට පොලිසියට සැක මතු වී තිබේ.

2013 වසරට චිත‍්‍රපට පෝලිමක් ...... New Sinhala Films

" ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" Sri Siddhartha Gautama

2013 වසරේ ප‍්‍රථමයෙන්ම තිරගතවීමට නියමිත චිත‍්‍රපටය වන්නේ " ශ්‍රී සිද්ධාර්ථ ගෞතම"චිත්‍රපටයයි. සිදුහත් කුමරුවන්ගේ ජීවිත කතාව ඇසුරු කොට, සමන් වීරමන්ගේ අධ්‍යක්ෂණයෙන් යුතු එහි ඉන්දීය නළු නිළියන් රැසක් චරිත මවන චිත්‍රපටයකි.

"ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" සඳහා ඉන්දියාවෙන් සහ මෙරටින් නළු නිළියන් දායක වූ අතර, සිද්ධාර්ථ කුමරු ලෙස ගගන් මලික් ද,යශෝධරා දේවිය ලෙස අන්චල් සිං ද,මහමායා දේවිය ලෙස අංශු මලික් ද, දෙවුදත් ලෙස ගෞතම් ගුලාටි ද රංගනයෙන් දායක වූ අතර මෙරටින් රන්ජන් රාමනායක,ජීවන් කුමාරණතුංග,බුද්ධදාස විතානාච්චි, ඩග්ලස් රණසිංහ, රොෂාන් රණවන,සාරංග දිසාසේකර,ඇන්ජි පෙරේරා දායක වී ඇත. " ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" නවීන් ගුණරත්නගේ නිෂ්පාදනයකි.

ග්‍රහයන්ගේ සුබාසුබ දැන් වෙනස්‌ නොවීද?

මිහිමඬල අන් කවරදාකටත් වඩා වෙනස්‌ වී ඇත. පමණ ඉක්‌මවා උණුසුම් වී ඇත. සූර්යයාගේ ස්‌වභාවය ද වෙනස්‌ ය. විශේෂයෙන් විශ්වය තනන්නා සූර්යයා ය. සියලු ග්‍රහයන්ගේ බල දුබලතාවන් ඇතිවීමට සූර්යයාගේ කිරණය බෙහෙවින් ම බලපායි. විශේෂයෙන් කල්පයක්‌ යන කාල පරාශ්‍රයක 1/5 කොටස වසර 5125 ක්‌ බැව් පායිරා වාස්‌තු විද්‍යාඥයෝ ගණනය කරති. මේ කාල පරාශය තුළ සූර්යයාගේ රශ්මි මාලාව තුළ 13 න් ආකාර ප්‍රභාෂ්වර බවක්‌ වෙනස්‌ වෙමින් පවතින බව දැක්‌වෙයි.

එසේම ඈත අතීතයේ විසූ සෘෂිවරුන් සූර්යයාගේ හා ඔහුගේ කිරණ ශක්‌තියට (ආලෝකයට) හසුවන අනෙකුත් ග්‍රහ තාරකාවන්ගේ ගුණාංග හෙළි කොට ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රය ලොවට බිහි කරන ලදී. මේ වන විට ගත වූ වසර දහස්‌ ගණන තුළ සූර්යා තුළ හා අභ්‍යාවකාශය තුළ සිදු වූ වෙනස්‌කම් නිසා එදා පෙන්වූ ග්‍රහයන්ගේ ගුණාගුණ අද වන විට යම් අන්දමකට හෝ වෙනස්‌ වී ඇතැයි නොසිතිය හැකිද?

නිළියකට හතරදෙනකුගෙන් අමානුෂික ලෙස අතවර

තම නේවාසිකාගාරය අසල පැවැත්වූ වර්ෂාවසාන සංගීත සංදර්ශනය නරඹා අලුත් අවුරුදු දින අලුයම (1වැනිදා) ආපසු තම නේවාසිකාගාරය බලා හුදකලාව එමින් සිටි වේදිකා නාට්‍ය නිළියක පැහැරගෙන ගොස්‌ ඇයට අමානුෂික ලෙස අතවර කිරීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනා ලැබූ ගුවන් හමුදා භටයන් දෙදෙනකු, වඩු කාර්මිකයකු සහ නේවාසිකාගාර හිමියකු ජනවාරි මස 15 වැනි දින දක්‌වා රිමාන්ඩ් භාරයට පැමිණවීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.

රිමාන්ඩ් භාරයට පැමිණවූ සැකකරුවන් වූයේ ගුවන් භට ඉත්තෑපාන ලූල්බැද්දුම කුරුඳුවත්ත පදිංචි කේ. ඒ. උදිත ලක්‌මාල් ජයතිලක (26), ගුවන් භට මැදිරිගිරිය නව නගරය යාය 4 පදිංචි පී. ඩී. සුනිල් ශාන්ත (40), වඩුකාර්මික ශිල්පියකු වූ මීගමුව කිඹුලාපිටිය ගල්මන්කඩ පදිංචි එල්. බුද්ධික ප්‍රේමරත්න (32) සහ නේවාසිකාගාර හිමියකු වන කදිරාන පේෂකර්ම ගම්මානයේ පදිංචි කේ. පැට්‌රික්‌ ප්‍රනාන්දු (54) නමැත්තන්ය.

Daddy සංගීත කණ්ඩායමට විරුද්ධව වෙබ් අඩවියක් !

ලංකාවෙ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ගයාන් පෙරේරා ප්‍රමුඛ Daddy සංගීත කණ්ඩායමට, කිසියම් පුද්ගලයෙක්  විසින් ඵදරිවාදිකම් කිරීමේ අරමුණින් www.Ponna-Gayan-Perera.com නමින් වෙබ් අඩවියක්   අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
ඔවුන් චෝදනා කරන්නේ Daddy සංගීත කණ්ඩායමේ "ටිකෙන් ටික" ගීතය හරහා බුදු දහමට සිදුවූ අපහාසය වෙනුවෙන් ඔවුන් සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැද නමස්කාර ලබාගත යුතු බවයි.

Gossip Lanka Hot News Previous News Archive